• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 6ට දැනට රෝගීන් 47000ක් වාර්තා වෙලා! ඉස්සරහට මෝසම් වැසි කාලය ඇරඹෙනවා! පාලනය නොකළොත් ඩෙංගු අධිවසංගතයක් වෙන ලකුණු! I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මාස 6ට දැනට රෝගීන් 47000ක් වාර්තා වෙලා! ඉස්සරහට මෝසම් වැසි කාලය ඇරඹෙනවා! පාලනය නොකළොත් ඩෙංගු අධිවසංගතයක් වෙන ලකුණු! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. Sri Lanka Latest News

ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙන බවත්, ඒ අනුව ජනවාරි මස සිට මේ දක්වා රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීම ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බවත් ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට පසුගියදා (23) එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම රජය, පෞද්ගලික අංශය, මහජනතාව ඇතුළු සියලු පාර්ශ්ව එක් කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වෙනවා.

මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලීනව ක්‍රියාත්ම කිරීම තුළින් ඩෙංගු රෝගය පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී ඇති වන මෝසම් වැසි සමඟ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක් තිබෙනවා. සාමාන්‍යයෙන් ජුනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. එම නිසා ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සියලු පාර්ශ්ව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුයි.

ඩෙංගු රෝගයට ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකු ගොදුරු විය හැකියි. වාර්තාවන රෝගීන්ගෙන් සියයට 75ක්ම වයස අවුරුදු 15 ට වැඩි අයයි. මීට පෙර කුඩා ළමුන් අතර පැතිර ගියත්, වර්තමානය වන විට තරුණයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගය යනු වෛරසයක්. එම නිසා ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුට මදුරුවෙක් දෂ්ට කළහොත් එම මදුරුවාගෙන් තවත් කෙනෙකුට රෝගය වැළදිය හැකියි.

ප්‍රධාන වශයෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම ඉතා වැදගත්. පිරිසිදු ජලය ඒකරාශී වන ස්ථානවල තමයි බොහෝ විට ‍ඩෙංගු මදුරුවා රැඳී සිටින්නේ. ඉවත දමන ප්ලාස්ටික්, පරණ ටයර්, මල්පෝච්චි, පොල් කටු, තැඹිලි කෝම්බ ඇතුළු ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝ වෙනවා. හැකි තරම් දුරට එවැනි ස්ථාන පිළිබඳව අවධානය යොමු කර ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගැනීමටත් පියවර ගත යුතුයි.

‍ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවීමට නම් මදුරුවන් දෂ්ට කිරීමට ඉඩ ලබා නොදීමට පියවර ගත යුතුයි. ඒ සඳහා ශරීරය වැසෙන ලෙස ඇඳුම් භාවිතා කළ හැකියි. ඒ වගේම මදුරු විකර්ෂණ ආලේප තිබෙනවා. එමගින් ද මදුරුවන් දෂ්ට කිරීම පාලනය කරගත හැකියි. නමුත් මේ සියලුම ක්‍රම සියයට සියයක්ම සාර්ථක නැහැ.

ප්‍රාදේශීය සභා, නගර සභා, මහජන පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් රෝගය පාලනය කිරීම සදහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා. ‍ඩෙංගු රෝගය වැඩි වැඩියෙන් බෝ වන පළාත් කේන්ද්‍ර කරගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

විශේෂයෙන්ම බහුතරයක් රෝගීන් වාර්තා වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඉදිරි සතිය ඇතුළත විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීමට ඒ අනුව කටයුතු කෙරෙනවා. මේ සදහා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීමට එකඟ වී තිබෙනවා.

ජලය පිරුණු භාජනවල ජලය ඉවත් කළත් මදුරු කීටයන් රැඳී සිටිය හැකියි. එම නිසා ඒවාත් හොඳින් පිරිසිදු කොට නැවත ජලය එක්රැස් නොවන ලෙස තැබිය යුතුයි. සාමාන්‍යයෙන් මදුරුවාගේ ජීවන චක්‍රය පවතින්නේ දින පහක් හෝ හයක්. ඒ නිසා සතිපතා පරිසරය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඔබ සිටින අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අනිවාර්යයයෙන්ම කළ යුතු වෙනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම තනි පුද්ගලයකුට පමණක් කරන්න බැහැ. ඒ වගේම එය ආයතන කිහිපයකට පමණක් කරන්නත් බැහැ. මේ සඳහා රටේ සියලු දෙනාගේම සහාය අවශ්‍යයි.

ඩෙංගු රෝගය වැළඳුණු කෙනෙක් නම් වෙහෙස මහන්සි වී වැඩ නොකළ යුතුයි. විවේක ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නොවුණහොත් සංකූලතා ඇති වීමේ සම්භාවිතාව

වැඩියි. උණ ‍සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් ඖෂධ භාවිතා නොකළ යුතුයි. කිසිම උණ රෝගියකුට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ ලබා නොදෙන ලෙසට උපදෙස් දී තිබෙනවා. ඇතැම් විට පැරසිටමෝල් ඖෂධයට උණ සම්පූර්ණයෙන්ම පාලනය නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල රෝගීන් බිය විය යුතු නැහැ. උණ තිබුණා කියලා බරපතල ගැටලුවක් වෙන්නේ නැහැ. ශාරීරිකව විවේක ගැනීම තුළින් සංකූලතා අවම කර ගන්න පුළුවන්. තැඹිලි, දෙහි, දොඩම්, ජීවනී වැනි දියර වර්ග භාවිතා කිරීම ඉතා වැදගත් බව කිව යුතුයි.

SendShareShare
Previous Post

බස්නාහිරට-දකුණට-සබරගමුවට අදත් වහිනවා! I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවේ ඡන්ද ගොඩත් වැඩි කරලා දෙනවා! රනිල්ට ඡන්ද ගොඩත් වැඩි කරගන්නවා! මේ හදන්නේ එකපාර රනිල්ගේ දේශපාලන බඩගෝස්තරය වැඩිකරගන්න! කොහොමද ටිකිරි මොළේ? සමෘද්ධිය කපලා අස්වැසුමෙන් රනිල් ගහන්න යන ගේම චමින්ද එළියට දමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.