• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ… කෝ… කෝ… කෝ මේවට පරීක්ෂණ? I Sri Lanka Latest News

June 17, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහ බැංකුවෙන් මහ රෑ උස්සපු ලක්ෂ 50 කෝ…

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් කප්පම් ගත්ත චාමර ගුණසේකර කෝ…

මහ දවල් අගනුවර මරා දැමූ ෂාෆ්ටර්ගේ මිනීමරුවන් කෝ…

ගුවනින් ගමන් යන්නෝ වාහන තදබදය, පොලිස් දඩකොළ වැනි දේට බිය නොවුණත්, බර්මියුඩා ත්‍රිකෝණයට උඩින් යන්නට බයය. ඊට හේතුව බර්මියුඩා ත්‍රිකෝණය ඇතුළත් සාගර කලාපය යනු ගුවන් යානා ගිලගන්නා මාරයෙක් බඳු තැනක් වීමය.(Sri Lanka Latest News)

එම සාගර කලාපයට ඇදවැටුණු ගුවන් යානා රාශියකට සිදුවූ දේ අදටද සොයාගන්නට නැත. එහෙත් ඒ ආකාරයේ සොයාගන්නට නොහැකි ලෙස බොහෝ දේ අතුරුදන් වන රටක් ඉන්දීය සාගරයේද වෙයි. ඉන්දියාවට පහළින් පෝක් සමුද්‍ර සන්ධියට සහ බෙංගාලබොක්කට සමීපව පිහිටා ඇති ඒ රට අනෙකක් නොව අප සැමගේ මවු රට වන ශ්‍රී ලංකාවය.

ශ්‍රී ලංකා ඉතිහාසය විමසා බලන කල සොයාගැනීමට නොහැකි වූ අපරාධ බොහෝය. පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන කොතරම් තිබුණත් අදටත් ලංකාවේ සොයාගත නොහැකි අපරාධ බොහෝය.

අපරාධ පමණක් නොව සාමාන්‍ය සමාජයේ නිතර කතාබහට ලක්වන සිල්ලර සිදුවීම්ද එසේමය. පැමිණිල්ලක් ලද සැණින් මිනිසුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුරුදුවී සිටින නිසා කිසිම සාක්ෂියක් නොමැතිව වසර දහය දොළහ බන්ධනාගාරවල දුක් විඳ චෝදනා විරහිතව නිදහස ලබන්නෝ බොහෝය.

හිටපු ජනපතිට බෝම්බ ගැසූවැයි කියා සැකපිට අත්අඩංගුවට ගත් සිවලිංගම් අරූරන් නමැති ඉංජිනේරුවා දාහතර වසරක් සිරගත කරගෙන සිට චෝදනා විරහිතව පසුගියදා නිදහස් කළේද පොලිසියට කිසිවක් සොයාගන්නට නොහැකි වීම නිසාය.

එහෙත් මේ කියන්න යන්නේ ඒ ආකාරයේ අපරාධ කරුණු ගැන නොවේ. රටම දන්නා එහෙත් වග කිවයුත්තෙක් සොයා ගන්නට බැරි, සිදුවූයේ කුමක්දැයි වටහා ගන්නට නොහැකි කරුණු කාරණා කිහිපයක් ගැනය. සාමාන්‍ය ජනයා තම මුදල් හදල් වැඩි ප්‍රවේශමට බැංකුවේ තැන්පත් කරති. රන් භාණ්ඩද එසේමය. අනුන්ගේ මුදල් පරෙස්සම් කරන්නට භාරගත්තද බැංකුවට තම මුදල් පරෙස්සම් කරගන්නට බැරි තත්ත්වයක් දැන් උදාවී ඇත්තේය. සාමාන්‍ය බැංකුවක නොව මහ බැංකුවේද තත්ත්වය එසේය.

මහ බැංකුවේ තිබී රුපියල් මිලියන පහක් නැතිනම් ලක්ෂ පනහක් අතුරුදන් වූයේ පසුගිය අප්‍රේල් මස 11 වැනිදාය. දෛනික මුදල් මෙහෙයුම්වලදී මහ බැංකුවේ සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදලක් අඩු බව එහි සේවකයන් අනාවරණ කර ගත්තේය. මෙම රුපියල් මිලියන පහ රුපියල් 5,000 නෝට්ටුවලින් තිබී ඇත. මේ සැලවූ වහාම මහ බැංකුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.

එහෙත් අතුරුදන් වූ මුදල් තොගය හමු වූයේ නැත. අනතුරුව මහ බැංකු නිලධාරීන් කොටුව පොලිස් ස්ථානයට ඒ පිළිබඳ පැමිණිල්ලක්ද කළේය. ඊට අදාළ පරීක්ෂණ වහාම ආරම්භ කරන ලදුව අද දක්වාම පැවැත්වෙයි. මේ වන විට එම මුදල් තොගය අතුරුදන් වී මාස දෙකක් ගෙවී ඇත. එහෙත් මේ වන තුරුත් ඊට සිදුවූ දෙයක් සොයාගැනීමට නැත. ශ්‍රී ලංකාවේ වඩාත්ම ආරක්ෂාව සහිත බැංකු පරිශ්‍රයේ සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදල තවමත් සොයාගන්නට පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිව නැත.

අවම වශයෙන් එකී නෝට්ටුවල ඇති අංක ඔස්සේ පරීක්ෂා කර හෝ මෙකී මිලියන පහට සිදුවූ දෙය සොයාගනිතැයි ජනතාව තුළ වූයේ බලාපොරොත්තුවකි. එහෙත් අද වනතුරු ඒ පිළිබඳ එක ආරංචි මාත්‍රයක් සොයාගන්නට හැකිව නැත. මෙම සොරකම මහ රෑ මහ බැංකුව කඩා කළ සොරකමක් නොවේ. බොහෝ විට එය පොත්පත් ඉලක්කම් එහා මෙහා කිරීමෙන් කළ සුදු කරපටි අපරාධයක් විය හැක. එහෙත් මාස දෙකකට පසු අදටත් මහ බැංකුවේ මිලියන පහට සිදුවූ දෙය සොයාගන්නට නැත.

ලංකාවේ සාගරය මත රසායනික බෝම්බයක් වැනි දෙයක් පුපුරවා හරිමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වී දැන් දෑ අවුරුද්දක් ඉක්මවයි. එහෙත් ඒ සඳහා වන නඩුව පැවරුවේ කාලාවරෝධ නීතිය යටතේ එය පැනවිය හැකි අන්තිම පැය කිහිපයේදීය. ඊට සමගාමීව කියවූයේ චාමර ගුණසේකර නමැත්තෙක් එම නඩුව පමාකිරීම සඳහා නෞකා සමාගමෙන් අල්ලසක් ගෙන ඇති බවයි.

එමතුදුනොව අල්ලස ලෙස ඩොලර් මිලියන 250ක් ලබාගෙන ඇති බවත්, එය එංගලන්තයේ නැට්වෙස්ට් බැංකුවේ තැන්පත් කර ඇති බවත් එකල ප්‍රකාශ විය. මේ කියන චාමර ගුණසේකරගේ නම පාර්ලිමේන්තුවේ කියවූයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසිනි. ඊට පසු චාමර ගුණසේකර සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක්ද ගොනු කෙරිණි. එහෙත් චාමර ගුණසේකර තබා ඔහුගේ ගිණුම තිබූ නැට්වෙස්ට් බැංකුවේ හරිහමන් තොරතුරක් සොයා ගැනීමටද පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිව නැත.

මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසා සිටියේ චාමර ගුණසේකර සොයාගැනීමට ඇති හොඳම ක්‍රමය මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහාය ලබාගැනීම බවය. එමගින් වඩාත් සාර්ථකව බි්‍රතාන්‍ය බැංකු පද්ධතිය සමග සබඳතා ගොඩනගාගත හැකි බව මහචාර්යවරයා පෙන්වා දුන්නේය. එහෙත් අද වනතුරු චාමර ගුණසේකර සොයාගන්නටවත් නැත.

මීට අමතරව පසුගිය කාලයේ ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර මහතාගේ මරණය සම්බන්ධයෙන්ද මතුව තිබුණේ ආන්දෝලනාත්මක තත්ත්වයකි. මෙහිදී පොලිසිය නිසි අයුරින් පරීක්ෂණ මෙහෙයවූයේ නැති බවට චෝදනා එල්ල විය. ඒ නිසා අවසානයේදී සිදුවූයේ අධිකරණය හරහා ෂාෆ්ටර්ගේ දේහය යළි ගොඩගෙන නැවත පරීක්ෂණ ආරම්භ කිරීමටය.

ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමාත්‍යවරියකි. ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන්නා සේම ඇය සතු ගමන් බලපත්‍රයද ව්‍යාජ එකක් බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනුව තිබිණි. එහිදී ගරු විනිසුරුතුමන්ගේ අදහස වූයේ ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නට අධිකරණයෙන් නියෝග අනවශ්‍ය බවත්, ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසියට බාධාවක් ඇති බවත්ය.

එහෙත් පුදුමය නම් අදටත් පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය අමාත්‍යවරිය අත්අඩංගුවට ගෙන නැත. එහෙයින් නඩුවේ තීන්දුව තවමත් ප්‍රකාශ කර නැති අතර, නඩුව බහා තබා ඇත. කරපු කෙනෙක් නැති, එහෙත් දැවැන්ත පාඩුවක් සිදුවී ඇති දූෂණ වංචා අනන්තවත් මේ රටේ සිදුව ඇත. වසර ගණන් පරීක්ෂණ කරන එකී සිදුවීම් අතහැර මෑත භාගයේ සිදුවූ සිද්ධීන් කිහිපයක් ගැන පමණක් සාකච්ඡා කළේ ඒවායේ කාලීන බව නිසාමය. මේ සියලු සිදුවීම් සතාසිවම් නඩුව වගේ යයි ඇතැම්හු පවසති. එහෙත් එය සාධාරණ කතාවක් නොවේ. ඒ, සතාසිවම් නඩුවේ අවසානයට වංගෙඩිය හෝ වැරැදිකරු විය. මේවායේ එහෙමටවත් කිසිවෙක් වැරැදිකරු වී නැත.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

සමාජ මාධ්‍ය හරහා කෙරෙන ලිංගික හිංසන ඉහළට! Sri Lanka Latest News

Next Post

කිරිවෙහෙරේ ආතක් පාතක් නැති ‘මිනීමරු ට්‍රැක්ටරේ’ හමුදාවේ ‌කොල්ලන් හත්දෙනෙකුගේ ජීවිත අනතුරේ දමයි! 4කට බරපතළයි! මීට කලිනුත් මිනියක් මරලා!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.