• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ජනාධිපතිවරණයේදී කාටවත් 50% ගන්න බැරි වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

June 10, 2023
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
ජනාධිපතිවරණයේදී කාටවත් 50% ගන්න බැරි වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල්ගේ මාමා ජේ.ආර්. හයෙන් පහක බලයක් අරන් ව්‍යවස්ථාව වෙනස් කරලා විධායක ජනාධිපති වෙලා පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් මහනුවරදී මරු කතාවක් කීවේය.

‘අනෙක් කාරණය මේ සමානුපාතික ක්‍රමය ආවාම තුනෙන් දෙකක මන්ත්‍රීවරු කිසිම පක්ෂයකට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපිටත් තුනෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. බණ්ඩාරනායක මැතිනිය මට ලියුමක් එවලා තියෙනවා. ඒ ලියුමෙ සඳහන් වෙනවා තමුන්නාන්සේලා ප්‍රජා අයිතිය නැති කරනවා. තමුන්නාන්සේලා එහෙම කරන්නේ තුනෙන් දෙකක් ඡන්දය තිබෙන නිසා. මීට පස්සේ තමුන්නාන්සේලා විරුද්ධව යෝජනා ගෙනැවිත් අර තුනෙන් දෙකක් නොලැබෙන නිසා එජාපයේ කිසිදු මන්ත්‍රීවරයකුගේ ප්‍රජා අයිතිය නැතිවෙන්නේ නැහැ කියලා ලියලා එවා තිබෙනවා. කිසිම පක්ෂයකට තුනෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සියලු කණ්ඩායම් එකතු වෙන්න ඕනෑ තුනෙන් දෙකක් ලබාගන්න…’
ජේ.ආර්. ජයවර්ධන,
මහනුවරදී.
10.11.1980

ජේ.ආර්.ගේ මේ අනාවැකිය මහින්දත්, ගෝඨාභයත් බොරු කළහ. ජේ.ආර්. මේ අනාවැකිය කීවේ හොඳට ගණන් හදලා ව්‍යවස්ථාවට සමානුපාතික ක්‍රමය බස්සලාය. ඒත් 2010 මහින්දත්, 2020 ගෝඨාභයත් සමානුපාතික ක්‍රමයට ඡන්ද තියලා තුනෙන් දෙකක් අරගෙන පෙන්නූහ.

ජේ.ආර්.ගේ මේ පරණ කතාව මතක් වෙන්නේ ජේ.ආර්.ගේ බෑණා රනිල්ගේ අනාවැකි අහනකොටය.

‘කිසිම පක්ෂයකට 50%ක් නැහැ…’

මේ රනිල් නුවරඑළියේදී කිව්ව අනාවැකියක්ය.

‘රනිල් කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී කිසිම පක්ෂයකට 50%ක් ගන්න බැහැ කියලයි…’

මේ රනිල්ගේ අනාවැකි අහලා ඇවිත් කවුදෝ කිව්ව කතාවක්ය. රනිල් මේ වගේ අනාවැකි කියන්න හරිම දක්ෂය. ඔහු 1995 යූ.ඇන්.පී, නායකත්වයට පත්වූ දින සිට ගණන් හැදුවේ උතුරේ දෙමළ ඡන්ද වතුකරයේ දෙමළ ඡන්ද සහ නැගෙනහිර සහ රටේම මුස්ලිම් ඡන්ද එකතු කරලා තියාගත්තාම ජනාධිපතිවරණයකදී සිංහල ඡන්ද දෙකට බෙදුණාම ඔහුට දිනන්න පුළුවන් කියාය. රනිල් 1999 ජනාධිපතිවරණයත්, 2005 ජනාධිපතිවරණයත් පරාජය වුණේ මේ ගණන් හැදිල්ල නිසාය. අන්තිමේදී උතුරේ දෙමළ ඡන්ද, වතුකරයේ දෙමළ ඡන්ද, නැගෙනහිර සහ රටේම මුස්ලිම් ඡන්ද ඔහුට ලැබිණි. හැබැයි සිංහල බෞද්ධ ඡන්ද නැතිවිය. 2005 උතුරේ දෙමළ ඡන්ද ලැබුණේත් නැත. දකුණේ සිංහල බෞද්ධ ඡන්ද ලැබුණේත් නැත.

2020 මහ ඡන්දයේදී රනිල් ගණන් හදලා කීවේ සමගි ජන බලවේගයට ඕනෑ නම් ඡන්ද ලක්ෂ 07ක් ලැබෙයි කියාය.

‘ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර වගේ පතාකයෝ යූ.ඇන්.පී.ය කඩාගෙන ගිහිල්ලත් ගත්තේ ඡන්ද ලක්ෂ 10යි. සජිත් වගේ කෙනෙක් ඡන්ද කීයක් ගන්නද…?’

රනිල් ඒ දවස්වල රනිල්ගේ අනාවැකි අහන්න ආපු අයට කීවේය.

‘රනිල් ලොක්කා කියන කතාව හරි. බලන්නකෝ කොළඹින් සජිත් ඇනගන්න ඇනගැනිල්ල කොළඹ හතේ ඡන්ද කොළඹ උගතුන්ගේ ඡන්ද යන්නේ රනිල් ලොක්කට. කොළඹ සුළු ජාතික ඡන්ද ගෙඩිය පිටින්ම යන්නේ රනිල් ලොක්කාට…’

මේ, ඒ කාලේ රනිල්ගේ අනාවැකි අහපු අය කී කතාවය. හැබැයි 2020 මහ ඡන්දයේදී රනිල්ට ඡන්ද 20,000ක්වත් ගන්න බැරිවිය.

‘කොළඹ ඡන්ද 20,000ක් ගන්න බැරි වූ රනිල් 2020 ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 60ක් ගන්නෙ කොහොමද…?’

යූ.ඇන්.පී.ය 2020 මහ ඡන්දයේදී මුළු රටෙන්ම ගත්තේ 2%යි.

‘මේ 2% රනිල් 50% කරන්නේ කොහොමද…?’

රනිල් මේක නම් නොදන්නවා නොවේ. කාටවත් 50% ගන්න බෑ කියා රනිල් හිත හදාගෙන රනිල් තමන්ගේ වටේ ඉන්න අයගේත් හිත හදන්නේ කරකියාගන්න දෙයක් නැතුවය.
ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ දරුණුතම ජනාධිපතිවරණය 1988 ජනාධිපතිවරණයය. 1988 ජනාධිපතිවරණයේදී ජවිපෙ ඡන්ද වර්ජනයක් දියත් කළේය. ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන් ඝාතනය විය. මිනිස්සු ඡන්දය පාවිච්චි කළේ මර බියෙන්ය. ඒ ඡන්දය මරාගෙන මරුණු ඡන්දයකි. ඒත් ප්‍රේමදස 50%ක් ගත්තේය.

‘ලේ ගංගාවක් මැද තිබුණු ඡන්දයක මිනිස්සු අපේක්ෂකයකුට 50%ක් දුන්නා නම්, 2024 වගේ ඉතිහාසයේ හෝ අන් කවරදාටත් වඩා මිනිස්සුන්ගේ දේශපාලන උද්‍යෝගය වැඩි වෙලාවක මිනිස්සු දිනන අපේක්ෂකයට 50% නොදී ඉඳීද…?’

ඉතිහාසයේ ඊළඟ අමාරු ඡන්දය වූයේ රනිල් තරග කළ 2005 ජනාධිපතිවරණයයි. 2005 ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක් දියත් විය. ඒත් මහින්ද දකුණෙන් 50%ක් ගත්තේය.

2024 ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩිම ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන මැතිවරණය වන්නේ අරගලය වෙලාවේ මුළු රටම තමන්ගේ එදිනෙදා ජීවිතයට දේශපාලනය කොයි තරම් බලපානවාදැයි තේරුම් ගත්ත නිසාය. එදා රටේ නන්දෙසින් අරගලයට ආ ජනතාව අතර කවදාවත් ඡන්දයක් පාවිච්චි නොකරපු දේශපාලනය අප්‍රිය කරපු මිනිස්සු බොහොමයක් විය. මේ හැමෝම 2024 ජනාධිපතිවරණයට ඡන්ද පොළට යන එක ෂුවර්ය.

‘හැබැයි අපේක්ෂකයෝ වැඩි වුණාම ඡන්ද බෙදෙනවානේ…?’

ලංකාවේ වැඩිම අපේක්ෂකයන් සිටි ජනාධිපතිවරණය 2019 ජනාධිපතිවරණයය. පොදුජන පෙරමුණෙන් ගෝඨාභය ඉදිරිපත් විය. යූ.ඇන්.පී.යෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් විය. ජ.වි.පෙ.න් අනුර කුමාර ඉදිරිපත් විය. පාස්කු බෝම්බකරුවන් මර්දනය කළ ජෙනරල් මහේෂ් සේනානායකද ඉදිරිපත් විය. පෙරටුගාමී පක්ෂයෙන් දුමින්ද නාගමුව ඉදිරිපත් විය. අපේක්ෂකයෝ 35ක් ඉදිරිපත් වූහ. ඒත් දිනන අපේක්ෂකයා වූ ගෝඨාභය 52.25%ක් ගත්තේය.

ඉතින් කාටවත් 50%ක් ගන්න බැහැ කියන කතාව එතැනම බොරු වෙයි.

2024 ජනාධිපතිවරණයට ඇත්තේ තව වසරක් වැනි කාලයකි. 2024 ජුනි වන විට ප්‍රධාන පක්ෂ තම අපේක්ෂකයන් කවුද කියා ප්‍රකාශ්‍යට පත්කළ යුතුය. මෛත්‍රීපාල ජනාධිපති කාලයේ 2019 ජනාධිපතිවරණයට හරියටම වසරක් තියෙන කොට රාජපක්ෂවරුන්ට එරෙහිව මෛත්‍රී එක්ක සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරු සියල්ල මෛත්‍රීගෙන් වෙන්වී රාජපක්ෂලාට එක්විය. හේතුව මෛත්‍රීට යූ.ඇන්.පී.යෙන්වත්, පොදුජන පෙරමුණෙන්වත් ජනාධිපති අපේක්ෂකකම නොලැබෙන බව දැනගෙනය. මෛත්‍රී ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා වුවහොත් දිනන්න බැරි බවත්, තමන්ට පරදින අපේක්ෂකයෙක් කරගහගෙන යා නොහැකි බවත් ඔවුහු තේරුම් ගත්හ.

තව මාස කිහිපයකින් රනිල්ටත් මේ තිත්ත ඇත්තටම මුහුණ දීමට සිදුවේ. රනිල් ජනාධිපති වූ දින සිටම මේ බව දැන නිවුස් ප්ලාන්ට් කරන්න පටන් ගත්තේ තමන්ගේ හයිය පෙන්වන්නටය.
2022 ජනාධිපති වූ දින සිට 2023 පෙබරවාරි තෙක් ප්ලාන්ට් කළ නිවුස් එක ඔහුට පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලය ලැබුණු විගස පාර්ලිමේන්තුව විසුරුවනවා කියාය. ඔහුට ඒ බලය ලැබුණු පසු ඒ නිවුස් එක යට ගියේය.

2022 පෙබරවාරි සිට ප්ලාන්ට් කළේ රනිල් හදිසි ජනාධිපතිවරණයකට යන්න හදන බවත්, ඔහුට වාසිදායකම මැතිවරණය ජනාධිපතිවරණයත් කියාය. හැබැයි සජිත් ජනාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගය තීන්දු කළ විට ඒ ප්ලාන්ට් එක නතර විය.

දැන් රනිල්ම එළියට ඇවිත් කියන්නේ කිසිදු අපේක්ෂකයකුට 50%ක් ගන්න බැරි බවය.

මේ රනිල් 2024 ජනාධිපතිවරණය තෙක් තම ජනාධිපති බලය දුර්වල වෙන්න නොදී තියාගන්න දමන තියරියය. මේ තියරියත් කවුරුත් මායිම් කළේ නැත.

‘ලලිත් මම 1988 පැන්ෂන් යන බව හැමෝම දන්නවා. මම කියන එක දැන් කවුරුත් අහන්නෙ නෑ. ඔබට පුළුවන්ද ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න එපා කියලා ජාතිය අමතන්න…?’

මේ අන්ත අසරණ වූ ජේ.ආර්., 1988 ජනාධිපතිවරණයට වසරක් තිබියදී ලලිත්ගෙන් කළ ඉල්ලීමය. විධායක ජනාධිපතිගේ නිල කාලයේ අවසන් දවස, පැන්ෂන් යන පොලිස්කාරයකුගේ අවසන් දවස වගේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

presidential election Ranil Wickramasingha Sajith Premadasa

SendShareShare
Previous Post

පොසොන් පෝදා සිල් සමාදන් වූ උවසු උවැසියන් විසිපන්දහසකට මහජන බැංකුවෙන් හීල් දානය I Sri Lanka Latest News

Next Post

ජූලි 30! TNA එක රනිල්ට අවසන් දින දෙයි! නැත්නම් කරන දේත් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.