අම්බලන්ගොඩ, ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදීමට විරෝධය දක්වමින් විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් අද (20) දිනයේදී අනුගමනය කළේය. (Sri Lanka Latest News)
මේ හේතුවෙන් අද දිනයේ විදුහල සාමාන්‍ය පරිදි නොපැවැත්වුන අතර විදුහල අවට පැවතියේ පාළු ස්වභාවයකි.
විදුහලේ 152ක් වන ගුරුවරුන් අතුරින් අද පාසල් පැමිණ සිටියේ 05 දෙනෙක් පමණක් වන අතර, 26ක් වන අනධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් පාසල් පැමිණ සිටියේ දෙදෙනෙකි.
විදුහලේ සමස්ථ සිසු සිසුවියන් සංඛ්‍යාව 3500 කි. එයින් අද දිනයේ පාසැල් පැමිණ සිටියේ සිසු සිසුවියන් 200කටත් අඩු පිරිසකි. ඔවුන්ද වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ පෙ.ව. 8.00 වන විට දෙමාපියන්ට දන්වා ආපසු නිවෙස් වෙත යැවීමට කටයුතු කර තිබුණි.
මෙයට අමතරව අද පෙරවරුවේ අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පැමිණ පරීක්ෂණයක් පවත්වන ලද බවද දේවානන්ද විද්‍යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
විදුහල්පති ජනක පේදුරුහේවාට විදුහල්පති නිල කාමරය තුළදී ඊයේ (19) පෙරවරුවේ විද්‍යාලයීය සිසුවෙකුගේ පියෙකු විසින් පහර දුන් බව කියන සිද්ධියට විරෝධය දක්වා විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය මෙම සේවයට වාර්තා නොකිරීමේ ක්‍රියා මාර්ගය ගෙන තිබුණි.
විදුහල තුළ තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් විදුහල තුළ තමන්ගේ ආරක්ෂාව සලසන තෙක් වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුහලේ ප්‍රකාශකයකු සදහන් කළේය.
පහරකෑමට ලක්වූ විදුහල්පති ජනක පේදරුහේවා මේ වන විට බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. විදුහල්පතිවරයාගේ මුහුණේ හා බෙල්ලේ තැලීම් තුවාල තිබෙන බවද බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියටද පැමිණිල්ලක් කර තිබේ.
විදුහලේ බැට්මින්ටන් ක්‍රීඩාව මුල්කරගත් ගැටලුවක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
lankasara