ලංකාවේ ගිනිකොන දිග මුහුදු අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
කොළඹ සිට කිලෝමීටර් 1260ක දුරින් සිදුව ඇති මෙම භූ කම්පනයේ අගය ලෙස රිච්ටර් පරිමාණයේ සටහන් වී ඇත්තේ 5.8ක් ලෙසය.
මින් ඇතිවූ කම්පනය කළුතර, බම්බලපිටිය, කොළඹ ප්‍රදේශවලටද සුලු වශයෙන් දැනී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මින් සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය ප්‍රකාශ කොට ඇත.










