• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට ඇදුන ලොතරැයි I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගාන ඩබල්වෙයි-දිනුම එහෙමමයි-කමිෂන් වෙනසක් නෑ…

ඔන්න ලොතරැයියක් ඇදෙන්න යන්නේ. මේක අපේ ගම්වල නිතර පාවිච්චි කරන වචනයක්. ලොතරැයියක් ඇදෙනවා, ස්වීප් එකක් ඇදෙනවා. මේවා මිනිස්සු පාවිච්චි කරන්නේ උත්ප්‍රාසයෙන්.(Sri Lanka Latest News)

ඒ කියන්නේ හොඳටම වැඩේ අප්සෙට් වෙච්ච වෙලාවට ‘මට මාර ලොතරැයියක්නෙ බං ඇදුණේ’ ‘මට මාර ස්වීප් එකක් නෙ බං ඇදුණේ’ ‘අපට ඇදෙන්නේ ඔහොම ස්වීප් තමයි’ වගේ කතන්දර කියනවා. දැන් මේ වතාවේ ඔන්න ස්වීප් එකට ස්වීප් එක ඇදිලා. නැත්නම්, ලොතරැයියට ලොතරැයිය ඇදිලා. ඒක වෙන්නෙ කොහොමද? ඒක තමයි රුපියල් 20ට තිබුණු ස්වීප් එක දැන් ඩබල් වෙලා. දැන් ඒක රුපියල් 40යි. එකක් ගන්න වෙන්නේ දෙකක් ගත්ත ගානට. දෙකක් ගත්ත ගානට එකක් අරගත්තම තෑග්ග ඩබල්ද? නෑ. තෑග්ග ඩබල් වෙලත් නෑ. තෑග්ග ඒකමයි.

එතකොට ලොතරැයි විකුණන අයගේ කමිෂන් එක? මේකෙ ගණන් හිලව් ඇතුව අපි ලියන්න යන්නේ නෑ. නමුත් කමිෂන් එකක් තියෙනවනේ. මේ කමිෂන් එක දළ වශයෙන් ලොතරැයියේ මිලට ප්‍රතිශතයක් විදියට තමයි සඳහන් වෙලා තිබුණේ ඉස්සර. හැබැයි පස්සේ මේකත් නතර වුණා. දැන් අද වෙද්දී ලොතරැයියෙ මිල ඩබල් වුණාට ලොතරැයි අලෙවිකරුවන්ට ලැබෙන ගාන ඩබල් වෙලා නෑ. වැඩි වෙලා නෑ.

ඉතින් මෙහෙම වුණාම මිනිස්සු ලොතරැයි ගනීද? මිනිස්සු ලොතරැයිවලට තියෙන සම්බන්ධතාව මොකක් වෙයිද? ඒ ගැන දැන් ලොකු කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි මේ ගැන එහෙන් මෙහෙන් හොයලා බලපුවාම ලොතරැයි අලෙවිකරුවන් බොහෝ දෙනෙක් කියන්නේ ආයෙත් ලොතරැයි අලෙවි කිරීම වෙනදා වගේ කරන්න බැරි වෙයි කියලා. ඒ වගේම ඒගොල්ලෝ කියනවා ලොතරැයි අලෙවි කරන්න ගියාම ඒවායින් ලැබෙන ලාභය ගැන බොහෝ දුරට ඉස්සරහට හිතන්න වෙනවා කියලා.

ඒ වගේම මිනිස්සු ලොතරැයි ගනීද කියන එකත් අද වෙද්දී ප්‍රශ්නයක් බවට පත්වෙමින් යනවා. හේතුව තමයි මිනිස්සු රුපියල් 20, 30 ලාභය හුඟක් හිතනවා. අපි හිතනවා නම් එහෙම හිතන්නේ නෑ කියලා, ඒක අපට වෙච්ච වැරැදීමක්. ඒ වගේම මේ ආණ්ඩුව මේ සෙල්ලම කරන්නේ නිසි ප්‍රමිතියකට නොවීම හින්දා තවදුරටත් මිනිස්සුන්ට ලොතරැයි ගැනිල්ල එපාවෙනවා. හේතුව, කිසිම තැනකදී කිසිම කෙනකුට ලොතරැයි ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් නෙවෙයි. ලොතරැයි ගත්තාය කියලා බොහෝ විට ප්‍රධාන දිනුම් ඇදෙන්නේ නෑ. එහෙම ඇදිලා තියෙනවා නම් ඇදිලා තියෙන්නේ ඉතාම සීමිත පිරිසකට පමණයි.

මේ තත්ත්වය යටතේ ලොතරැයි මිල දෙගුණ කිරීමේ අපේක්ෂිත පරමාර්ථය ඉෂ්ට වෙයිද? මේ වැඩේ අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙයිද? ලෝකෙ එහෙම දේවල් ඕනෙ තරම් තිබුණා. මේ හරහා අපි හිතමු දවසකට ඔවුන් අලෙවි කරාය කියලා රුපියල් ලක්ෂ 10ක ලොතරැයි. ඒක නිශ්චිත ගානක් නෙවෙයි, අනුමානිත මුදලක් අපි නියම කරනවා. ඒකට හේතුව මේ කාරණයේදී අපට මිලක් අනුමාන කරලා ගණන් හදාගන්න ඕනෙ හින්දා.

අපි හිතමුකෝ ලක්ෂ 10ක් කියලා. එතකොට මේ හරහා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 10කට විකුණපු ස්වීප්වලින් ලක්ෂ 20ක් ලබාගන්න. හැබැයි ඔවුන්ට අමතක වෙච්ච කාරණය තමයි ඔවුන් දවසකට ලොතරැයි වික්ක ගාන දෙගුණ කරගන්න බැරි වුණොත් මේ ව්‍යාපෘතිය අසාර්ථක වෙනවා කියන එක. අපි හිතමු දවසකට ලොතරැයි 50,000ක් විකුණුවාය කියලා.

මේ 50,000 විකුණලා ඔවුන් හම්බකරපු ගාන හරියටම දෙගුණයක් වෙන්න නම් ඒ 50,000ම විකුණගන්න ඕනේ. යම් හේතුවක් නිසා මේ වෙලාවේ මේ රුපියල් 20 වැඩිකිරීම හින්දා 50,000කි විකුණපු ලොතරැයි 25,000 දක්වා අඩු වුණොත් මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බවට පත්වෙනවා. ඒ වගේම මේ මිල වැඩිකිරීම කියන කාරණය මිනිස්සුන්ගේ ඔළුවට ගියාට පස්සේ ඒ හරහා ඇඳෙන චිත්‍රය නිසා ලොතරැයි ගැනීමේ සම්භාවිතාව ඉතා අඩුවෙන බව අපට විශ්වාසයි.

එහෙම අඩු වුණොත් 50,000 සීමාව සමහර විට 10,000ට 15,000ට අඩු වෙන්නත් පුළුවන්. එහෙම 10,000ට 15,000 අඩු වුණොත් ඔවුන් නොහිතපු විදියට අල්ලපු අත්තත් නැති, පයගහපු අත්තත් නැති තැනට පත්වෙනවා.

ඇත්තටම අපි දන්නවා ලංකාවේ බොහෝ වෙලාවට ආණ්ඩු ගන්න තීරණ, ඒ වගේ තීරණ කියලා. එහෙටත් නැති මෙහෙටත් නැති සතපහකට වැඩක් නැති ගොන් තීරණ. ඒවා දැන් අපට හොඳටම පුරුදුයි. ඒක නිසා අපි එච්චර ඒවා ගැන කනගාටු වෙන්නේ නෑ. ඒවා ගැන දුක් වෙන්නේ නෑ. හැබැයි මතක තියාගත යුතු වැදගත්ම කාරණය වෙන්නේ ලොතරැයියක් මිලට ගත්තේ සාමාන්‍ය මිනිහා. අහිංසක මිනිහා.

ඒ මිනිහට ලොතරැයියේ මිල දෙගුණ කරලා ඒ හරහා ඔහු අපහසුතාවට පත්වුණු එකටත් වඩා භයානක කාරණය වෙන්නේ ලොතරැයි මණ්ඩල හෝ වෙනත් ලොතරැයි ආයතන තමන්ට ලැබෙන ලාභය ගැන විතරක් හිතන එක. තමන් ලාභ උපයනවා නම් මේ ලාභ ඉපයීම ඇතුළේ ඔවුන්ට ඇයි බැරි ඔවුන්ට මේ ලාභය උපයාගැනීමට උදව් කරන ලොතරැයි නියෝජිතයාට ඒ වාසිය ලබාදෙන්න. ලොතරැයි කූඩුවෙ මනුස්සයාට ඒ වාසිය ලබාදෙන්න.

පාරේ ලොතරැයි විකුණන මිනිහට ඒ ලාභය ලබාදෙන්න. ඔබ කොච්චර සාර්ථක ආයතනයක් වුණත් වැඩක් නෑ පාරේ ලොතරැයිය විකුණන මිනිහා තමයි ඔබේ ලොතරැයිය සාමාන්‍ය මනුස්සයා ගාවට ගෙනල්ලා දෙන්නේ. ඒ මනුස්සයා ගැන විශ්වාසය තියලා තමයි බොහෝ දෙනෙක් ලොතරැයි ගන්නේ. ඒ නිසා ඒ විදියට මේ ලාභය ලබාගත්තා නම් ඇතැම් විට මේ ලොතරැයි ව්‍යාපෘතිය මීට වඩා සාර්ථක වෙන්න තිබුණා. ඒ වගේම ලොතරැයිය හරහා ඔවුන් විශාල මුදලක් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් ඇයි ඔවුන්ට බැරි ලොතරැයියේ දිනුම දෙගුණ කරන්න? එහෙම නැත්නම් යම් විදියකින් වැඩි කරන්න? එහෙම නැත්නම් මෙතෙක් තිබුණු මුදලට වඩා වැඩි කරලා පෙන්නන්න?

මේ විදියේ උපක්‍රමවත් නොදැන නම් ලොතරැයියේ මිල වැඩිකරන්න උත්සාහ කරන්නේ, අපි ඔබට කියන්නේ ඔබේ ව්‍යාපෘතිය සාර්ථක එකක් කරගන්න ටිකක් මහන්සි වෙන්න වෙයි කියලා. ඒකට හේතුව තමයි ලොතරැයි මණ්ඩලය හෝ වෙනත් ලොතරැයි ආයතනයකට සාමාන්‍ය මනුස්සයා ගැන හිතන්නෙ නැතිව තමන්ගේ ලාභය ගැන විතරක් හිතලා වැඩ කරන්න එච්චර ලේසි වෙන්නේ නැති නිසා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බැංකු පද්ධතියටවත් බැංකු ගිණුම්වලටවත් කිසිම හානියක් වෙන්නෙ නෑ! දේශීය ණය ප්‍රතිව්‍යහුගතකරණය කරන හැටි මහබැංකු අධිපති විනාඩි 17ක් තිස්සේ පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහබැංකු අධිපති කියපු විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සේවක අර්ථසාධක අරමුදලට අත තියලා! ඒකට අපි එකහෙළාම විරුද්ධයි! සජබ අන්තිම තීන්දුව මරික්කාර් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.