දැනට රාජකාරියේ නියුතු පොලිස්පතිවරයා විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩුවන එම ධූරය සදහා ආදර්ශවත්, නිකැළැල්, පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි තහවුරු කළ හැකි නිළධාරියෙකු පමණක් පත් කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටියි. Sri Lanka Latest News
ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන ලිපියක් මගින්, නීතීඥ සංගමය මෙම ඉල්ලීම සිදු කරයි.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දී තිබෙන සේවා දිගුව පසුගිය විසි හයවන දා වන විට අවසන්ව තිබේ.
ජනාධිපතිවරයා සිය යුරෝපා සංචාරය නිමවා යළි දිවයිනට පැමිණීමෙන් පසුව, නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.
මේ වන විට පොලිසිය සම්බන්ධයෙන් ඇති මහජන විශ්වාසය දැඩි ඛාදනයකට ලක්ව ඇති බව පවසන ශ්‍රී ලංකා නීතීඥ සංගමය, බිද වැටී තිබෙන මහජන විශ්වාසය යළි ගොඩ නැගීමට නම් ආදර්ශවත් පොලිස් නිළධාරියෙකු පොලිස්පති ධූරය සදහා පත් කළ යුතු බව අවාධාරණය කරයි.