දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (01) පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැණුනි. Sri Lanka Latest News
ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.
මෙහි ඇති විශේෂත්වය වූයේ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව මගින් සම්මත කළ සංශෝධන කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය මගින් සම්මත කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබීමය.
එහි දැක්වෙන්නේ ‘2023 ජුනි 28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ජනරජයේ දේශීය ණය තිරසරභාවය තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකාවේ මහජනතාව සහ අනාගත පරපුර ප්‍රතිලාභ ලබන තිරසර ආර්ථික වර්ධනය පෙරදැරි කරගත් ආර්ථික ප්‍රකෘතිමත්භාවය වෙත වන වේගවත් සංක්‍රමණය තහවුරු කිරීම සදහාත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දේශීය ණය ප්‍රශස්තකරණය සදහා අවශ්‍ය සියලුම අවසර මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබා දීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි’ යනුවෙනි.
අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසිනි.










