පසුගිය ජුලි 01 වැනිදා පේරාදෙණිය සරසවි භුමිය මහජතනාව සඳහා විවෘත වූ අතර මෙම මනරම් විශ්ව විද්‍යාල පරිශ්‍රය දැක බලා ගැනීමට බොහෝ ජනකායක් පැමිණියා. බොහෝදෙනා මෙම අවස්ථාව අගය කර තිබුණා. කෙසේවෙතත් අවාසනාවන්ත ලෙස මෙසේ පැමිණි සුළු පිරිසක් විශ්ව විද්‍යාල පරිශ්‍රය අපවිත්‍ර කරමින් වගකීම් විරහිතව හැසිරුණු ආකාරය පිළිබඳව ද සටහන් හුවමාරු වී තිබුණා. Sri Lanka Latest News
මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාල භුමිය මහජනතාව විනාශ කර තිබු ආකාරය බවට නොමඟ යවන සුළු ඡායාරූප සටහන් පෙළක් ද සංසරණය වී තිබිණි.
සමාජ මාධ්‍ය සටහන් :
“මහජනතාවට නැරඹීමට දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ” යන තේමාව යටතේ හුවමාරු වූ එවැනි ඡායාරූප එකතුවක් මෙලෙසින්.

එම සටහනම හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් මෙතනින්
බැලු බැල්මටම මෙහි ඇතැම් සේයාරූ පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නොවන බව පෙනුණ ද පසුගිය දා ලෙස මෙම භූමියට ඇතුළුවීමට මහජනතාවට අවසර ලැබී තිබු බැවින්, මෙහි සත්‍යතාවය පිළිබඳව ඇතැමුන් විමසා තිබුනේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80ක් පිරීම නිමිත්තෙන්, මෙසේ සරසවි භුමිය ඇතුළු පීඨ නවයම මහජනතාව සඳහා විවෘත කිරීමට විශ්ව විද්‍යාල ඉහළ කළමණාකාරිත්වය කටයුතු කර තිබුණා. එම අවස්ථාවට දහස් සංඛ්‍යාත ජනකායක් පැමිණි ආකාරය පිලිබඳ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
එසේම මහජන දිනයෙන් පසු තම අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති පවසා සිටියේ ලක්ෂ දෙකකට ආසන්න ජනකායක් මෙම පරිශ්‍රයට පැමිණි බවයි. එම කටයුතු සාර්ථකව නිමවූ අතර කිහිප දෙනෙකු හැර බොහෝ දෙනෙක් වගකීමෙන් කටයුතු කළ බවත්, ඉතා සුළු පිරිසක් පමණක් වගකීමකින් තොරව හැසිරුණු බවත් ඔහු පවසුවා. එම අදහස් දැක්වීම මෙතනින්.
මේ හේතුවෙන් අප ඉහත සමාජ මාධ්‍ය සටහන්හි දැක්වූ ඡායාරුප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුනේ මෙහි පිහිනුම් තටාකයේ සහ ගොඩනැගිල්ලක් ඇතුළත ඡායාරූප දෙකම, 2022 ජුලි මාසයේ දී අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ ලබාගත් ඡායාරුප දෙකක් බවයි.
තුන්වන ඡායාරූපයේ දැක්වෙන්නේ මහජන දිනයෙදී ඉතා විශාල පිරිසක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බාර් පාලම මත රැඳී සිටි අවස්ථාවක් වන අතර සිව්වන සේයාරුව ද එම පේරාදෙණිය සරසවි පරිශ්‍රයේම මාර්ගයකි.
එම ඡායාරුප දෙක ඇතුළු තවත් ඡායාරූප සමඟ හුවමාරු වූ සටහන් කිහිපයක් මඟින්ම පෙන්වා දී තිබුනේ සුන්දර සරසවි භුමියේ නැතින් තැන පොලිතින් දමාගොස් තිබු ආකාරය සහ පරිසරය විනාශ කරමින් වගකීමෙන් තොරව ඇතැම් පිරිස් හැසිරුණු ආකාරයයි. එවැනි සටහනක් මෙතනින් සහ මෙතනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Conclusion (අවසාන නිගමනය) :
මීට වසරකට පෙර, 2022 ජුලි මස, අරගලකරුවන් විසින් ජනපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ දී පිහිනුම් තටකයේ සහ ජනපති මන්දිරය ඇතුළත දී ලබාගත් ඡායාරුප දෙකක් ද සමඟ විශාල ජනගඟක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහජන දිනයේ දී එම භූමියට පැමිණි අවස්ථාවේ ලබාගත් සේයාරු ද සමඟ හුවමාරු වූ සටහනකි.










