කෝවිලක දොර කඩා ඊට ඇතුළු වූ අයකු එහි දේව ප්‍රතිමාවන්ට පලඳවා තිබූ රන් ආභරණ සහ පඬුරු පෙට්ටිය සොරාගෙන ගොස් ඇතැයි ලුණුගල පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
ලුණුගල, ලුණුගලම පිහිටි ශ්‍රී කනිමාරි අම්මාන් කෝවිලේ කුරුක්කල්වරයා විසින් ලුණුගල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉහත රන් භාණ්ඩ සහ පඬුරු පෙට්ටියට අමතරව එහි තිබූ වටිනා ඩීවීඩී යන්ත්‍රයක්ද සොරාගෙන ගොස් ඇති බවත්, රන් භාණ්ඩවල වටිනාකම රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසක් වන බවයි.
පසුගිය 6 වැනිදා රාත්‍රියේ මෙම සොරකම සිදුකර ඇති අතර, ලුණුගල පොලිසිය ඒ පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.
gossiplankanews










