හඬපට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියක උසුලන රන්ජන් රාමනායක මහතාගේ හඬපට පරයන ආකාරයේ මහත් ආන්දෝලනාත්මක හඬපටයක් ප්‍රසිද්ධියට පත් කිරීමට එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා කටයුතු කොට ඇත.
මෙම හඬපටයේ ඇත්තේ නවීන් දිසානායක මහතා යම් පුවත්පත් ආයතනයක් තුළට ගොස් එහි කර්තෘවරයා සමග සාකච්ජා කරන සිදුවීමකි.
එකී පුවත්පත දිගින් දිගටම තමන්ට මඩගසන බවත්, තවදුරටත් එසේ කරන්නේ නම් තමන් පැරණි හිතවත්කම් නොබලා පුවත්පතට එරෙහිව එන්තරවාසි එවන බවත් දිසානායක මහතා මෙහිදී කියා සිටී.










