• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

වාමවාදය ඉවර කළේ විජේවීරද? දමිළ ජාතිකවාදය ඉවර කළේ ප්‍රභාකරන්ද? සිංහල ජාතිකවාදය ඉවර කළේ මහින්දද? ලිබරල්වාදය ඉවර කළේ රනිල්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

June 17, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
වාමවාදය ඉවර කළේ විජේවීරද? දමිළ ජාතිකවාදය ඉවර කළේ ප්‍රභාකරන්ද? සිංහල ජාතිකවාදය ඉවර කළේ මහින්දද? ලිබරල්වාදය ඉවර කළේ රනිල්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘විජේවීර වාමවාදය විනාශ කළා. ප්‍රභාකරන් දමිළ ජාතිකවාදය විනාශ කළා. මහින්ද සිංහල ජාතිකවාදය විනාශ කාළා. රනිල් ලිබරල්වාදය විනාශ කළා…..’ Sri Lanka Latest News

මේ, මුහුණු පොතේ තිබූ වටිනා කියමනකි.

ඇත්තටම ලංකාවේ වාමවාදයේ පියවරුන් ලෙස ඇන්.ඇම්.ලා, කොල්වින්ලා බෞතීස්ම කළාට ලංකාවේ වාමවාදය ජනප්‍රි කළේ රෝහණ විජේවීරය. ලංකාවේ තරුණ තරුණියන් කැරැලි දෙකක් ගහන්න ඔහු වටේ එකතු වුණේ ඔහු ජවිපෙ පන්තිවලින් වාමවාදය මෙරටට ගැළපෙන ලෙස ලංකාවේ තරුණ තරණියන්ගේ හදවත් තුළට එන්නත් කළ නිසාය. ඔහු ලංකාවේ වාමවාදයේ ජනප්‍රියතම නායකයාය. එහි විවාදයක් නැත. ලංකාව විප්ලවයකට සූදානම් නැතැයි වාමවාදී බක පණ්ඩිතයන් කියද්දී ඔහු විප්ලව දෙකක්ම කොට ලංකාවේ ධනවාදය හතර ගාතෙන් වැට්ටුවේය.

ඒ විප්ලව දෙකම අසාර්ථක විය. 1971 කැරැල්ල වෙලාවේ එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ජවිපෙ මර්දනය කරලා දශක දෙකකට ආසන්න කාලයකට ලංකාවේ වාමවාදයට යළි හිස ඔසවන්න බැරි වෙන ලෙස වාමවාදයේ කොන්ද කඩාදැමීය. ඒත් විජේවීර 88-89 යළිත් විප්ලවයක් දියත් කළේ අළු මතින් නැගිටිමින්ය. ඒ විප්ලවය ප්‍රේමදාසගේ ආණ්ඩුව මර්දනය කළේ හිත්පිත් නැතිවය. අවසානයේ ගෙදරක කාල් මාක්ස්ගේ පොතක් තියාගන්නත් මිනිස්සු බය විය. එතැන් සිට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති දුර්වල විය. වාමවාදය පොළොවටම සමතලා විය. බණ්ඩාරනායක මැතිනියගේ ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවටත්, ප්‍රේමදාසගේ යූ.ඇන්.පී. ආණ්ඩුවටත් වාමවාදය කුඩුපට්ටම් කරන්න අවස්ථාව හිමි වූයේ විජේවීරගේ අසාර්ථක විප්ලවයන් නිසාය.

ලංකාවේ වමේ විප්ලවීය ආණ්ඩුවක් හදන්න ගිහින් විජේවීර කරගත් වැඩේම ප්‍රභාකරන් දමිළ ජාතිකවාදී රාජ්‍යයක් හදන්න ගිහින් කරගත්තේය. ප්‍රභාකරන් නායකයකු ලෙස කරළියට එන්න කලින් උතුරේ දේශපාලන නායකයෝ ෆෙඩරල්වාදය යහමින් විකුණමින් සිටියහ. ප්‍රභාකරන් ඒ ෆෙඩරල් සටන වෙනම රාජ්‍ය සංකල්පයකට පරිවර්තනය කොට සියතට ගත්තේ තුවක්කුවෙන්ය. වැඩි කලක් නොගොස් ඔහු ලොව දරුණුතම ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයා විය. අවසානයේ මහින්දගේ ආණ්ඩුව ඔහුවත්, ඔහුගේ සංවිධානයත් මරාදැම්මේය. ඉන් පසු උතුරු – නැගෙනහිර මිනිස්සු ප්‍රභාකරන්ගේ නමවත් කියන්න බය විය. අද උතුරේ දමිළ දේශපාලන නායකයන් එකිනෙකා කාකොටාගෙන මරාගනී. දමිළ ජාතිකවාදය ගැන කතා කරන්න දමිළ රාජ්‍යයක් ගැන කතා කරන්න දේශපාලනඥයෙක් සොයාගන්න නැත. ඉන්නේ 13 ප්ලස් කතා කරන නායකයන්ය. නිදහස් සටනටත් කලින් පටන්ගත් ෆෙඩරල්වාදය අද යටපත් වී ඇත. දමිළ ජාතිකවාදය මෙලෙස විනාශ කරන්න මහින්දගේ ආණ්ඩුවට චාන්ස් එකක් ආවේ ප්‍රභාකරන්ගේ මෝඩ තීරණ නිසාය. ඔහු 2002 රනිල්ගේ ආණ්ඩුව සමග ෆෙඩරල් විසඳුමකට එකඟ වුණා නම් ප්‍රභාකරන්ටත් දමිළ ජාතිකවාදයටත් මෙවැනි ඉරණමක් අත්වන්නේ නැත. ප්‍රභාකරන්ගේ සටනට මුලින් ලෝක ප්‍රජාවගෙන් හිතාගත නොහැකි සහායක් ලැබිණි. ඒත් ප්‍රභාකරන් ඊළාම් රාජ්‍යයක්ම ඕනෑ කීමෙන් අන්තිමේදී සිංහල ජාතිකවාදී මහින්දට ප්‍රභාකරන්වත්, එල්.ටී.ටී.ඊ.යත්, දමිළ ජාතිකවාදයත් විනාශ කරන්න අවස්ථාව හිමි විය. ඒ සඳහා ලෝක ප්‍රජාවගේ සහාය ලබාගන්නද මහින්දට හැකි විය. දමිළ ජාතිකවාදයේ පියා විය යුතු ප්‍රභාකරන් දමිළ ජාතිකවාදය විනාශ කළේ එලෙසය.

ලංකාවේ සිංහල ජාතිකවාදයේ පියා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යැයි සමහරු සිතාගෙන සිටියාට ලංකාවේ සිංහල ජතිකවාදයේ පියා මහින්ද රාජපක්ෂය. ඔහු ප්‍රභාකරන්ගේ දමිළ ජාතිකවාදයත්, හකීම් සහ රිෂාඩ්ලාගේ මුස්ලිම් ජාතිකවාදයත් බිමටම සමතලා කර දැමුවේය. ඔහු සිංහල ජාතිකවාදයේ උරුමයන් රකින නායකයා ලෙස බෞතීස්ම විය. ඔහු සිංහල ජාතිකවාදය තම ප්‍රධාන දේශපාලන අවිය කරගත්තේ සිංහල ජාතිකවාදයේ හතුරා ලෙස රනිල් වික්‍රමසිංහව පුම්බවමිනි. රනිල් ජාතියේ හතුරා ලෙස පෙන්වා,රනිල්ට ගහන්න ගහන්න මහින්ද ජනප්‍රිය විය. මහින්දගේ සිංහල ජාතිකවාදයත් ජනප්‍රිය විය. හැබැයි අරගලය වෙලාවේ තම ආරක්ෂාවට රනිල්ට අගමැතිකමයි, ජනාධිපතිකමයි දෙන්න ගිහින් රනිල් ඉස්සරහ සිංහල ජාතිකවාදය සහ ජාතිකවාදීන් දෙකට කඩලා දණගැස්සුවේය. අද සිංහල ජාතිකවාදය සහ සිංහල ජාතිකවාදීන් ඉන්නේ අන්ත අසරණ වෙලාය. හොඳම නිදසුන වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩට සහ නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ට අත්වූ ඉරණමය. මහින්දට සිංහල ජාතිකවාදී ප්‍රතිරූපය හදාගන්න වසන්ත කරන්නාගොඩ විශාල කාර්යභාරයක් කළ අයෙකි. 2002 රනිල්ගේ ආණ්ඩුවේ සටන් විරාම කාලයේ මහින්ද විපක්ෂ නායක ලෙස ත්‍රිකුණාමලයේ එල්.ටී.ටී.ඊ. තර්ජන නිරීක්ෂණය කරන්න ආ වෙලාවේ ත්‍රිකුණාමලය භාරව සිටි නාවික හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගොඩ ත්‍රිකුණාමලයේ වරාය අවට එල්.ටී.ටී.ඊ. කඳවුරු ඉදිකරන හැටි සිතියම් සහිතව මහින්දට දුන්නේය. යුද්ධය වෙලාවේත් එල්.ටී.ටී.ඊ.යේ ලොකුම හයිය වූ නාවික බලය මර්දනය කොට මුහුදෙන් ආයුධ ගෙන ඒම නතර කළේ ඔහුය. පසුගියදා ඔහුට ඇමෙරිකාව යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් සංචාරක තහනමක් පැනවීය. ඒ තහනම පනවා සති කිහිපයක් තුළ රනිල් ඔහුව වයඹ ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කළේය. 2015-2019 රනිල් අගමැති කාලයේ බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. විරෝධතාකරුවන්ට අතින් සංඥා කොට තර්ජනය කළා යැයි කියා බි්‍රතාන්‍යය ඔහුව පිටමං කරන විට, ඔහු බේරාගන්න යකා නටපු මහින්දලා කරන්නාගොඩව රනිල් ඉවත් කරන විට සද්දෙ වහගත්තේය. 2019 ජනාධිපතිවරණයේදී මහින්දගේත්, ගෝඨාගේත් ජාතිකවාදී ව්‍යාපෘති වෙනුවෙන් පෙනී හිටපු අනුරාධා යහම්පත්ව රනිල් නැගෙනහිර ආණ්ඩුකාරකමෙන් ඉවත් කරන විටද මහින්දලා අහක බලාගත්හ. මහින්දගේ ජාතිකවාදී ව්‍යාපෘතියේ නියමුවන් වූ මාධ්‍ය සහ උගතුන්, වියතුන්, හාමුදුරුවරු අද ඉන්නේ අන්ත අසරණ වෙලාය. ඔවුන්ට අද සිදුව ඇත්තේ තමන් ජාතියේ හතුරා යැයි පෙන්වපු රනිල්ට සුදු හුණු ගාන්නටය. එහෙම බලන කොට සිංහල ජාතිකවාදය මහින්ද විනාශ කළා කියන කතාව හරියටම හරිය.

2013 ඔක්තෝබර් 16 මංගල සමරවීර රටටම ඇහෙන්න කිව්වේ ඔහු රනිල්ට සහාය දෙන්නේ අද ලංකාවේ ඉන්න හොඳම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා රනිල් නිසා යැයි කියාය. ඔහු 2020 යූ.ඇන්.පී.යෙන් ඉවත් වී සමගි ජන බලවේගයෙන් නාමයෝජනා දීලා එය ඉවත් කරවාගෙන මාධ්‍යයට කීවේ ලංකාවේ අද තියෙන එකම ලිබරල් නායකයා සහ එකම ලිබරල් පක්ෂය යූ.ඇන්.පී.ය යැයි කියාය. රනිල්ව ලංකාවේ පමණක් නොව ලෝකයක් හඳුනාගත්තේ ලිබරල් මතධාරියකු ලෙසය. මේ නිසාම ඔහු ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ උප සභාපති ධුරයකටද පත්විය. එහෙත් ඔහු රාජපක්ෂලාගේ පිහිටෙන් ජනාධිපති වූ පසු මහින්දලාගේ ජාතිකවාදය පරාජය කොට ලිබරල්වාදය ජයග්‍රහණය කරපු, අරගලයට නායකත්වය දුන් සමාජ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින්, උද්ඝෝෂණ තහනම් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වූ ඡන්ද කල්දමමින් සිටී. ඩී.ඇස්., ඩඩ්ලි, ජේ.ආර්., ප්‍රේමදාස ලිබරල්වාදීන් නොවේ. යූ.ඇන්.පීය ලිබරල් පක්ෂයක්ද නොවේ. හැබැයි යූ.ඇන්.පී.ය ලිබරල් පක්ෂයක් බවට පත්කළේ රනිල්ය. මේ නිසාම ලිබරල් පක්ෂය හදපු චානක අමරතුංගලාගේ නම් අතුරුදන් වී රනිල් ලංකාවේ ලිබරල්වාදයේ පියා බවට පත්විය. රනිල් යටතේ මාධ්‍ය නිදහස, ආගමික නිදහස, සංස්කෘතික නිදහස සහතික වනු ඇතැයි ලංකාවේ ලිබරල්වාදීහු සිතූහ. ලිබරල්වාදයේ පියා ලෙස ඔවුන් විසින්ම බෞතීස්ම කළ රනිල් දැන් ලිබරල්වාදයේ ලොකුම හතුරා බවට පත්වෙමින් සිටී. රනිල්ට කඩේ ගිය ලිබරල්වාදීන් දැන් ඉන්නේ ‘ලී-බැරල්’ වෙලා, පැස්බරා මෙන් වැල්ලේ ඔළුව හංගාගෙනය. එයින් පේන්නේ මහින්දගේ සිංහල ජාතිකවාදය ප්‍රමෝට් කරපු සිංහල ජාතිකවාදීන්ට අත්වෙලා තියෙන ඉරණමම රනිල් ලිබරල් නායකයෙක් ලෙස ප්‍රමෝට් කරපු ලිබරල්වාදීන්ටත් අත්වී ඇති බවය

කැලේ ගහක් නහන්න කැලේ ගහක්ම ඕනෑ යැයි කතාවක් තිබේ. ලංකාවේ ඉතිහාසය වාමවාදය නසන්න වාමවාදයේ පියාවත්, දමිළ ජාතිකවාදය නසන්න දමිළ ජාතිකවාදයේ පියාවත්, සිංහල ජාතිකවාදය නසන්න සිංහල ජාතිකවාදයේ පියාවත්, ලිබරල්වාදය නසන්න ලිබරල්වාදයේ පියාවත් තෝරාගැනීම හරිම ගුප්තය. Sri Lanka Latest News

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉන්දියාවේ සුපිරි මගුලක්! රනිල්ට-මහින්දට-ගෝඨාට-දිනේෂ්ට-බැසිල්ට ආරාධනා! කොචින්වලට එන්න ටිකට් එකත් නොමිලේ! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

කළුතරදී ඊයෙ රෑ පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා ! Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.