• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ කෝපා කෝ… කෝ කෝප් කෝ I Sri Lanka Latest News

June 23, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෝප් එකයි කෝපා එකයි රැස් වෙනකොට ජනතාව විදියට අපි හිතුවේ මේ රටේ විශාල වෙනසක් කරන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා. ඒත් ඇත්තටම ඒ වෙනස සිදුවුණාද කියන එක දැන් සාමාන්‍ය මහජනතාව වෙච්ච අපට ප්‍රශ්නයක්. මොකද මේ කෝප් කමිටුවල කෝපා කමිටුවල කතාවෙච්ච කරුණු කාරණා දකිනකොට ඒවා අහනකොට අපට තේරෙනවා මේ රටේ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා.(Sri Lanka Latest News)

ගොඩක් කියන වචනය පාවිච්චි කරන එකත් වැරැදියි. ප්‍රශ්න මහ තොගයක් තියෙනවා කියලා අපට තේරෙනවා. ප්‍රශ්න තොගයක් තියෙන රටක ඒ ප්‍රශ්න තොගය ගැනම සාකච්ඡා කරලා එහෙම තොගයක් තියෙන බවට තැන් තැන්වල කතාබහ කර කර ඉඳලා විතරක් හරියනවද කියන එක අපට ප්‍රශ්නයක්. පත්තරකාරයෝ විදියට මේ රටේ තියෙන සමහර ප්‍රශ්න දිහා බලාගෙන කට පියාගෙන ඉන්න අපට හිත දෙන්නේ නෑ. ඇත්තටම සමහර හොරකම්, සමහර වංචා, සමහර ප්‍රශ්න මේ රටේ සිද්ධ වෙලාද, නැද්ද කියන එක නොදැන කියපු කාලයේදී අපට හිත හදාගන්න පුළුවන්කම තිබුණා මේ රටේ යම් යම් දේවල් සිද්ධ වෙලා නෑ කියලා.

හැබැයි අපි දැක්කා කෝප් කමිටුව සජීවීව වාර්තා කරන අවස්ථා තිබුණා, ඒවා සමාජ ජාල ඔස්සේ විකාශය වෙච්ච අවස්ථා තිබුණා. සමහර වෙලාවට කෝප් කමිටුවේ තිරය වහලා, මාධ්‍යවේදීන්ට ඇතුළු වෙන්න නොදී සාකච්ඡා කරපු අවස්ථාවල එය ඇතුළේ සිදුවෙච්ච සාකච්ඡා පිටවෙලා, ඒවා ප්‍රවෘත්ති විදියට පළවෙලා තිබුණා. මේ සියල්ල අතරතුරේ අපට පේන්න තියෙන කාරණය තමයි මේවා නාට්‍යද කියන එක.

මේ කරුණුවලින් කෝප් හෝ කෝපා හෝ වෙනත් කුමන හෝ කමිටුවකට යම් අසාධාරණයක් සිදුවෙනවා නම්, යම් අපහාසයක් සිදුවෙනවා නම්, අනේ ඉතින් තරහා අවසර. ගැත්තා නොදන්නා නිසා මේවා කීවාය කියලා හිතන එක තමයි හොඳම දේ. අපි පෘථග්ජන සාමාන්‍ය මිනිස්සු නිසා. අපි නිකන්ම නිකන් පත්තරකාරයෝ. අපට පේන දේවල්, දකින දේවල්, ඇහෙන දේවල් ගැන කියන්න හිතෙනවා. ඒවායින් උතුම් වූ ජන රජයට කුමන හෝ මට්ටමකදී යම් අපහාසයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකට සමාවෙන්න.

අපි දැක්කා විජයදාස රාජපක්ෂ මහත්තයා කෝප් කමිටුවේ එක්තරා කාලයක ප්‍රධාන පුටුවක හිටියා. මේක අපේ දැනුම මට්ටම අනුව කියන්නම්. එහෙම දෙයක් වෙලා නැත්නම් සමාවෙන්න. ඒ වෙලාවේ මහත්තුරු අහපු සමහර ප්‍රශ්න හරිම ආන්දෝලනාත්මකයි. සමහර ඉදිරිපත් කිරීම්, යටගිය දේවල් මතුකර ගත්ත විදිය හරිම ආකර්ෂණීයයි. ඒ අකර්ෂණය, ඒ අපූර්වත්වය හරිම සීමාසහිතයි.

මොකද, ඒවා අපි දකින්නේ අදාළ සමිති සමාගම්වල ඉදිරි පුටුවල විතර නම් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. චරිත හේරත් මහත්තයා, සුනිල් හඳුන්නෙත්ති මහත්තයා වගේ අය මේවායේදී කරුණු ඉදිරිපත් කරන්නේ සද්භාවයෙන් කියලා. එහෙම නැතුව නැව ගැන කියනකොට ඒ නැවෙන් කීයක් හරි ගත්තාය කියලා සමහරුන්ගෙ නම්ගම් ගෑවිලා තිබුණේ. ඒ වගේ දේවල් නෙවෙයි. මේ අය මේ සම්බන්ධයෙන් හොයනවා, කරුණු සාකච්ඡා කරනවා. ඒ සියල්ල සිද්ධ වෙනවා ඇති. හැබැයි මේවා සාකච්ඡා මේසවල විතරක් කතාබහ වියයුතු දේවල්ද කියන එක ගැන අපට ප්‍රශ්න කරන්න හිතෙනවා. හැබැයි ප්‍රශ්න කරන්න හිතෙන්නේ ඇයි කියන එකත් කියන්නම්කෝ.

අපි හොඳාකාරවම දන්නවා මේ වගේ කමිටු රැස්වීමක් සුළු මුදලක් වියදම් කරලා සුළුවට කරන දේවල් නොවන බව. සියලු පහසුකම් සහිතව මේවා සිද්ධ වෙනවා. ඒ වගේම මේවායෙදී බොහෝ මුදල් වියදම් වෙනවා. ඒවා රජයේ මුදල්. කමිටුවේ සාමාජිකයන්ට යම් මුදලක් ගෙවනවා ඇති කියලා අපි කියනවා නෙවෙයි. ඒ නිසා එහෙම දෙයක් හිතලා අපට චෝදනා කරන්න, අපිව උල තියන්න කල්පනා කරන්න එපා. අපි දන්නේ නෑ එහෙම ගෙවීමක් සිදුවෙනවද නැද්ද කියලා. එහෙම ගෙවීමක් සිදුවුණත් ඒකෙ කිසි ගැටලුවක් නෑ. ඒක ගැන නෙවෙයි අපි කියන්නේ.

ලයිට් බිලේ ඉඳලා මේ සඳහා වන වියදම කීයක් විතර ඇද්ද? සමහර වෙලාවට ඒ වියදම රුපියල් කෝටි ගණනක් වෙන්න ඇතිනේ. ඒ කෝටි ගණන වියදම් කරලා, ඒ වියදමෙන් අපි උපයා ගත්ත දේ මොකක්ද? අඩුම තරමේ වැරැදිකාරයෙක් අත්අඩංගුවට ගැනීමක්, යළි එවැනි වරදක් සිදුවෙන පරිසරය නිර්මාණය නොවීම වගේ දෙයක්වත් සිද්ධ වෙලා තියෙනවද? ඇත්තටම එහෙම දෙයක් අපට පේන්නේ නෑ. මේ හැම වෙලාවකම අපට දැනෙන්නේ, අපට පේන්නේ නිකන්ම නිකන් සංදර්ශනයක් ඉදිරිපත් කරලා, නිකන්ම නිකන් කතාබහක් කරලා, ඒ කතාබහ අවසන් වෙනවා වගේ දෙයක්.

එහෙම නොවී කෝප් කමිටුවට හෝ කෝපා කමිටුවට යම් තීරණයක් ගන්න පුළුවන්ද? ඇත්තටම මේකෙ නීතිමය තත්ත්වය මොකක්ද? අපේ දැනුම මට්ටම අනුව මේ සම්බන්ධව හොයා බලද්දී අපට තේරිච්ච කාරණය තමයි ඇත්ත වශයෙන්ම කෝප් කමිටුවට හෝ කෝපා කමිටුවට හෝ මේ අයට නීතිමය පසුබිමක් නැහැ නීතිමය පියවර ගැනීම සඳහා. එහෙම තියෙනවා නම් ඒ අයට පුළුවන්කම තියෙන්නේ මේ කරුණු කාරණා හොයලා, ඒ සම්බන්ධව ප්‍රශ්න කිරීම සහ ඒ සම්බන්ධව මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක සොයාබැලීම විතරයිද? ඒ අපි දන්න හැටිද? නැත්නම් කෝප් හෝ කෝපා කමිටුවලට ඊට වඩා වගකීමක් තියෙනවද කියන එක ගැන අපි හොයන්න ඕනෙ.

අදත් අපි දකිනවා මේ සංදර්ශනය. අදත් අපි දකිනවා ඔවුන් ප්‍රශ්න කරන ආකාරය. ඉතාම දරුණු විදියට ප්‍රශ්න කරනවා. සමහර පුද්ගලයන්ගේ ආත්ම ගරුත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. හැබැයි එහෙම වුණා කියලා ලංකාවේ හොර බොරු වංචා තක්කඩිකම් අඩු වෙනවද? අඩුවෙලා නැද්ද? අපට ඉතින් තේරෙන තරමින් නම් කියන්න තියෙන්නේ ‘කන්දක් විළිලෑවට මී පැටියෙක්වත් වදලා නෑ’ කියලයි. තරහා අවසර, වැරැද්දක් වුණා නම්. දැනෙන විදියටයි කිව්වේ. අපි බලාගෙන ඉන්නවා අවදියෙන්. හෙට මීට වඩා ලස්සන වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වාලච්චේන ඕටමාවඩි නගරවල හර්තාල් ! වෙළෙඳසල් 300ක් වහලා ! කළුකොඩි ඔසවලා I Sri Lanka Latest News

Next Post

ලංකාවේ ලොතරැයි ඇදෙන්නෙ නෑ කියලා මිනිස්සු චෝදනා ‌කරන කොට මෙන්න ඔස්ට්‍රේලියාවේ මිලියන 100ක එකක් ඇදිලා! Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.