• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ විශ්වවිද්‍යාල ආසියාවේ යළි ඉහළට ගේන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

June 11, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ලංකාවේ විශ්වවිද්‍යාල ආසියාවේ යළි ඉහළට ගේන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

එමඟින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 09දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙල අමතමිනි.
මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා සෑම අයෙකුටම නිසි වයසේ දී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළයුතු බව ද සඳහන් කළේය.

වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරනු ලබන “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙලේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබා දෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ.

ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා විසින් මෙහි පිළිගැනීමේ කතාව සිදු කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් සම්මාන උළෙල පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදු කළාය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව්‍ය පර්යේෂණ සංස්කෘතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ලබා දෙන විශිෂ්ඨ නායකත්වය සහ කැපවීම උදෙසා ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ද ඇගයීමට ලක් කෙ‍රිණි.

වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනැමිණි.
මෙවර සම්මාන උළෙලේදී 2022 වසර සඳහා වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මාන, සම සෞඛ්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය සහ තාක්ෂණය, මානව ශාස්ත්‍රය, ජීව විද්‍යාව, කළමනාකරණ අධ්‍යයන, වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාව, ස්වභාවික විද්‍යාව, සමාජ විද්‍යා සහ නීති අධ්‍යයනය යන අධ්‍යයන ක්ෂේත්‍ර අටක් වෙනුවෙන් පිරිනමනු ලැබීය.

ඒ අනුව මහාචාර්ය බී. ඒ. කේ. එස් පෙරේරා ( මොරටුව විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඩී. එම් දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අරෝෂා සරංගී අදිකාරම් (කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය ෂාමන් රජින්ද්‍රජිත් (කොළඹ විශ්වවිද්‍යාලය), එල්. බී. ඩී. ආර්. පී විජේසුන්දර (කැලණිය විශ්වවිද්‍යාලය) සහ මහාචාර්ය එස්. පී කරුණානායක (විවෘත විශ්වවිද්‍යාලය) යන මහත්ම මහත්මීන් වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.
ආචාර්ය ඒ. එන් මදුශංක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය),ආචාර්ය කේ. කේ අසංක සංජීව ( ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ආචාර්ය ඩබ්ලිව්. එච්. එම් සංජීව සමරතුංග ( රජරට විශ්වවිද්‍යාලය) වෛද්‍ය එම්. බී කාවින්ද චන්දිමාල් දයාසිරි (කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඒ. සඳරුවන් රත්නායක (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) යන මහත්වරු වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු සම්මානය හිමි කර ගත්තේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,
මම උසස් පෙළ විභාගයට පෙනී සිටි කාලය මට මෙහිදී සිහිපත් වුණා. එම කාලයේ දී මම මදුරාසියේ පැවති ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් ද සමත්විය යුතු බව මාගේ පියා තරයේ කියා සිටියා. ඒ නිසා මම මදුරාසියට ගොස් ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා.
නමුත් ඒ වන විට මම මෙරටදී පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වී මම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබුණා. ඉතින් ඒ දවස්වල මෙය සරල ක්‍රියාවලියක්. දැන් වගේ ලකුණු ක්‍රමවේද තිබුනේ නැහැ. විෂය හතරක් සමත් වූ සියලුදෙනා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත්තා. පසුව විෂයයන් තුනක් සමත් අයව ද ඇතුළත් කර ගත්තා.
මෙම කාලය තුළදීම මට ලන්ඩන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද ලැබි තිබුණා. ඉතින් මට තීරණය කිරීමට සිදු වුණා ලංකාවේ ඉන්නවද, එක්සත් රාජධානයට යනවද කියලා. නමුත් මම තීරණය කළා ලංකාවේ සිටීමට. මගේ සීයගේ සමබන්ධකම් මත මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වන ලෙස අම්මා බල කර සිටියත් මගේ අදහස වුණේ නීතිය හැදෑරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමයි.
මහාචාර්ය ලීගේ අභාවයෙන් පසු රෝමානු ලන්දේසි නීතියේ ඉහළ නිපුණතාවක් තිබුණේ එකල පීඨාධිපති මෙන්ම නීතිය පිළිබඳ මහාචාර්යවරයා වූ නඩරාජා මහතාටයි. ඒ වගේම අපිට තවත් කථිකාචාර්යවරුන් ගණනාවක් සිටියා. ලාබාලම තරුණ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ජී.එල්. පීරිස් මහතාත් කටයුතු කළා.
ඉතින් මම ලංකාව තුළ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සාර්ථකව අවසන් කළා. මම ලංකාව තුළ මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ බෙහෙවින් සතුටු වෙනවා.
නමුත් අද තරුණ තරුණියන්ගෙන් අහන්න ඔවුන් ලංකාවේ ඉන්න කැමතිද කියලා. ඔවුන් බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ නැහැ කියලා. ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට සුදුසුකම් ලැබුවත් ඔවුන් ලංකාවේ ඉන්න කැමති නැහැ.

ඒ දවස්වල අපි ලංකාවේ විශ්වවිද්‍යාලයකට තෙරුණේ නැත්නම් තමයි දෙවන විකල්පය ලෙස එක්සත් රාජධානිය තෝර ගන්නේ. ඒත් දැන් එහෙම නැහැ. අද මෙය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඉන් රටේ අනාගතයට ද බලපෑමක් එල්ලවන බව කිව යුතුයි. එබැවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳ අප පළමුව අවධානය යොමු කළයුතුයි.
අපේ රටේ වාර්ෂිකව සිසුන් 1,70,000ක් පමණ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබනවා. එයින් 40,000ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. තවත් 30,000ක් 40,000ක් පමණ පිටරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. නමුත් අපි 40,000ක් වන විශ්වවිද්‍යාල සඳහා සුදසුකම් ලබන පිරිසට අමතරව තවත් 25,000 – 30,000ක් පමණ මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මකවන විශ්වවිද්‍යාල පද්ධතියක් අපට තිබෙනවා. ඒ සමගම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අයත් නොවන විශ්වවිද්‍යාල තිබෙනවා. ඒ වගේම ලාභ ලබන සහ නොලබන විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා. ඉතින් මේ ක්‍රම තුනම ක්‍රියාත්මක කරනවාද නැත්නම් එක් ක්‍රමයක් නිර්මාණය කරගෙන විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගනවාද කියා අප අවධානය යොමු කළයුතුයි.
ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා රජය සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඒ වගේම තවත් සිසුන් පිරිසක් එළියට ගොස් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබනවා. සියලුදෙනාට අධ්‍යාපනයට ප්‍රවේශවීමට හැකියාවක් තිබිය යුතුය යන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වගන්තිය අප ආරක්ෂා කළයුතුයි.
විවිධ රටවල මෙය විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල් ශිෂ්‍ය ණය ලබා දෙනවා. තවත් රටවල් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට උදව් කරනවා.අපි මේ පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුයි. එහිදී උපරිම ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනය ලබාදිය හැකි ක්‍රමවේද පිළිබඳ අප සළකා බැලිය යුතුයි. අපට මේ ප්‍රශ්න මඟහැර යා නොහැකියි. මොකද රටක් ලෙස ඉදිරියට යාමේ දී අපට ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ඇතුළු වෘත්තිකයින් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා.
ඒ වගේම අපි අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කළයුතුයි. එදා අපේ රටේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා.
අපි නැවත අපේ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරිත්ව වැඩිදියුණු කරගන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත ලෝකය හමුවේ සහතික කරන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතුයි. මේ තුළින් ලෝකයේ වෙනත් රටවල සිසුන් අපේ විශ්විවිද්‍යාල සඳහා ආකර්ශණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එය අපේ රටේ ආර්ථිකයට ද යහපත් තත්ත්වයක් බව කිවයුතුයි.
උපකුලපතිවරුන්ට පහර දෙමින් අධ්‍යාපනයට බාධා ඇතිකිරීම තුළින් ගුණාත්මක විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යා නොහැකියි. මෙම ගැටලු සඳහා අපි කඩිනම් විසඳුම් සෙවිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු රැසක් තිබෙනවා. සිසුන් අවුරුදු 20ක් පමණ වන තුරු උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අවුරුදු 24ත් පහු වෙනවා. මම උපාධිය ලබාගන්නා විට මට වයස අවුරුදු 21යි. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙක් වුණේ අවුරුදු 23දී. මම හිතන්නේ දැන් සිසුන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ හොඳම කාලය තමයි අපතේ යන්නේ. ඉන්පසුව රැකියාවක් සොයා ගැනීමේ ගැටලුවට ඔබ මුහුණ දෙනවා. අපි ඉක්මණින් මෙම ප්‍රශ්න විසඳාගත යුතුයි.
අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් නොවන විශ්වවිද්‍යාල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කටයුතු කරන නිසා සිසුන් විශාල පිරිසක් ඒ සඳහා යොමු වී තිබෙනවා. මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවලට පමණක් නොව, විදේශ විශ්වවිද්‍යාලවලට ද ලොකු ගැටලුවක් වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳ අනෙක් අය විසඳුම් ලබාදෙන තුරු බලා නොසිට අපි අපේම විසඳුමක් සොයා ගත යුතුයි.
ඊළඟ ප්‍රශ්නය තමයි වැටුප්. එහිදී ඔබේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ වත්මන් බදු අය කිරීමයි. තවත් ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩල සඳහා ගෙවීම් කරන්නේ කෙසේ ද යන්න. බටහිර විශ්වවිද්‍යාල මෙවන් අවස්ථාවලදී වෙළෙඳපොළ වටිනාකම අනුව ගෙවීම් සිදු කරනවා. අපිත් ඒ ක්‍රමය අනුගමනය කරනවාද, එහෙමත් නැත්නම් අපි මේ තිබෙන ක්‍රමයම අනුගමනය කරනවද යන්න සැලකිය යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අයත් නොවන විශ්වවිද්‍යාල සැලකුවහොත් ඔවුන් පුද්ගල වටිනාකම අනුව ගෙවීම් සිදු කරන බවට සැකයක් නැහැ.
ඒ වගේම අද සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රමිතිය වගේම ඇතැම් පර්යේෂණ පිළිබඳව චෝදනා තිබෙනවා. මේ සියල්ල අප නිරවුල් කරගත යුතුයි. අප රට තුළ ප්‍රමාණවත් පශ්චාත් උපාධි අධ්‍යයනයක් තිබෙනවාද යන්න පිළිබඳව මම CVCD කමිටුවේ සභාපතිවරයා සහ උපකුලපතිවරුන් සමග සාකච්ඡා කළා. ඒ වගේම අප සිදුකර ඇති පශ්චාත් උපාධි අධ්‍යයන මොනවාද?
ලංකා විශ්වවිද්‍යාලය “මනමේ” සහ “සිංහබාහු” නාට්‍ය දෙක නිෂ්පාදනය කර ලංකාවේ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. තනි විශ්වවිද්‍යාලයක් ලෙස ඔවුන් ඒ වෙනස ඇති කර තිබෙනවා. ඔවුන් ලංකා ඉතිහාසය වෙළුම් 04කින් නිෂ්පාදනය කර තිබෙනවා. එහි ඇතැම් කොටස් යල් පැන ගොස් තිබිය හැකියි. නමුත් ඔවුන් සිදු කළ දේ පිළිබඳ අවධානය යොමු කළ විට අනෙක් විශ්වවිද්‍යාල ඒ අසළටවත් පැමිණ නැහැ. අපි මෙම ගැටලු කෙරෙහි අවධානය යොමු කළයුතුයි.
මේ වන විට සමාජ මාධ්‍ය හා අන්තර්ජාල පහසුකම් සියලුදෙනාටම තිබෙනවා. AI තාක්ෂණය හෙවත් කෘතිම බුද්ධිය තිබෙනවා. “Chat GBT ” තිබෙනවා. මේවා විභාග සඳහාත් භාවිතා කරන අතර ඇතැම් ඒවා පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා භාවිතා කරනවා. ඉතින් යල් පැන ගිය ක්‍රම සමඟ සිටිනවාද, නැත්නම් තාක්ෂණය සමඟ ඉදිරියට යනවාද කියා අප අවධානය යොමු කළයුතුයි.
2050 වන විට දකුණු ආසියාවේ ජනගහනය දෙස බැලුවහොත් එය ඉතා වේගයෙන් වැඩි වෙනවා. ඉන්දියාවේ ජනගහණය සමහර විට බිලියන 1.7ක් දක්වා ඉහළ යා හැකියි. ඒ වගේම දරිද්‍රතා මට්ටම අඩු වී ආදායම ඉහළ යාම සිදු වෙනවා. මෙය බංග්ලාදේශයේ, පාකිස්ථානයේ, මියන්මාරයේ සහ නැගෙනහිර අප්‍රිකානු රටවල ද සිදුවිය හැකියි. මේ වැඩිවන ජනගහණය අනුව අවශ්‍ය විශ්වවිද්‍යාල ඉදිකළ නොහැකියි.ඉන්දියාවට පමණක් මේ සියලුදෙනාට අධ්‍යාපනය ලබාදීමට නොහැකියි.
අපි ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. එසේ නම් අප රට තුළ ප්‍රමාණවත් විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් තිබිය යුතුයි. දැන් ඔවුන් අපේ අවශ්‍යතා සපුරනවා වගේම ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීමට අපට සිදුවන කාලයක් උදාවිය හැකියි කියා මම විශ්වාස කරනවා.

ඒ නිසා දැන් තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් මෙලෙසම පවත්වාගෙන යනවද, නැත්නම් අවශ්‍ය වෙනස්කම් සිදු කරනවාද කියා අප සිතිය යුතුයි. මෙරට ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ව්‍යුහයයි. නමුත් දැන් තිබෙන නවීන විශ්වවිද්‍යාලවල එවැනි ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ නැහැ. අපි මෙම සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි. අපි මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද පිහිටුවා තිබෙනවා.
අද සම්මාන ලැබු ඔබ සියලුදෙනාට මම සුබ පතන අතර මෙම පර්යේෂණ තුළින් මෙරට විශ්වවිද්‍යාලවල කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට ඔබ සමත්ව ඇති බව කිවයුතුයි. ඒ වගේම මෙම පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියේ දී වැඩි ප්‍රතිපාදන ලබාදීමට අපි බලාපොරොත්තු වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් ලබාදීමට අවධානය යොමු කර තිබෙනවා.

වව්නියාව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටී. මංගලේශ්වරන් මහතා විසින් මෙහි ස්තූති කතාව සිදු කළ අතර ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටු සාමාජිකයන්, සම්මානලාභී විද්වතුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-06-11

President

SendShareShare
Previous Post

පාඩු ලබන ආයතනයක් විකුණුවට කමක් නෑ! හැබැයි ලාබ ලබන ආයතනයක් විකුණන එකට මොකද්ද දෙන නිර්වචනය? ටෙලිකොම් විකුණනවට මමත් කැමැති නෑ! නාමල්ගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

Load More
2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

සිය ජීවිත පවා අවදානමේ හෙළමින් 2015 සිදු කළ සටන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාස 2ක් යාමට පෙර පාවා දුන් බවත්,...

Read more
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.