බලංගොඩ, සේනක පෙදෙස, බලගහමුල ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ පහරදීමකින් පුද්ගලයකු මියගොස් තිබෙනවා. (Sri Lanka Latest News)
බාල සහෝදරයෙකු විසින් වැඩිමල් සහෝදරයාට මෙලෙස පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පහරදීම සිදුකළ පුද්ගලයා බීමත්ව සිට ඇති අතර, ඔහු සිය මව, පියා සහ වැඩිමල් සහෝදරයා සමඟ ඇතිකරගත් බහින් බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ බලගහමුල ප්‍රදේශයේම පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයකි.
ඔහුගේ මෘත ශරීරය මේ වනවිට බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
/dasathalankanews










