අවුරුදු 3ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලබාදීම වසරකට අධික කාලයක සිට ඇණහිට ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි. (Sri Lanka Latest News)
එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, මෙය දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති කරන්නක් බවයි.
මන්දපෝෂණ තත්ත්වය මෑත කාලීනව ඉහළ යමින් ඇති පසුබිමක බලධාරීන් මේ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇය අවධාරණය කළාය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ, බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ පවතින ගැටලුවක් හේතුවෙන් කුඩා ළමුන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ නොහැකි වී ඇති බවයි.
එම ගැටලුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතිරයන්ට අනුකූලව විසඳා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
newsfirst









