• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලීසියට විරුද්ධව පොලීසිය පොලීසි යයි I Sri Lanka Latest News

July 4, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිතුමතේ පඩි කපනවලු…

උසස්වීම් යාළුකමටලු…

ලැප්ටොප් ගේන්න කිව්වලු…

කතාව නරක විදියටලු…

අපි පහුගිය කාලේ ඇතුළත පොලිසියට විවිධ ආකාරයේ දේවල් කිව්වා. අපි විශ්වාස කරනවා ඔබ ඒ බොහෝ දේ කියවන්න ඇති. හොඳයි කිව්වා. නරකයි කිව්වා. ආයෙත් හොඳයි කිව්වා. ආයෙත් නරකයි කිව්වා.(Sri Lanka Latest News)

මේ විදියට අපි විවිධාකාරයෙන් පොලිසිය ගැන කතා කරන්නේ පොලිසියේ විවිධාකාරයේ නිලධාරීන් ඉන්න නිසා. ඇත්තටම පොලිසියේ හිටපු සමහර උසස් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වැඩ කරන ඉතා ගෞරවනීය ආකාරයන් අපි ඇහින් දැක්කා.

ඒ වගේම පොලිසියේ ඉන්න ඉහළ නිලධාරීන් කරන ඉතා පහළ වැඩත් අපි දැක්කා. ඒ නිසා පොලිසිය කියලා කියන්නේ සමාජයේ තියෙන එක්තරා කොටසක්. සමාජයේ එක්තරා හරස්කඩක්. ඒක නිසා අපට පොලිසියෙනුත් සමහර තැන්වලදී සාමාන්‍ය සමාජයට වඩා වෙනස් සුවිශේෂ තත්ත්වයක් දැකබලා ගන්න බලාපොරොත්තු වෙන්න බෑ. මේ ලියන්න යන්නෙත් එහෙම කතන්දරයක් ගැනම තමයි.

පහුගිය සති කිහිපයේම විවිධ පදක්කම් පලඳපු පොලිස් නිල ඇඳුමෙන්ම එක්තරා මහත්මයෙක් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. ඒ වීඩියෝ මුදාහරින ලද පුද්ගලයා තමන්ව හඳුන්වා දුන්නේ ගාල්ලේ පොලිස් ස්ථානයේ සහ සංචාරක පොලිස් ස්ථානවල සාජන්වරයකු විදියට කටයුතු කළ අයකු යැයි කියලා. හැබැයි මේ ප්‍රවෘත්තිය පිටවෙන්නේ කොළඹ කුරුඳුවත්ත පොලිසියේ සැරයන්වරයකු විදියටයි.

මේ නිලධාරියා මේ වීඩියෝ පටවලින් සමාජයට කියලා තිබුණේ පොලිසියේ තියෙන සමහර අනීතික සහ අසාධාරණ වැඩ ගැන. ඔහු, ඔහුට සිද්ධ වෙච්ච අසාධාරණ වැඩ ගැන ඍජුවම ප්‍රකාශ කරන අතර, පොලිසිය කියන ප්‍රධාන ආයතනය ඇතුළේ සිද්ධ වෙන අකටයුතුකම් සහ අක්‍රමවත් දේ ගැන ඔහු විවේචනය කරනවා. ඔහුට මේ වෙනකොට අපි දන්න තරමට වැඩ තහනම් වෙලයි තියෙන්නේ.

ඒ වැඩ තහනම් කිරීම සඳහා හේතු විදියට දක්වන්නේ පසුගිය මස 17, 18 සහ 20 යන තෙදින තුළ පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝපට මුදාහැරීම කියන කාරණය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සහ ඊට අදාළ ඇතැම් පොලිස් නීතිරීති තමයි ඒ සඳහා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ ගැන අපට ගැටලුවක් නෑ. ඒකට හේතුව තමයි රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව වැඩ කළ යුතුයි.

හැබැයි මේ නීතිය තියෙන්නේ මොනවටද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය නිලධාරීන්ට නිසි අවසරයකින් තොරව මාධ්‍යයක් ඉදිරියේ කතාබහ කිරීම සම්පූර්ණයෙන් තහනම් කරපු චක්‍රලේඛයක් පහුගිය දවස්වල නිකුත් වුණා. එහෙම කළේ කාගේ කට වහන්නද, මොනවා රටට ලෝකෙට එළිවෙන එක නවත්වන්නද කියන එක අපි දන්නේ නෑ.

ඊයේ පෙරේදා අපි දැක්ක සිදුවීමක් තමයි එක්තරා තරුණයෙක්ව මරාදැමීමේ සිදුවීම. ඔහුව මරාදැමීමෙන් පසුව ඇතිවුණු කලබල සහ ගමේ ඇතිවුණු කෝලාහල පොලිසිය විසින් එක ගොඩකට දාලා තිබුණා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ ඔහුගේ සහචරයන් විසින් සිද්ධ කරන බවට. මේවා අපි දැන්නේ නෑ.

මේවා කොහොමද මේ තරම් ඉක්මනට හොයාගන්නේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඉන්නවා නම්, ඔහුට ඒ තරම් සහචරයෝ පිරිසක් ඉන්නවා නම්, ඒ පොලිසිය මෙතෙක් කල් අදාළ වසමේ මොනවද කළේ වගේ ප්‍රශ්න අපට හිතෙනවා. මොකද ඒකට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විශාල සහචරයෝ පිරිසක් එක්ක වෙනත් ක්‍රීඩාවක නියැළෙමින් ඉන්න විදියක් නෑනේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඉන්නවා නම් ඔහු විශාල පිරිසක් සමග ඉන්නවා නම් ගෙනල්ලා, ඔහුව බන්ධනාගාරගත කරලා මේ සමාජය සුද්ධ කරන්න බැරි නම් ඒ පොලිසියෙන් ඇති වැඩක් නෑ. ඊට පස්සේ පොලිසිය කියනවා නම් ඒගොල්ලෝ මේ අරක්කු පෙරන කට්ටිය කියලා, එහෙම අරක්කු පෙරන අය ගමේ ඉන්න එකට අපිද වගකියන්න ඕනේ? ගමේ මිනිස්සුද?

මේ සැරයන්වරයාගේ කතාවට අපි ආයෙත් ගියොත් ඔහු කියනවා අපූරු කතා ටිකක්. ඔහුගේ වැටුප් කපාදැමීම සම්බන්ධව එක තැනකදී ඔහු පැහැදිලි කරනවා. ඒ වගේම පොලිසියේ උසස් නිලධාරියෙක් මුණගැහෙන්න යෑමේදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ගැන ඔහු කියනවා.

තමන්ගේ ගැටලුව නිරාකරණය කරගන්න එස්.එස්.පී. මහත්තයගේ කාර් එක ඉස්සරහ හිටගන්න සිදුවුණා කියලා ඔහු කියනවා. ඒ වගේම එස්.එස්.පී. මහත්තයා ඇතුළු පොලිස් නිලධාරීන් බස් එකේ නැගලා ආරක්ෂක ලේකම් මුණගැහෙන්න ගිය වෙලාවක, ආරක්ෂක ලේකම් මුණගැහෙන්න යන්නත් සිදුවුණා කියලා ඔහු කියනවා. ආරක්ෂක ලේකම් මුණගැහෙන්න යද්දී උසස් පොලිස් නිලධාරියෙක් ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ‘උඹ කොහොමද යන්නේ? උඹට අවසර නෑ’ කියලා.

සාමාන්‍ය නිලධාරියෙක් ඒ වගේ කෙනෙක් මුණගැහෙන්න යන්න නම් අවසර ගන්න ඕනේ. හැබැයි ඉහළ නිලධාරීන්ගෙන් අසාධාරණයට ලක්වෙච්ච සාමාන්‍ය නිලධාරියට ඉහළ නිලධාරීන් අවසර දෙනවා. මේක තමයි මෙතැන තියෙන ප්‍රශ්නෙ.

ඔහු කියනවා පොලිසියේ උසස්වීම් ලබාදීම සිද්ධ වෙන්නේ ඉතා නරක ආකාරයට. ඒකට ක්‍රමවේදයක් නෑ. උසස් පොලිස් නිලධාරීන්ව සතුටු කරන ආකාරයටයි උසස්වීම ලැබෙන්නේ කියලා. ඒක ඇත්ත නම් ඒක ප්‍රශ්නයක්. රටක යම් තනතුරක ධුරාවලියක ක්‍රමවේදයක් තියෙන්න ඕනෙ.

ආයතනික ව්‍යුහයක් තියෙන්න ඕනෙ. ලෝකෙ තියෙන සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පුද්ගලයෙක් දක්ෂතා පෙන්වන ආකාරයට, සුදුසුකම් සම්පූර්ණ කරන ආකාරයට ඔහුට උසස්වීම්, වැටුප් වර්ධක ලබාදීම. එහෙම ලබා නොදෙනවා නම් ඒක පුද්ගලික ආයතනයක් නම්, ඒ ආයතනයේ හිමිකරු විසින් සකස් කරන ලද නීතියක් මත ඒ දේවල් සිදුවෙනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් දෙපාර්තමේන්තුවක මේ ආකාරයේ කටයුතු සිදුවීම ප්‍රශ්නයක් තියෙනවා.

ඔහු තව අපූරු කතාවක් කියනවා. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන වැඩසටහනකට සහභාගි වීමට ඔහු 2008 අවුරුද්දේ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් අවසර ඉල්ලුවාම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඔහුට කිව්වලු එන ගමන් ලැප්ටොප් එකක් අරගෙන එන්න කියලා. ලැප්ටොප් එකක් අරගෙන එන්න පොරොන්දු වෙලා, ඔහු ස්විට්සර්ලන්තයට ගිහින් ආපහු එද්දී ඔහුට එය රැගෙන එන්න බැරිවුණා කියලා ඔහු කියනවා.

ඇත්තටම පොරොන්දු කඩකරන එකත් සැරයන් මහත්තයෝ හොඳ දෙයක් නෙවෙයි. ඔයා ලැප්ටොප් එකක් අරගෙන එන්න පොරොන්දු වුණා නම්, ඒක වැරැදි වුණත්, අනීතික වුණත් පොරොන්දුව පොරොන්දුව විය යුතුයි. අපි කියන්නේ ඒක පොලිස් දෙපාර්තමේන්තුව අදාළව නෙවෙයි. පොලිස් දෙපාර්තමේන්තුවට පොරොන්දු කඩකිරීම් ඕනෙ තරම් ඇති. ඒ වුණාට පොරොන්දුව පොරොන්දුව විය යුතු නිසා අපි එහෙම කියන්නත් ඕනෙ. කොහොම නමුත් මේ පරිගණකය නොගෙනා නිසා ඔහුව තැනින් තැනට මාරු කරමින්, ඔහුගෙන් ඉතා දරුණු ලෙස පලිගත්ත බව ඔහු කියනවා.

මෙතුමා තමාව හඳුන්වා දෙන්නේ හිත හොඳ පොලිසියේ මහත්තයා යනුවෙන්. පොලිසියේ හිත හොඳ මහත්තයා කියන ඒ හිත හොඳ මහත්තයා පොලිසියේ නැත්නම් පොලිසියට විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවටත් වෙන්නේ අසාධාරණයක් නේ.

ඒක නිසා අපි මේ හිත හොඳ මහත්තයාගේ ප්‍රශ්නෙ ටිකක් සලකලා බලන්න කියලා පොලිස් ඇමැතිතුමා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කොහොම වුණත් අපි දැක්කා යාපනේදී පොලිසියේ ගාන්ධි කියලා හඳුන්වපු නිලධාරියෙක් හිටියා. ඔහු තමයි අද කුරුණෑගල රාජකාරියේ නිරත වෙලා ඉන්න සී.අයි. ආනන්ද රාජපක්ෂ මහත්තයා.

සී.අයි. ආනන්ද රාජපක්ෂ මහත්තයාට මාරුවක් හදාගෙන කොළඹ එන්න හදනකොට ඒ මාරුව හදලා නොදෙන්න ගමේ මිනිස්සු කොච්චර කට්ට කෑවද කියන එක ලියුම්කරු පෞද්ගලිකව දන්නවා. ඒකට හේතුව ඒ මිනිස්සු උත්සාහ කළේ මේ මනුස්සයාව කොහොම හරි තියාගන්න. තියාගත්තොත් ගමේ මිනිස්සු හැදෙයි. වැරැදි නිවැරැදි වෙයි. කසිප්පු පෙරන එක නතර වෙයි කියන විශ්වාසය තිබුණා. ඔහු ඒක කළා. එහෙම කරන්න පුළුවන් දක්ෂ නිලධාරීන් හිටියා.

අපි දැක්කා නෙල්ලිඅඩි පොලිසියෙන් එක්තරා කාලයක මේ වගේම නිලධාරියෙක් හිටියා. කිලිනොච්චියේ හිටියා. ඩී.අයි.ජී. පාලිත මහත්තයා මිනිස්සුත් එක්ක කොච්චර ළඟින් ඇසුරු කළාද කියලා අපි දැක්කා. අදටත් යාපනේ රාජකාරියේ නිරත වෙලා ඉන්න චතුරංග මහත්තයා, එක කාලෙක ධර්මපුරම් පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා විදියට හිටපු නිලධාරියෙක්. ඒ අය තමන්ට පුළුවන් විදියට හොඳ රාජකාරියක නිරත වුණා.

අපි දකිනවා මේ දවස්වල දිවුලපිටිය පොලිසියේ ඕ.අයි.සී. මහත්තයත් බොහෝ දෙනෙක් එක්ක හිතෛෂීව කිට්ටුවෙන් වැඩ කරමින් අනෙක් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳමින් කටයුතු කරන්න උත්සාහ කරන ආකාරය. මේ වගේ නිලධාරීන් තව ඕනෙ තරම් ඇති. නම්ගම් සඳහන් කරන්න බැරි වුණාට, තනතුරු තාන්න මාන්න සඳහන් කරන්න බැරි වුණාට මිනිස්සුත් එක්ක වැඩකරන, මිනිස්සුන්ට උදව් කරන, මිනිස්සුන්ගේ කටයුතුවලදී ඇත්තටම පොලිස් නිලධාරීන් විදියට කටයුතු කරන නිලධාරීන් ඉන්නවා.

ඒ වුණාට පොලිසිය ඇතුළේ තියෙන ප්‍රශ්න මේ විදියට පුපුරා යද්දී වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියන සාමාන්‍ය ගමේ මිනිහට ඇතිවෙන ප්‍රශ්නයක්. අපි මේක දැක්කා කලින් වතාවෙත් නැගෙනහිර පොලිසියට වෙඩිතැබීමකින් කෙළවර වුණේ මේ ප්‍රශ්නය තමයි. ඒක තමයි ඇත්ත කතාව. උසස් නිලධාරීන් සහ සාමාන්‍ය නිලධාරීන් අතර තියෙන ගැටුම තමයි වෙඩිතැබීමකින් නිමාවෙලා මරණ කිහිපයකින් කෙළවර වුණේ.

මේවා අපි ලියන්නෙ නිකන් නෙවෙයි. ඒක නිසා පොලිසියේ මහත්තුරුත් මේවා දැනගෙන වැඩ කළොත් වඩා හොඳයි කියලයි අපි විශ්වාස කරන්නේ.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇති බවකි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මීගමු මුහුදේ ගිලෙන්න ගිය තරුණයාව බේරගත්ත හැටි I VIDEO I Sri Lanka Latest News

Next Post

අද කතරගම දෙවියන් වහන්සේ කතරගම නෑ! උන්වහන්සේ දේවත්වයෙන් එහාට යන්න දැහැන් වඩනවා! ඔක්කම්පිටියේ බවුන් වඩනවා කියලා මතයක් තියෙනවා! හීනටිගල හිමියන් ලක්හඬට ඇවිත් කරපු හෙළිදරව්ව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.