• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව උදේ හවස නෑ නෑ කිව්වත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකුවලට සිදුවන පාඩුව බිලියන 97ක්! ගණන් හිලව් එක්කම එළියට එයි! I Sri Lanka Latest News

July 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නැතැයි ආණ්ඩුව පැවසුවද මෙම ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් බැංකු වලට සිදුවන පාඩුව රුපියල් බිලියන 97කට වැඩි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. Sri Lanka Latest News

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුර හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ණය ප්‍රතිව්‍යුහකරණයෙන් බැංකු වලට වන පාඩුව රුපියල් බිලියන 97කට වැඩියි.

ණය ප්‍රතිව්‍යුහකරණයෙන් බැංකු වලට බලපෑමක් නෑ කියා ආණ්ඩුව කිව්වත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ සංකල්ප පත්‍රිකා ගැඹුරින් අධ්‍යනය කළ විට ඒක බොරුවක් බව හෙලිදරව් වෙනවා. 2023.06.28 දිනැති දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම නමින් මුදල් ඇමතිවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ තුන්වන පිටුවේ දක්වා තිබෙන ආකාරයට පිය වීමට තිබෙන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල වටිනාකම ඩොලර් මිලියන 886ක් නැතිනම් රුපියල් බිලියන 272ක්. මහ බැංකුව විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ 29 පිටුව අනුව මේ බැඳුම්කර වල වටිනාකමින් 30%ක් කපා හැරෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 81.6ක ප්‍රාග්ධන කප්පාදුවක් සිදු වෙනවා.

සංවර්ධන බැඳුම්කර වලින් 85%කම අයිතිය තිබෙන්නේ මෙරට බැංකු වලට. ඒ අනුව ප්‍රාග්ධන කප්පාදුවෙන් පමණක් බැංකු වලට සිදුවන අලාභය රුපියල් බිලියන 69ක්. මීට අමතරව බැංකු විසින් රාජ්‍ය ආයතන වලට ලබා දීලා තිබෙන ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 323ක් නැතිනම් රුපියල් බිලියන 92ක්. ඒ ප්‍රමාණයෙනුත් 30%ක් කපා හරිනවා. ඒ කියන්නේ බිලියන 28ක්. බැඳුම්කර සහ ඩොලර් ණය දෙකේම ප්‍රාග්ධන කපා හැරීමෙන් පමණක් බැංකුවලට සිදුවන අලාභය රු බිලියන 97ක්. මීට අමතරව පොලියත් 35%කින් පමණ අඩු කරනවා. එයින් බැංකුවට වන අලාභය අපි ගණන් හදලා නෑ. ඒ කියන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය හරහා බැංකු වලට සිදුවන අලාභය රුපියල් බිලියන 97කට වැඩියි.

මහ බැංකුව ලොකු හැන්දෙන් බෙදා ගනියි. ජනතාවට 9%යි. මහ බැංකුවට 29%යි

මේ රටේ සිටින ලක්ෂ 190ක අර්ථ සාධක අරමුදල් කලමනාකරණය කරන්නේ මහ බැංකුවයි. වැඩිම ලාභයක් ලැබෙන සුරක්ෂිත ආයෝජන තුල ආයෝජනය කරලා අර්ථ සාධක සාමාජිකයින්ට ඉහලම පොලියක් ලබා දීම මහ බැංකුවේ වගකීමයි. මහ බැංකුව අපේ අර්ථ සාධක ගිණුම් කළමනාකරණය කරන අතරේ මහ බැංකුවේ නිලධාරින්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වා ගෙන යනවා. 2022 වසර කියන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේ ඉහළම පොලී අනුපාත වාර්තා වුණු වසර. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වල පොලී අනුපාතය 32% තරම් ඉහළ ගියා. 2022 වසරේ දී මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල් ආයෝජනය කරලා ලැබුණු ලාභයෙන් සෑම සාමාජිකයෙකුගේ ගිණුමට 29%ක පොලී ආදායමක් බැර කරලා තිබුණා. නමුත් ඒ මහ බැංකුවම කලමනාකරණය කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලේ ආදායමෙන් එහි සාමාජිකයින්ට ලබා දුන්නේ යන්තම් 9%ක පොලී ආදායමක් පමණයි. මහ බැංකුව නම් අරමුදල් දෙකම කළමනාකරණය කරන්නේ ඒ අයගේ අරමුදලෙන් 29%ක පොලියක් සාමාජිකයින්ට ගෙවද්දි රටේ ජනතාවට 9%ක සොච්චම් පොලියක් ලබා දුන්නේ ඇයි?

මහ බැංකුවේ අරමුදල් ඉහළම ප්‍රතිලාභ ලැබෙන තැන් වල ආයෝජනය කරලා ජනතාවගේ අරමුදල් අඩු ප්‍රතිලාභ ලැබෙන තැන්වල ආයෝජනය කිරීම කෙතරම් අසාධාරණ ද? සාපරාධි විශ්වාසය කඩ කිරීම කියන සිර දඬුවම් ලබා දිය හැකි වරදයි මහ බැංකු නිලධාරින් කරලා තිබෙන්නේ. මේ අසාධාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් මහ බැංකු අධිපතිතුමා විසින් රටට කළ යුතුමයි. ඒ වගේම මේ වරද යළි නොවන්න නම් මහ බැංකු නිලධාරින්ගේ අර්ථ සාධක අරමුදල් ද මහජනතාවගේ අර්ථ සාධක අරමුදල් වලටම එකතු කරලා එක අරමුදලක් ලෙස කළමනාකරණය කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.

අර්ථ සාධක අරමුදලේ ගිණුම් පරික්ෂා කලාම ඉතිහාසයේ වැඩිම ආදායම ලබලා තිබෙන්නේ 2022 දී. ඒක රුපියල් බිලියන 357ක්. නමුත් මේ ආදායම පොලී ලෙස සාමාජික ගිණුම් වලට බැර කලේ නැත්තේ ණය ප්‍රතිව්‍යුහකරණයේ දී අර්ථ සාධකේ බිලි දීමට ආණ්ඩුව මුල ඉඳන්ම සැලසුමක හිටියා කියන සාධාරණ සැකය මතු වෙනවා.

– Media unit

SendShareShare
Previous Post

මහජනතාවට බලන්න විවෘත කරපු ‌පේරාදෙණි කැම්පස් එකට වෙච්ච දේ? I Sri Lanka Latest News

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් EPF එකෙන් ට්‍රිලියන 12ක් (කෝටි ලක්ෂ 12ක්) කැපෙනවා! ආචාර්ය නිෂාන් ද මෙල් බය හිතෙන හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.