තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. Sri Lanka Latest News
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර තිබේ.
වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ වන විට තිරිඟු පිටි ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව යම් හෙයකින් වෙළෙඳෙපොලේ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.










