නැගෙනහිර පළාතේ මඩකලපුව වාලච්චේන, ඕටමාවඩි යන නගරවල වෙළඳසැල් 300කට ආසන්න ප්‍රමාණයක් වසා, කළුකොඩි ඔසවා අද (23) හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව වාලච්චේන පොලිසිය සඳහන් කරයි.
කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන චෝදනාවලටත්ල එල්ටීටීඊ ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණුවලට එරෙහිවත්ල මෙම විරෝධතාවය කල්කුඩා පීපල්ස් නැමැති සංවිධානයක් විසින් දියත් කර ඇති බව පොලිසිය කියයි.
වසා ඇති වෙළෙඳසල් ඉදිරිපිට කල්කුඩා පීපල්ස් නම් සංවිධානයක් විසින් අත් පත්‍රිකාවක් දමාගොස් ඇති බවත්, මේ වනවිට ඕටමාවඩි හා වාලච්චේන නගර පුරා කළු කොඩි ඔසවා සම්පුර්ණයෙන්ම වෙළෙඳසල් වසා ඇති බවත් වාලච්චේන පොලිස් ස්ථානාධිපති ලසන්ත බණ්ඩාර සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සහ කැනඩා රජය ශ්‍රී ලංකාවට සිදුකරන අහිතකර බලපෑම් සහ චෝදනා වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසද, එම කල්කුඩා පීපල්ස් සංවිධානය ඕටමාවඩි සහ වාලච්චේන වෙළඳසැල් වෙත බෙදාහැර තිබෙන එම පත්‍රිකාවල සඳහන්වේ.
lankasara











