ඉන්දියාවේ සිටින සුපිරි කෝටිපතියකු ලෙස සැලකෙන ප්‍රකාශ් නායර් මහතාගේ දියණියගේ විවාහ මංගලෝත්සවයට සහභාගි වන ලෙසට මෙරට දේශපාලන ප්‍රබලයන් සහ ව්‍යාපාරිකයන් රැසකට ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
මෙම විවාහ මංගලෝත්සවය ලබන අගෝස්තු මාසයේදී ඉන්දියාවේ කොචින්හි පිහිටි ෂෙරටන් හෝටලයේ පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාටත්, ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාටත්, බැසිල් රාජපක්ෂ මහතාටත් ආරාධනා කිරීමට නායර් මහතා පියවර ගෙන ඇත.
මෙහිදී මේ සියලු ආරාධිතයන්ට ඉන්දියාවට පැමිණීම සදහා පළමු පන්තියේ ගුවන් ටිකට් පත් ලබා දීමටද නායර් මහතා සැලසුම් කොට ඇති බව පැවසේ.
මෙම විවාහය වෙනුවෙන් දෙදිනක් සඳහා ෂෙරටන් හෝටලය සම්පූර්ණයෙන්ම වෙන්කර ගැනීමටද නායර් මහතා කටයුතු කොට තිබේ.










