පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) ට අනවසරයෙන් පැමිණි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉන් ඉවත් කිරීමට කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් පියවර ගෙන තිබෙනවා. Sri Lanka Latest News
මෙම කමිටුව හමුවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පොල් සංවර්ධන අධිකාරිය කැඳවා තිබූ අවස්ථාවේ දී යි මෙම සිදුවීම සිදුව තිබෙන්නේ.
කාරක සභාව විසින් රජයේ ආයතන කැඳවන අවස්ථාවලදී එම ආයතන අයත් අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහභාගි නොවීම එහි ඇති සම්ප්‍රදාය යි.










