ලබන සදුදා (12) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සමග රැස්වීමක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බව වාර්තා වේ.
මෙහිදී මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීම සදහා ජනාධිපති කාර්‍යාලයේ ජ්‍යෙෂ්ඨයෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කතා කර ඇත.
මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට හැකි නමුත් පොහොට්ටු මන්ත්‍රීවරුන් ජේශ්ඨයින් හා දිස්ත්‍රික් නායකයින් ගෙන්වනවානම් පක්ෂයෙන් අවසර ගෙන පක්ෂය හරහා පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දන්වන ලෙසය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු සන්ධානයක් බවත් දේශපාලන කාරණා පිලිබදව කතා කරන්නේ නම් පක්ෂ නායකයින් මුලින් දනුවත් කළ යුතු බවත් මෙහිදී නාමල් රාජපක්ෂ දන්වා ඇත.
ඒ අනුව ජනාධිපති කාර්‍යාලයේ ජ්‍යෙෂ්ඨයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් සදුදා රැස්වීම පිළිබදව දැනුම් දී ඇත.
ranil wickramasingha Namal Rajapaksha Pohottuwa










