• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අමෙරිකාව ‌දොර වහපු හමුදා ‌ලොක්කෝ

February 23, 2020
in News, Politics, Uncategorized
Reading Time: 6 mins read
A A
අමෙරිකාවෙනුත් නිවේදනයක්
Share on WhatsAppShare on Facebook

අතිගරු නෙල්සන් මැන්ඩෙලා, දකුණු අප්‍රිකාවේ පළමු වැනි ජනාධිපති ගැන ලොව හතර වටේ නොදන්නා කෙනෙක් නැති තරම්. 1994 සිට 1999 දක්වා වසර 5ක් දකුණු අප්‍රිකාවේ පළමු වැනි ජනාධිපතිව සිටි මැන්ඩෙලා, වසර 30කට අධික කාලයක් පුරා සිපිරි ගෙට යැවූ කළු ජාතික විප්ලවවාදියෙක්. දකුණු අප්‍රිකාව පාලනය කළ බටහිර සුදු ජාතීන්ගේ අසාධාරණකම් හමුවේ නිර්භීතව සටන් වැදුණු නෙල්සන් මැන්ඩෙලා, ‘අප්‍රිකානු ජාතික කොංග්‍රසය’ බිහි කරමින් විප්ලවවාදී අරගල රැසක නිරත වූයේය. නෙල්සන් මැන්ඩෙලා විසින් මෙහෙය වූ අරගල සහ සාම ක්‍රියාවලිය හේතුවෙන් ඔහුට 1993 වසරේදී නොබෙල් සාම ත්‍යාගය පවා හිමි වුණේය.
පසුකාලයකදී ඔහුට කුමන ගරු සම්මාන හෝ ගරු නම්බු නාම ලැබුණත්, නෙල්සන් මැන්ඩෙලා යනු ඇමෙරිකාවට ‘වහ කදුරු’ වගේ මිනිහෙක්. නිකම්ම නෙවෙයි, මැන්ඩෙලා යනු ඇමෙරිකාවට භයානක ත්‍රස්තවාදියෙක්, එහෙමත් නැත්නම් ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙහෙය වූ, මානව හිමිකම් උල්ලංඝනය කරපු ත්‍රස්තවාදී නායකයෙක්. මේ නිසාම ඇමෙරිකාව පැත්ත පළාතක එන්න මැන්ඩෙලාට තහනම් කළා. ඒ 1988 වසරේදී. ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම් 52 අතරට, මැන්ඩෙලාගේ ‘අප්‍රිකානු ජාතික කොංග්‍රසයත්’ අයත් වුණා. 1988 වසරේදී පැනවූ එම තහනම 2008 වසර දක්වා වසර 20ක් පුරා බලගැන්වී තිබුණා. ඒ කියන්නේ නෙල්සන් මැන්ඩෙලාට ඇමෙරිකාව පැත්ත පළාතකවත් පස් පාගන්න බැහැ. නෙල්සන් මැන්ඩෙලාගේ නමත් මෙම ත්‍රස්තවාදී නම් ලැයිස්තුවට ඇතුළත්ව තිබුණා.
කොහොම හරි 1988 වසරේ මේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කරලා වසර 2ක් ගතවුණා. එවකට ඇමෙරිකානු ජනාධිපති රොනල්ඞ් රීගන් විසින් මෙම තහනම පනවනු ලැබුවා. ඒත් 1990 වන විට නෙල්සන් මැන්ඩෙලා වසර 30කට ආසන්නව සිර දඬුවම් විඳ නිදහස්ව පැමිණියා. අවුරුදු 40දී පමණ සිරගත කළ මැන්ඩෙලා එළියට පැමිණෙන විට වසර 70ක මහලු තත්ත්වයට පත්ව තිබුණා. කෙසේ හෝ ඒ වන විට ඇමෙරිකාවට අලුතින් ජනාධිපතිවරයකුද පත්වුණා. ඒ තමයි ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්. ඔහු යමක් පෙරළිකාර විදියට හිතන කෙනෙක්. ඔහු වහා සිදුකළේ මැන්ඩෙලාට පනවා තිබූ තහනම තඹයකට මායිම් නොකර, නෙල්සන් මැන්ඩෙලාට ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනය කිරීමයි. මැන්ඩෙලාද එම ආරාධනය සතුටු සිතින් භාරගෙන ඇමෙරිකාවේ ධවල මන්දිරයට පැමිණ ජනාධිපති බුෂ් හමුවුණා. මෙම මහලු කළු විප්ලවවාදියා සමඟ ජනාධිපති බුෂ් බොහෝ සුහදව ගනුදෙනු කළා. මෙම සිදුවීම ලෝක ඉතිහාසයට එකතු වුණා. ඊට වසර 4කට පසු මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට පත්වුණේ මහජන ඡන්දයෙන්. එය අමරණීය ජයග්‍රහණයක්.
මුළු ලොවක්ම ආදරය කළ මහා ජනතා වීරයකු සහ විප්ලවවාදියකු වූ නෙල්සන් මැන්ඩෙලාට එදා ඇමෙරිකාවට ඒම තහනම් කළ හැටි ඉතිහාසයේ ඉහළින්ම ලියැවිලා තියෙනවා. ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා එම තහනම නොතකා මැන්ඩෙලා ඇමෙරිකාවට ගෙන්වා ගත්තත්, නෙල්සන් මැන්ඩෙලාට පැනවු එම තහනම 2008 වසර දක්වාම ඇමෙරිකානු නීති පොතේ ලිඛිතව තිබුණා. ඔහුගේ නම එයින් නිල වශයෙන් ඉවත් කළේ 2008 වසරේදීයි.
ඇමෙරිකාව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාව ‘බ්ලැක්ලිස්ට්’ කළේ එහෙමයි. ඇමෙරිකාවේ මෙම ‘බ්ලැක්ලිස්ට්’ කෙරුවාව ගැන ලියන්නට වෙහෙසක් ගත්තේ මීට දින කිහිපයකට පෙර අපේ රටෙන් සහ ඇමෙරිකාවෙන් ඇසුණු සුවිශේෂී කතාන්දරයක් නිසයි. එය අද අපේ රටත්, ලොව බොහෝ දෙනකුත් දන්නා ශ්‍රී ලංකාවේ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමෙරිකාව විසින් පනවන ලද තහංචි කතාන්දරයයි. එසේත් නැත්නම් ඇමෙරිකාව විසින් ඔහු ‘බ්ලැක්ලිස්ට්’ කර ඇති වගතුගයි. ඉංග්‍රීසි බසින් ‘බ්ලැක්ලිස්ට්’ කරනවා යන්නෙහි සිංහල තේරුම ‘අසාදු ලේඛන’ ගතකිරීම නොහොත් ‘අපලේඛන’ගතකිරීමයි. මෙහිදී යම් පුද්ගලයකු, යම් රටක්, යම් සමාගමක් හෝ යම් බඩු භාණ්ඩයක් හෝ මෙම ක්‍රියාවලියට යටත් කළ හැකියි. එහිදී එවැනි දෑ වහා ප්‍රතික්‍ෂේප කිරීම හෝ විශ්වාසයක් නොමැතිව බැහැර කිරීම සිදුකරනු ලබයි.

ඇමෙරිකාව අද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ‘අපලේඛන’ ගතකර ඇත්තේ මේ ආකාරයටයි. ඔහු සහ ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයන්ට ඇමෙරිකානු රජය විසින් මෙම තහංචිය පනවා ඇත. ශ්‍රී ලංකාවේ පැවැති වාර්ගික යුද්ධයේ අවසන් අදියරේදී යුද හමුදාවේ 58 වැනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ලවූ චෝදනාවලට අදාළව එකල එම සේනාංකය භාරව අණදෙන නිලධාරියා ලෙස සිටි වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රසිද්ධියේ නිල වශයෙන් නම් කරන ලද බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. වත්මන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ අනුමැතිය යටතේ පනවා ඇති මෙම තහනම ඉතා ප්‍රබල එකකි. ඇමෙරිකානු ව්‍යවස්ථාවේ විදේශ මෙහෙයුම් සහ ඒ හා අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031(සී) වගන්තිය ප්‍රකාරව මෙම පියවරට එළැඹුණු බැව්ද, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට පනවා ඇති මෙම තහනම දැඩි ලෙස හෙළා දකින බැව්ය. කෙසේ හෝ මෙම සිද්ධියට අදාළව කරුණු රැසක් මේ වන විට සමාජය දන්නා අතර, දිනෙන් දින ඒ හා අදාළව පුවත් අලුත් වෙමින්ද පවතියි. මේ අතර, ඇමෙරිකාවේ මෙම ‘බ්ලැක්ලිස්ට්’ නාටකය තවත් අතුපතර විහිදෙන ජවනිකා රැසකින් සමන්විත එකකි. එනම් ඔවුන් පසුගිය දශක ගණනාවක් පුරා ලොව විවිධ තරාතිරමේ පුද්ගලයන්ට මේ ආකාරයෙන් විවිධ තහනම්, තහංචි පනවා ඇත. මෙය විටෙක රසයක් සහ කුතුහලයක්ද දනවන වගතුගකි.

පසුගිය 2019 දෙසැම්බර් 10 වැනිදා, එනම් ශවේන්ද්‍ර සිල්වා සිද්ධිය සිදුවීමට මාස 2කට ඉහතදී තවත් අපූරු ඇමෙරිකානු ‘තහනම් පොල්ලක්’ ලොව ප්‍රකට රටක හමුදා නායකයකුට කඩාපාත් වූයේය. මේ ‘තර්ජනාංගුළිය’ එල්ල වූයේ මියන්මාරයේ (බුරුමයේ) වත්මන් හමුදාපති මින් අවුන්ග් හැලැයීන්ග්ට එරෙහිවය. මෙම සිදුවීමද ශ්‍රී ලංකාවට එරෙහිව පසුගියදා සිදුවූ සිදුවීමට සමාන එකකි. ඇමෙරිකාව, මියන්මාර හමුදාපතිවරයාට ඇමෙරිකාවට ඇතුළු වීම සහ ඇමෙරිකාව සමඟ කිසිදු ආකාරයකින් ගනුදෙනු පැවැත්වීම තහනම් කළේය. 2017 වසරේදී මියන්මාරයේ වෙසෙන ‘රෝහින්ග්යා’ මුස්ලිම් වැසියන්ට එරෙහිව දැඩි මිනිස් ඝාතනයක් සිදුකළේ යැයි චෝදනා නඟමින් මෙම තහංචිය පනවන ලදී.
මියන්මාරය යනු බහුතරයක් බෞද්ධයන් වෙසෙන රටකි. මියන්මාරයේ මෙම අර්බුදය මුලින්ම ආරම්භ වූයේ රෝහින්ග්යා ජාතික ඉස්ලාමික ත්‍රස්තවාදීන් විසින් රජයේ හමුදාවලට පහර දීම හේතුවෙනි. මෙහිදී මියන්මාර හමුදාව දැඩි ලෙස මෙම ජාතිකයන්ගේ පළිගැනීමට පටන් ගත්තේය. එහිදී මියන්මාරයේ සිටි රෝහින්ග්යා වැසියන්ගේ ගම්මානවලට හමුදාව කුරිරු ලෙස පහර දුන්නේය. ඉන්පසුව මෙම වැසියන් 7,30,000ක ප්‍රමාණයක් යාබද බංගලිදේශයට පලවා හරින ලදී. මෙහිදී සැබෑ ලෙසම ඉතා අහිංසක රෝහින්ග්යා වැසියන් ලක්‍ෂයකට ආසන්න පිරිසක් රජයේ හමුදා අතින් ඝාතනයට පත්විය. එම ප්‍රහාරයන් 2017 වසරේදී මෙහෙයවනු ලැබුවේ වත්මන් මියන්මාර හමුදාපතිගේ නියෝග මත බවට චෝදනා එල්ල විය. මෙසේ මිනිස් ඝාතන සහ මානව හිමිකම් කඩකළේ යැයි ඇමෙරිකාව චෝදනා ගෙන එන ලද අතර, මියන්මාර හමුදාපතිවරයා ඇමෙරිකාව විසින් ‘බ්ලැක්ලිස්ට්’ කළේය. එසේම මියන්මාර තරුණියන් දහස් ගණනින් රජයේ හමුදා විසින් දූෂණයට ලක්කළේ යැයිද ප්‍රබලව චෝදනා නැඟිනි. මෙම තහංචියේදී යුද හමුදාපතිවරයා සහ ඔහුගේ දෙවැනි අණදෙන නිලධාරියාද, තවත් බි්‍රගේඩියර්වරුන් දෙදෙනෙක්ද එම ඇමෙරිකානු තහංචි තීරණයට ලක්වූයේය. එනම් ඉතිරි තිදෙනාටද ඇමෙරිකාව තහනම් දේශයක් විය. මියන්මාර හමුදාපතිවරයා බිල්ලට ගෙන අපේ හමුදාපතිවරයා බිල්ලට ගත්තේ හරියටම මාස 2කට පසුව වීම සුවිශේෂී සිදුවීමකි.

2019 පෙබරවාරි මාසයේදී තවත් ලොව ප්‍රකට හමුදා නායකයකු වන පාකිස්තානයේ මසූඞ් අසාර්ට එරෙහිව ඇමෙරිකාව විසින් තහංචි පනවනු ලැබුවේය. මසූඞ් අසාර් යනු පාකිස්තානයේ තිබෙන රාජ්‍ය අනුග්‍රහය ලබන විශාලතම සන්නද්ධ සංවිධානයේ ප්‍රධානියාය. 2019 පෙබරවාරි මස 14 වැනිදා පාකිස්තාන හමුදා විසින් ඉන්දියාවට එරෙහිව සිදු කරන ලද ‘පුල්වාමා’ ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ මසූඞ් අසාර් විසිනි. මසූඞ් අසාර් නායකත්වය දරන ‘ජායීෂ්-ඉ-මොහොම්මද්’ සංවිධානය විසින් මෙම ප්‍රහාරය සිදුකරන ලද අතර, එය සම්පූර්ණයෙන් 100%ක් රාජ්‍ය අනුග්‍රහය ලබන සන්නද්ධ හමුදා සංවිධානයකි. ‘පුල්වාමා’ ප්‍රහාරයෙන් ඉන්දියානු යුද හමුදාවේ නිලධාරීන් 60ක් මරණයට පත්වූයේය.
මෙම පාකිස්තාන සන්නද්ධ නායකයාට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින්ද අසාදු ලේඛන ගතකිරීම් සිදු කළ යුතු යැයි, ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය සහ ප්‍රංශය කියා සිටියේය. එසේම මෙම හමුදා නායකයාට එරෙහිව විශ්ව සංචාරක තහනමක්ද, ඔහුගේ වත්කම් සියල්ල සොයා බලා තහනමට ලක්කර රාජසන්තක කළ යුතු යැයිද, ඇමෙරිකාව ප්‍රකාශ කර සිටියේය.

2016 නොවැම්බර් මාසයේදී ඇමෙරිකාව විසින් තවත් හමුදාපතිවරයකු ‘බ්ලැක්ලිස්ට්’ කළේය. ඔහු දකුණු සුඩානයේ යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් පොල් මැලෝන්ග්ය. දකුණු සුඩානය තුළ සාමය පවත්වා නොගනිමින් ජනතාවට හිරිහැර වන ආකාරයේ මර්දනකාරී පාලනයක් ගෙන යෑම හේතුවෙන් මොහු ඇමෙරිකාව විසින් අසාදු ලේඛන ගතකර ඇත. ඇමෙරිකාවට සංචාරක තහනමක් මෙන්ම, ඔහුගේ වත්කම් තහනමකට ලක්කිරීමටද ඇමෙරිකාව කටයුතු කර ඇත. මොහු සමඟ දකුණු සුඩානයේ ප්‍රවෘත්ති ඇමැති ධුරය දරන මයිකල් මුකෙයි සහ සන්නද්ධ කණ්ඩායම් නායකයකු වන රික් මචාර් ද ඇමෙරිකාව විසින් ‘අපලේඛන’ ගතකර ඇත. මෙයද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ක්‍රියාවලියකි.
ඇමෙරිකාව විසින් විවිධාකාර පුද්ගලයෝ තමන්ගේ ‘බ්ලැක්ලිස්ට්’ නාටකයේ ජවනිකාවලට ඇතුළත් කරගනු ලබති. රාජ්‍ය නායකයන්, හමුදා නායකයන්, සිවිල් නිලධාරීන්, ක්‍රීඩකයන් මෙන්ම, විවිධ කලාකරුවන් පවා මෙම තහංචිවලට ලක්වෙයි. මෙහිදී වාර්තාගත වන තවත් අපූරු පුවතක් වන්නේ, වත්මන් ලොවෙහි අතිශය බලගතු පුද්ගලයකු වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිටද එරෙහිව කලකට පෙරදී ඇමෙරිකාවෙන් වැටුණු තහංචිය. 2005 වසරේදී නරේන්ද්‍ර මෝදි ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස සිටින විටදී ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ‘තානාපති ඒ ශ්‍රේණියේ වීසා බලපත්‍රයක්’ ඉල්ලුම්කර සිටියේය. එහෙත් තානාපති කාර්යාලය විසින් මෙම වීසා බලපත්‍රය ලබාදීම ප්‍රතික්‍ෂේප කර සිටියේය. මෙයට හේතුව වශයෙන් ප්‍රකාශ කර සිටියේ, එකල නරේන්ද්‍ර මෝදි මහඇමැතිවරයා විසින් ඉන්දියාවේ ආගමික නිදහසට එරෙහිව සිදු කරන ලද බාධාවන් ගැන සඳහන් කෙරුණු චෝදනාවක්ය. ඇමෙරිකාව විසින් ස්ථාපිත කර තිබෙන ජාත්‍යන්තර ආගමික නිදහස ගැනවූ පනත යටතේ නරේන්ද්‍ර මෝදි වෙත මෙම වීසා තහනම පනවනු ලැබුවේය. කෙසේ හෝ මෙම තහනම නරේන්ද්‍ර මෝදිට එරෙහිව වසර 09ක් පුරා පැවැති අතර, ඔහු ඉන්දියාවේ අගමැති ධුරයට පත්වූ පසුව එය ඉවත් කෙරුණේ 2014 වසරේදීය. එනම් ඇමෙරිකාවේ සංචාරයක් සඳහා වීසා ලැබුණේය. ඇමෙරිකාව කෙතරම් ප්‍රබල ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ දැයි මෙම සිදුවීමෙන් පෙනෙයි.
ලොව තවත් අතිශය බලගතු පුද්ගලයකු වූ 1986 සිට 1992 දක්වා ඔස්ටි්‍රයාවේ ජනාධිපති ධුරය දැරූ කුර්ඞ් වොල්ඞ්හයිම්ට එරෙහිවද ඇමෙරිකාව තහංචි පැනවූයේය. ඔස්ටි්‍රයාවේ ජනාධිපති වීමට පෙර කුර්ඞ් වෝල්ඞ්හයිම් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස වසර 09ක් (1972 සිට 1981 දක්වා) කටයුතු කළ අතිශය ප්‍රබල පුද්ගලයකු විය. ඔහුට එරෙහිව ඇමෙරිකාව තහංචි දමනු ලැබුවේ, වෝල්ඞ්හයිම් දෙවැනි ලෝක මහා යුද්ධයේදී කුරිරු පාලක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ‘නාසි’ පක්‍ෂය වෙත සහාය දැක්වූ පුද්ගලයකු ලෙස චෝදනා කිරීම මතය. දෙවැනි ලෝක යුද්ධය සමයේදී කුර්ඞ් වෝල්ඞ්හයිම් 27 වැනි වියෙහි පසුවූ බුද්ධි නිලධාරියකු ලෙස හිට්ලර්ගේ ‘නාසි’ හමුදාවට සේවය කළේය. මෙම ඇමෙරිකානු තහංචිය ඔහුට සහ ඔහුගේ බිරිය එළිසබෙත් වෝල්ඞ්හයිම්ටද එරෙහිව පනවනු ලැබුවේ 1987 වසරේදී වන අතර, ඔවුන් 2007 සහ 2017 වසරවලදී මියයන තෙක්ම එය ඉවත් කළේ නැත. වසර 20කට අධික කාලයක් ඇමෙරිකාවට අඩියක් තැබීමට නොහැකි විය.
එංගලන්තයේ සිටි ප්‍රකට අගමැතිවරියක් වූ මාග්‍රට් තැචර්ගේ පුත්‍රයා වන මාර්ක් තැචර්ටද ඇමෙරිකාව තහනම් භූමියක් වූයේ, ඔහු දකුණු අප්‍රිකාවේ කුලී හේවායන්ට සහයෝගය ලබා දුන්නේ යැයි චෝදනාව මතය. ඔහුගේ බිරිය ඇමෙරිකානු කාන්තාවක් වුවද තහංචිය පැනවීය.

තහනම අණ දුන් දාමයටම?

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාව විසින් පනවන ලද තහනමේදී එරට විසින් සිදුකර ඇති නිල ප්‍රකාශයෙන් තවත් සුවිශේෂී කරුණක්ද විස්තර කෙරෙයි. එනම් ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති අවසාන සමයේදී සිදුවී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරන යුද අපරාධ සඳහා යුද හමුදාපතිවරයා සහ ඔහුගේ ‘අණදෙන දාමය’ම (chain of command) වගකිව යුතු යැයි ප්‍රකාශ කර ඇත. යම් යුද්ධ හමුදාවක් තුළ ‘අණදෙන දාමය’ යනු ඉහළම තනතුරුවල සිට පහළ තනතුරු දක්වා දිවෙන දාමයක් වන අතර, මෙහි ඉහළම තනතුර වන්නේ රටේ ජනාධිපතිවරයාය. එනම් හමුදාවේ ක්‍රියාදාමයන් සිදුකිරීම සඳහා උපදෙස් දීම, නියෝග දීම සහ අණ දීමද සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. එතැනින් පසුව එම දාමයේ දෙවැනි තැනට සිටින්නේ ආරක්‍ෂක ලේකම්වරයාය. ඉන්පසුව හමුදා මාණ්ඩලික ප්‍රධානියා සහ යුද හමුදාපතිවරයාද පිළිවෙළින් සිටිති. හමුදාවේ සාමාන්‍ය සෙබළා දක්වා ‘අණදෙන දාමය’ ක්‍රියාත්මක වෙයි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

හනුමාන්ගෙ ලංකා ගමනේ රහස්

Next Post

බඹා කෙටූ හැටියටද විවාහ වෙන්නෙ

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.