හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනකු ඉදිරි මහමැතිවරණයේදී සිරිසේන මහතා අතහැර ඍජුවම පොහොට්ටුවට එක්ව තරග වැදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
දැනටමත් මෙම පිරිස පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇති බවක්ද දැනගන්නට ඇත.
එහිදී බැසිල් රාජපක්ෂ මහතාගෙන්ද මෙම පිරිසට ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවක් දැනගන්නට ඇති අතර ඇතැම් ශ්‍රීලනිප නියෝජිතයන්ට වෙනම තරග කර පසුව ආණ්ඩුවට එක් වන ලෙස දැනුම් දීමක් කර ඇති බවක්ද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් දිස්ත්‍රික්ක 4කින් ශ්‍රීලනිපය ඉදිරි මහමැතිවරණයේදී තනිව තරග කළ යුතු බවට යෝජනාවක්ද මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත්ව ඇති බවක්ද වාර්තා වේ.










