• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එලොව ගිහින් මෙලොව ආපු සංගීත් විජේසූරියට විවෘත ලිපියක් I Sri Lanka Latest News

June 20, 2023
in Exclusive, Heart, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංගීත් ඔයා ආයෙත් ආවට සතුටුයි… හැබැයි මේකත් හොඳට හිතේ තියාගන්න…

සියලුම කලාකරුවන් කියෙව්වට කමක් නෑ…

ලියුමක් ලියනවා කියන එක බොහෝ විට බොහෝ දෙනකුට හරිම සුන්දර අත්දැකීමක්. නොම්මර ඔබන ෆෝන් කලාව වාගෙම ස්මාර්ට් ෆෝන් කලාව එන්න කලින් බොහොමයක් වූ මිනිස් බැඳීම්වල සෙනෙහස, දයාව රැඳුණේ ලියුම් කඩදාසිවල.(Sri Lanka Latest News)

ගම්පෙරළිය කතාවට මූලාශ්‍රය වෙන්නේ නන්දාට පියල් දුන්න ලියුම. ‘සමනල සන්ධ්වනිය’ බයිස්කෝප් එකට මුල් වෙන්නෙත් පෝස්ට්මන් අතරමග වීසි කර ගිය ලියමනයි. අතට ලැබෙන කාලය දිග වුණාට එස්.එම්.එස්. පණිවුඩයකට වඩා ලියුමක් කියන එක ඕනෑම තරාතිරමේ සබැඳියාවකදී හරි හැඟීම්බරයි. අමතක කරන්න බැරි සින්දු අතර ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා’ සින්දුව අදටත් කොයි තරම් හිතට ෆීල් වෙනවද?

අන්න ඒ හින්දම තමයි සංගීත් විජේසූරියට පොඩි කෝල් එකක් අරන් ඉන්ටර්විව් එකක් කරනවට වඩා ලියුමක් ලියන එක හිතට ෆීල් වෙනවා නේද කියලා හිතුණේ. ලියුම පුද්ගලිකව සංගීත්වටම තැපැල් නොකර, පත්තර පිටුවකට අකුරු කරන්න හිතුණෙ. මේකෙ තියෙන කරුණු කාරණාවලින් අපේ අනෙක් කලාකරුවන්ටත් යමක් ඉගෙනගන්න පුළුවන් වේවි නේද කියලා හිතට දැනුණු නිසයි.

මේ අහපන් සංගීත්,
මුලින්ම ලියනවා, උඹ සනීප වෙලා ආයෙම සින්දු කියන්න ආව එක නම් පට්ට සතුටුයි. මොළේ ඇතුළේ ලේ කැටියක් හිරවෙනවා කියන එක සීරියස් කේස් එකක්. හිතුවට වඩා ඉක්මනට උඹ ඒ අවදානම ජයගත්තා. කොටින්ම කියනවා නම් උඹ මාරයාට රිදෙන්න පයින් පාරක් ගහලා ආයෙම ජීවිතයට ගොඩවුණා. ඒක වාසනාවද, පින් මහිමයද, කර්ම ශක්තියද කියලා තවමත් කියන්න දන්නෙ නැහැ.

කොහොම නමුත් යාළුවා උඹ නිරුපද්‍රිතව ආයෙම සින්දු ෆීල්ඩ් එකට ආව එක වාසනාවක්. එහෙම කියන්නේ උඹ වගේ සින්දුකාරයෙක් ආයෙම හොයන එක ලේසි නැති හින්දයි. ඉතින් සංගීත් මේ ලියමන ලියන්න ගත්ත විශේෂම කාරණාව වුණේ උඹේ අසනීප තත්ත්වය නෙවෙයි. ඊට එහා ගිය යමක් මේ හැම සිදුවීමක්ම අව් අස්සේ කාගෙත් ඇහැ ගැටුණු නිසයි. හිතට දැනුණු නිසයි.

ඒ කාරණාවට වඩා උඹේ හිතට දැනුණද නැද්ද කියන්න අපි දන්නෙ නැහැ. දැනුණත් උඹ දැනුණේ නැහැ වාගෙ ඉන්නව වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒක උඹට දැනුණා නම් ලොකු දෙයක්.

හැබැයි, කිරි ගහට ඇන්නා වගේ එකක් කියන්න පුළුවන්. ජීවිතයත් මරණයත් අතර උඹ මාරාන්තික සටනක ඉන්න වෙලාවේ උඹට හිතැතිව හිටපු සමහර සංගීත ලෝලීන්ට එහෙමත් නැත්නම් උඹේ රසික රසිකාවියන්ට උඹව ටිකකට හරි අමතක වුණා කියන කාරණය. තවත් විදියකට කියනවා නම් මඟහැරුණාය කියන කාරණය අපට නම් තදින්ම දැනුණා. අපට විතරක් නෙවෙයි තව තව අයට ඒක දැනුණා. බස් එකේදි කෝච්චියේදී වැඩබිමේදී, ගෙදරදී, ෆේස්බුක් එකේ හැම තිස්සෙම වාගේ ඇස් ඔබාගෙන ඉන්න කට්ටියට ඒක තදින්ම දැනුණා.

‘අනේ සංගීත්, ඉක්මනට සනීප වෙන්න. ඔයාට බුදු සරණයි…’

අන්න එහෙම අකුරු අහුරක් එකතු වෙච්ච කමෙන්ට් සිය ගණනක් උඹ වෙනුවෙන් ෆේස්බුක් එකේ වැටෙයි කියලයි අපි කවුරුත් හිතුවේ. ‘හැබැයි ජනප්‍රිය සංගීත ශිල්පී සංගීත් විජේසූරිය මොළයේ ලේ කැටිගැසීමක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට’ කියන පෝස්ට් එකට යටින් වැටුණේ ඉහත සඳහන් කරපු කමෙන්ට්ස් කිහිපය විතරයි.

මතකයිද?

ජනප්‍රිය සිනමා නිළි සබීතා පෙරේරාගෙ මහත්තයා කොවිඩ් කාලේ නිදහස් චතුරස්‍රය පැත්තෙ ජොගින් යනකොට කලන්තයක් හැදිලා වැටිලා තදින් අසනීප වුණා. මගෙ අම්මෝ ඒ ගැන ෆේස්බුක් එකේ පළවුණු පෝස්ට් එකට වැටුණු කමෙන්ට් තොගය අද වාගෙ මතකයි.

ඒ විතරක්ද? දැක්කමත් හිනායන ටෙලි කවටයා ගිරිරාජ් කෞෂල්‍ය ලියුකේමියාවට ගොදුරු වෙලා කියලා දැම්ම පෝස්ටුවට මොන තරම් නම් පපුව උණුවෙන කමෙන්ට්ස් ගොඩක් වැටිලා තිබුණද? ඒ විතරක් නෙවෙයි, අපේ ජනප්‍රිය ටෙලි නිළියක් බබාව කරපින්නාගෙන සුපර් මාර්කට් එකට ගියත් කමෙන්ට් එකසිය ගානට වැටෙන රටක් මේක. එතකොට අපේ අසල්වැසි ඉන්දියාවේ නිළියකගේ හෝ නළුවකුගේ කකුලක් උළුක්කු වුණාය කිව්වත් වැටෙන කමෙන්ට්ස් ගාන කොච්චරද?

ඉතින්, ඇයි සංගීත් උඹට මෙහෙම වුණේ? අර කියපු හැමෝටම වැඩිය උඹ ජනප්‍රිය නැතුවද? උඹේ සින්දු කොයිතරම් ආකර්ෂණීයද? ස්ටේජ් එකට නැග්ගම කොල්ලො කුරුට්ටෝ වාගෙම තරුණ කෙල්ලො උඹට දෙන චියර් එක මොන තරම් ආෂික්ද? එළිමහන් ප්‍රසංගවලදී සංගීත් විජේසූරිය කියන නම ගායකයට අනුග්‍රහය දෙන්න කොච්චර නම් වෙළෙඳ ව්‍යාපාරිකයො පොර අල්ලනවද? ඒක එහෙම වෙච්ච එකේ උඹේ දුක සැප ගැන අහන්න නපුරු මරණයත් එක්ක උඹ බය හිතෙන ගනුදෙනුවක ඉන්න වෙලාවේ උඹට සෙත් පතලා කමෙන්ට් එකක් ලියන්න, උඹ වටේ එක්රොක් වෙන්න උඹට ළෙන්ගතුව හිටිය සමහර එවුන්ට අමතක වුණේ ඇයි?

සමහර විට ඒකට හේතුව සින්දු කියලා මිනිස්සුන්ව පිනවපු උඹ, පහුගිය දවස්වල යම් යම් දේශපාලන වේදිකාවල රඟපු රැඟිල්ල වෙන්න බැරිද?

‘නැහැ, මං හිතන්නෙ නැහැ…’

ඉහත ප්‍රශ්නයට උඹේ හිත එහෙම උත්තරයක් දුන්නත් බොහෝ විට ඇත්ත කතාව ඒක තමයි. උඹ නලින් පෙරේරා වැනි සංගීත ප්‍රවීණයෝ එක්ක අරගලයට ආවා. දවස දෙක ගතකළා. සින්දු කිව්වා. ගෝඨා ගෝ හෝම් කිව්වා. ඒ ඔක්කොම හරි. හැබැයි ඒ අතර වාරයේ උඹ වෙන වෙන දේශපාලන වේදිකාවලට නැග්ගා. පන්සිල් පද පහම රකින මහත්තුරුයි මේ මාත් එක්ක වේදිකාවේ ඉන්නේ කියලා මහ හඬින් කෑගහලා කිව්වා.

හිතලා බලපං ඒ කතාව කොයි තරම් විහිළුවක්ද? උපහාසයක්ද? අනික ඒක මොන තරම් දියාරු ජාතියෙ සුදුහුණු ගෑමක්ද? එක තැනක එක මීටිමක විතරක් නෙවෙයි, ඒ පන්සිල් පද පහේ කතාව උඹ මීටින් දෙක තුනකම කිව්වා. උඹ අත දික්කරලා පෙන්නපු ඒ දේශපාලන නායකයා ඇතුළු නඩය පන්සිල් පද පහ රකින නොරකින එක වෙනම කතන්දරයක් වුණත් උඹ ඒක උඹගේ කටින් කියලා උන්ව සුදනෝ කරපු එක නම් පට්ටම පට්ට විලම්බීතයක් බං.

උඹ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම වාමාංශිකයි කියලා උඹ කියපු එක උඹේ මතය. උඹේ තියරිය. ඒක එහෙමය කියලා උඹ වාමාංශිකයි කියන දේශපාලකයන්ට සුදුහුණු ගාන එක හරිද? උඹ ඉත්තෙක් වෙලා උන්ට ප්‍රසිද්ධියේ ආවඩන එක හරිද? ඒක නිකන් තුට්ටු දෙකේ ගොන් ආතල් එකක් බං. අතිදක්ෂ සින්දුකාරයෙක් විදියට මිනිස්සුන්ගෙ ආත්මයට සියුම් තට්ටුවක් දාලා උන්ට සුපිරි ආතල් එකක් දුන්න උඹට ඒ මෝඩ චූන් ගැළපෙන්නෙ නැහැ.

මචං අනික ඒවට හුඟක් මිනිස්සු විශේෂයෙන් උඹේ සින්දුවලට හුරේ දාපු මිනිස්සු කැමැති නැහැ සංගීත්. ගැටයා කාලේ ඉඳන්ම උඹ වාමාංශිකයි නම් උඹට පුළුවන් ඒ මතය තුළ ඉඳගෙන ධනවාදයට විරුද්ධව උඹේ ඡන්දය දෙන්න. උඹට පුළුවනි නිහඬ ස්වාධීන සේවාවක් හරහා දන්න කියන මිනිස්සුන්ගේ ඡන්දයක් ධනවාදී පක්ෂවලට එරෙහිව හරවන්න. අන්න ඒකයි වෙන්න ඕනෑ. එහෙම නැතුව දේශපාලන වේදිකාවල නැගලා උන් පන්සිල් පද රකින එක ගැන රටට කෑගහලා කියන එක නෙවෙයි සහෝදරයා උඹ අතින් වෙන්න ඕනෑ.

අනික සංගීත් උඹ එක මීටිමකදී කියලා තිබුණා, ‘මම කඩේ යන්නෙ රට වෙනුවෙන්’ කියලා.ඒ මරු කියමන උඹට කියන්න තිබුණේ අරගල බිමේදි මිසක් කවුරුන් හෝ දේශපාලන නායකයෙක්ට කඩේ යන වේදිකාවකදී නෙවෙයි. උඹ වගේ හොඳ ප්‍රතිරූපයක් තියෙන, ආකර්ෂණීය සින්දු කියන, පට්ට වොයිස් එකක් තියෙන තරුණ හාදයෙක් ඇයි බං එහෙම කළේ? උඹ වාගේ සංවේදී මිනිහෙකුට ඒ තුට්ටු දෙකේ අච්චාරු වැඩ ගැළපෙන්නෙ නැහැ සංගීත්. උඹට ඒක හරියන්නෑ.

උඹට නෙවෙයි කිසිම කලාකාරයකුට දේශපාලකයන්ට ගොට්ට අල්ලන කලාව හරියන්නෙ නෑ.

තත්පරයක් දෙකක් අරන් හිතලා බලපං. දේශපාලකයන්ට ගොට්ට අල්ලන්න ගිය කොයි කලාකාරයටද හරිගියේ? මොනර කඩදාසි මිටි බෑග් එකක් උන්ට ලැබෙන්න ඇති. හැබැයි ඉතින් ඒ මොනර කඩදාසි බෑග් එක නිසා උන්ට උන්ගේ මුළු ආත්මෙම නැතිවුණා. ඉමේජ් එක නැතිවුණා. උන්ට ආදරය කරපු රසිකයන්ගේ බකප් එක නැතිවුණා. තව සමහරුන්ට තමන්ගේ ජීවිතෙත් නැතිවුණා.

වැඩිදුර කියන්න ඕනෙ නෑ. ජැක්සන් ඇන්තනීව ගනිං ආදර්ශයට. දක්ෂකම කොයි තරම්ද කියලා ප්‍රමාණ කරන්න බැරි ඒ අතිදක්ෂ කලාකාරයට දේශපාලනය නිසා මිනිස්සුන්ට කොච්චර නම් පිළිකුල් වුණාද? තමන්ගෙ හුස්ම පොද මැෂින් එකකට පාලනය කරන්න දීලා ලෙඩ ඇඳකට වෙලා ඔහේ අසරණව ඉන්න ජැකාට ෆේස්බුක් එකේ වැටුණු කමෙන්ට්ස් මොනතරම් පහත්ද? එච්චර වටින අද්විතීය කලාකරුවකුට එහෙම වුණේ ඇයි? උන්දෑ මහින්ද රාජපක්ෂ බුදුන්වහන්සේගේ නෑයෙක් කරන්න හැදුවා.

සීමාවක් නැතුව රාජපක්ෂලාට කඩේ ගියා. ඒක ඕනෑවටත් වඩා වැඩි කඩේ යෑමක්. අන්තිමේදී මිනිහට ගරු කරපු මිනිස්සුන්ටම මිනිහව එපාවුණා. ‘නිවන් සුව’ පතන තරමටම ‘හෙණ හතම වැදියං’ කියන තරමටම එපා වුණා. ගීතා කුමාරසිංහ ගැන හිතපං. මොන තරම් දක්ෂ චරිතාංග නිළියක්ද? දේශපාලන ගොටු කලාව නිසා සම්මානනීය නිළි ගීතා කුමාරසිංහ අද සෝෂල් මීඩියාවලයි ෆේස්බුක් එකෙයි කුජීත කොමඩියක් වෙලා.

විශාරද නීලා වික්‍රමසිංහට ඇගේ ජීවිතයත් අකාලෙ අහිමිව ගියා. දරුවන්ගේ හිත් නළවන සින්දු කියපු, තරුණ හිත්වලට ආදරණීය සින්දු කියපු සංවේදී ගායිකාවකට ‘ඇම්බැසඩර්’ තානාන්තර හරියනවද? සංගීත කලාවට ආයුබෝවන් කියලා රාජපක්ෂලාට කඩේ ගිය ඇයට, අන්තිමට තම ජීවිතය අහිමි වුණෙත් දේශපාලනය නිසාමයි. තව නිදසුන් ඕනෑ තරම් සංගීත්. තව නිදසුන් ඕනෑ තරම් තියෙනවා. ඒ හැම එකම ලියන්න ගියොත් ලියුම තව දික්වෙනවා.

හැබැයි සංගීත් එකක් මතක තියාගනිං. උඹ මේ කියපු කවුරුත් වාගේ වෙන්න ඕනෙ නෑ. මොකද උඹ තාම කොහෙටවත් හැරෙන්න බැරි දුරක් ගිහින් නෑ. උඹ තාම දේශපාලකයන්ට ගොට්ට අල්ලන කලාවේ කැතම සීන් එකකට ඇවිදින් නෑ. අමතක කරන්න එපා. උඹ කරපු ටික නිසා ටිකකට හරි අපේ මිනිස්සුන්ට උඹව එපාවුණා. ඒ හින්දයි උඹට සංගීත කලාවේ තිබුණු ‘හිට්’ එකේ හැටියට උඹ අසනීප වෙච්ච වෙලාවේ හිතපු තරම් උඹ වෙනුවෙන් කමෙන්ට්ස් වැටුණේ නැත්තේ.

උඹ කොච්චර දක්ෂද? සංගීත් තට්ටේ ඇඟිලි තුඩුවලින් හිමිහිට අතගාලා ලස්සනට හිනාවෙලා හරි හැඟීම්බර විදියට ‘මල් පෙරහැර සින්දුව කියනකොට හැමෝම උඹ දිහා ගල්ගැහිලා වගේ බලන් හිටපු හැටි දැක්කම උඹේ වටිනාකම ගැන කියන්න තව හේතු ඕනෙ වෙන්නෙ නෑ.

ඒ වටිනාකම දේශපාලනයට බිලිදෙන්න එපා. දේශපාලකයන්ගේ ඉත්තෙක් වෙන්න එපා. උඹ නියම වාමාංශිකයෙක් නම් ඒ මතයට ගරු කරලා වෙනම ගමනක් පලයං. ‘මිනිස්සුන්ට සේවය කරන්න රට වෙනුවෙන් කඩේ යන්න’ දේශපාලකයන්ට ගොටු අල්ලන්න ඕනෑ නෑ. සංගීත කලාවේ ඉහළම තැනක ඉන්න උඹට ඒක වෙනම කලාවකට කරන්න පුළුවන්.

උඹ කලාකාරයෙක් සංගීත්. අතිදක්ෂ සංවේදී කලාකාරයෙක්. උඹට ආදරය කරන මිනිස්සුන්ට උඹව ඕනේ. උඹව අපි හැමෝටම ඕනේ. උඹේ ප්‍රතිරූපය නැතිකරගන්න එපා. දේශපාලන ඉත්තෙක් නොවී, උඹ හදාගත්ත ඉමේජ් එක හරහා පීඩාවට පත්වෙලා ඉන්න අපේ අසරණ මිනිස්සු වෙනුවෙන් උඹට ඕනෙම නම් උඹේ වාමාංශික අදහස්වලට පණ දීපං මචං. ඒ වෙනුවෙන් වෙනම ගමනක් පලයං.

අන්න එදාට ෆේස්බුක් එක හරහා පට්ට කමෙන්ට්ස් සිය ගානක් උඹ වෙනුවෙන් වැටෙනවා. ඒ ගැන සැක නැහැ.

සුබ අනාගතයක් සංගීත්…

සත්සර ජයකොඩි

SendShareShare
Previous Post

විදුහල්පතිට පහරදීමට එරෙහිව ගුරුවරු ලෙඩ නිවාඩු දමති! පාසල වැසෙයි! I Sri Lanka Latest News

Next Post

විස සහිත එන්නත් තවම භාවිතයට ගන්නවාද? පේරාදෙණි රෝහලේ එන්නත් විස වී මියගිය අය ගැන සජිත් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.