ඉකුත් ආණ්ඩු සමයේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් මැතිඇමැතිවරුන් විශාල හඩක් නැගුවද ඒ සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයේදී බොහෝ මැතිඇමැතිවරුන් බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වූ වෝහාරික විගණන වාර්තාව ලබාගෙන නොමැති බව දැනගන්නට ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 දෙනාගෙන් බැදුම්කර වෝහාරික විගණන වාර්තාව ලබාගෙන ඇත්තේ 71 දෙනකු පමණක් බව වාර්තා වේ.
මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධෙයෙන් දෙදින විවාදයක් පැවැති අතර අදාළ විවාදයද ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් විවිධ තර්ක ඉදිරිපත් කරමින් සහ එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් කඩාකප්පල් කළ ආකාරයක් දැකගන්නට තිබිණ.










