ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. Sri Lanka Latest News
නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 328 කි.
ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි.
එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 346 කි.
ඔටෝ ඩීසල් රුපියල් 02කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 308කි.
භූමිතෙල් ලීටරයක් රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236කි.










