ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම වෙනුවෙන් සකස් කළ නව රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද (12) දිනයේ රැස්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. (Sri Lanka Latest News)
ඒ අනුව මෙම නව රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද වහාම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයඳුම්පත් කැඳවීම නියමිතව තිබෙනවා.
නව රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාවට ආබාධිත දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් කර ඇති බව සඳහන්.
මීට පෙර මෙම දරුවන් සඳහා 3%ක ප්‍රතිශතයක් වෙන් කිරීමට යෝජනා වී තිබුණ ද නිශ්චිත ප්‍රතිශතයක් වෙන්ව තිබුණේ නැහැ.
dasathalankanews.










