• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරලා කරපු දේ සජිත්ලා කළා නම් අනේ දෙවියනේ… අපේ මිනිස්සු මොනවා නොකියයිද I Sri Lanka Latest News

July 1, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොතේ රට පත්ව තිබෙන්නේ අතිශය තීරණාත්මක තැනකටය. ඒ, විලක්කුව එක පැත්තකින් ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය නමැති ගින්නෙන් දැවෙමින් තිබේ. අනෙක් පැත්තෙන් අස්වැසුම නමැති ප්‍රෝඩාවෙන් දැවෙමින් තිබේ.(Sri Lanka Latest News)

මෑත කාලයේ රට මුහුණ දුන් බරපතළම අර්බුදයේ මුවවිටට පැමිණ සිටී.

‘බැංකු වහලා දාලා මූල්‍ය අරමුදල කියන බිල්ලා ඉස්සරහට පෙන්වමින් ආණ්ඩුව නටන නාඩගම මොකක්ද?’ ‘රටම ගිනිගෙන සිටින මේ මොහොතේ විපක්ෂයේ කාර්යභාරය කුමක්ද?’

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකින් තොරව අයි.එම්.එෆ්. අරමුදලෙන් රටවල් 11ක් මේ වන විට ණය ලබාගෙන ඇති අතර, ඊට බංකොලොත් රටවල් 05ක්ද ඇතුළත් වන බැවින් මෙරට ද අයි.එම්.එෆ්. ණය ලබාගැනීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අවශ්‍ය නොවන බවත්, ආණ්ඩුවේ මේ අත්තනෝමතික ක්‍රියාවලියට සමගි ජන බලවේගය විරුද්ධ විය. අස්වැසුම සහමුලින් ප්‍රෝඩාවක් බවත්, සමගි ජන බලවේගය ඊට එරෙහි බවත්, මේ වන විටත් තීන්දු කොට තිබේ.

සති අන්තයේ පාර්ලිමේන්තුව විවෘත කොට ආණ්ඩුව නටන්නට යන නාඩගමට එරෙහිව සමගි ජන බලවේගය අරගලයක් ආරම්භ කොට සිටී.

ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමගම විපක්ෂ නායක සජිත් මුදල් කමිටු රැස්වීමට සහභාගි වීමට තීන්දු කළේය.

ජනතාවගේ අරමුදල්වලට බලපාන අයුරින් ආණ්ඩුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බවට ‌චෝදනා කරමින් විපක්ෂ නායක සජිත්‌ ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබුණේ මේ පිළිබඳ දැඩිව ප්‍රශ්න කරන්නටය.

එහෙත් ආණ්ඩුව නියෝජනය කරන කමිටු සාමාජිකයෝ ඊට එකහෙළා එරෙහි වූහ.ඒ වෙනකොට එම රැස්වීමට සහභාගි වීමට පමණක් විපක්ෂ නායකයාට අවස්ථාවක් හිමි විය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ ආණ්ඩුවේ අස්වැසුම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ජන මතය ගොඩනංවන ලෙසටය. ඒ අනුව සමගි ජන බලවේගයේ සියලු ආසන සංවිධායකවරු තමන්ගේ සියලු ආසන ආවරණය වන පරිදි ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව ජනතාව ඒකරාශී කරන්නට වූහ.

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සුනුවිසුනු කරමින් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී. සිය බලය ඒකාධිපති ලෙස භාවිත කරමින් ආණ්ඩුව ජන ජීවිත සමග කරන සෙල්ලමට එරෙහිව සජිත් ඇතුළු විපක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඊට ඩලස් පිල, ගම්මන්පිල පාර්ශ්වය, දෙමළ සංවිධානය, මනෝ, දිගම්බරම්, හකීම්, බදුර්දීන් ඇතුළු පිරිස පවා එක්ව සිටී.

එහෙත්, මේ තීරණාත්මක මොහොතේ එක් විශේෂ කණ්ඩායමක් නිහඬය. එහි නායකයා රටේත් නැත.

ඒ ජනතා විමුක්ති පෙරමුණය.

රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගැනීම උදෙසා විපක්ෂයක කාර්යභාරය අතිශයින් වැදගත්ය. විපක්ෂ නිද්‍රාශීලීව සිටින්නේ නම් එවැනි රටක ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන අනතුර පිළිබඳ ඇත්තේ බිහිසුණු චිත්‍රයකි.

එනයින් ගත්කල සමගි ජන බලවේගය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සක්‍රීයව මැදිහත් වී සිටීම පැසසිය යුත්තකි.

නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂ කාරණාවකි. ආණ්ඩුව අතිශය හිතුවක්කාර ලෙස එය කල් දමමින් සිටින විට ඊට එරෙහිව මහපාරේ අරගලයත්, අධිකරණමය ක්‍රියාමාර්ගත් යන දෙකම ගන්නට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ නිහඬ විය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් පනවා නැති පසුබිමක ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යාමෙන් මූල්‍ය ස්ථාවරත්වය බිඳවැටීම මෙන්ම ආර්ථික පුනර්ජීවනය සඳහා කර්මාන්තකරුවන්ට ණය දීමට බැංකුවලට ඇති හැකියාව අහිමි විය හැක.

ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවකදී කොටස් වෙළෙඳපොළ වසා දමන බවට ප්‍රකාශ කළේය. මෙය අතිශය භයානක ප්‍රකාශයකි.

මෙරටදී මෙබඳු බැංකු දින 05ක් වසාතැබීම, කොටස් වෙළෙඳපොළ වසා තැබීම වැනි කරුණු සිදුකර පාර්ලිමේන්තුව සති අන්ත දින දෙක තුළ රැස්වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැංකු පොලිය අඩු කරනවාද, ණය කපා හරිනවාද ඇතුළු කිසිදු කාරණයක් පිළිබඳ කිසිවෙක් දැනුවත් නොකරය.

ආණ්ඩුව ගැන තිබෙන විශ්වාසය නිසාම බැංකු ගණනාවක ප්‍රධාන ණයගැතියා ආණ්ඩුවය. බැංකු පහක් තම සමස්ත ණයෙන් 25% ඉක්මවලා ආණ්ඩුවට ණය දී ඇත.

තත්ත්වය අතිශයින්ම බිහිසුණුය.

ආණ්ඩුව යක්ෂාවේශයෙන් රට වළපල්ලට රැගෙන යමින් සිටී. ඊට එරෙහිව සජිත්ලා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටියදීත් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ මොහොතේ සිටින්නේත් රටින් පිටය. රටේ සිටින විජිත හේරත් හෝ හරිණි අමරසූරිය හෝ මේ වෙලාවේ සද්ද නැත.

සත්‍ය වශයෙන්ම මේ මොහොතේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම දියත් කරමින් සිටින්නේ රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කිරීමේ කටයුත්තය.

මෙවැනි තත්ත්වයකදී යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා රටින් පිටව සිටියා නම් ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම කෙබඳු වනු ඇද්ද? ඔහුට එරෙහිව කොතරම් අවලාද සහ මඩ ප්‍රහාර ගෙන යනු ඇද්ද? එදා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව රට රැගෙන යන දුර්දාන්ත ගමනට එරෙහිව මැතිවරණයක් වහාම අවශ්‍ය බව සජිත් කියන විට අනුර කුමාර දිසානායක කීවේ සජිත්ගේ ඔළුව පරික්ෂා කළ යුතු බවය.

හැබැයි ඊට මාස තුනක් යන්නට පෙරාතුව අනුර මැතිවරණයක් ඉල්ලා සිටියේය.

මේ විරසකකාරී දේශපාලනය අතිශයින්ම කැතය. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ එකමුතු විපක්ෂයක කාර්යභාරය මිස පටු අරමුණු මත නටන රූකඩ දේශපාලනය නොවේ.

එය ජනතා විමුක්ති පෙරමුණ කවදා තේරුම් ගනීද කියා දන්නේ නැත.

පුබුදු උදයංග

SendShareShare
Previous Post

IMF ගිය දුර්වල රටවල් පවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළේ නෑ! අපිට කරන්න වුණේ IMF එක්ක සාකච්ඡාවලට සේමසිංහලාගේ දුර්වලකම් නිසා! ‌ආණ්ඩුව මේ අත තියන්න හදන්නේ EPF එකේ සල්ලි 90%ක් ආයෝජනය කරලා ති‌යෙන්නේ භාණ්ඩාගාර බිල්පත්වලට! 22%ක් කරපු පොලිය දැන් 9%ට ගේන්නයි යන්නේ! ඩලස් පිලත් සටනට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තායිලන්තයෙන් දීපු දළ ඇතා ‘මුතු රාජා’ ආපහු අරන් යන්න රුසියාවේ ගුවන් යානයක් ඊයෙ රෑ කටුනායකට ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.