• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාව මහා ණය අර්බුදයක ජනාධිපතියි-පාර්ලිමේන්තුවයි දෙගොල්ලන්ටම වාසි විදියට ප්‍රශ්නය විසඳ ගනී I Sri Lanka Latest News

June 9, 2023
in Exclusive, Politics
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඇමෙරිකා එක්සත් ජනපදය දශක ගණනාවකින් ඉතා උච්ච ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ඇමෙරිකාව තමන්ගේ ණය මුදල් පැහැර හැරීමක් ඇතිකරවන තත්ත්වයකට පත්වීමක් පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. මෙලෙස ඇමෙරිකාවේ ණය පැහැර හැරීමක් සිදුකරනවා යැයි කියන්නේ එය ඇමෙරිකාවට පමණක් නොව, මුළුමහත් ලෝකයටම බලපානු ලබන දැඩි අර්බුදකාරී තත්ත්වයක් වෙනවා.(Sri Lanka Latest News)

මෙහිදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය කෙරෙහි ඉතා ප්‍රබල බලපෑමක් සිදුකරනු ලබනවා. එසේම ඇමෙරිකාව තුළ සිදුවන මෙවැනි තත්ත්වයක් යටතේ ගෝලීය ආර්ථික පසුබෑමක් අවුළුවන ආර්ථික හා මූල්‍ය ව්‍යසනයක් ඇතිවිය හැකි යැයි අපි අනතුරු අඟවනවා. ගෝලීය නායකත්වයක් සැපයීමට ඇමෙරිකාවට ඇති හැකියාවට මෙයින් වළකැපෙනවා. පසුගිය කාලයේ සිදුවූ වසංගත ප්‍රකෘත්තිය තුළ අප විසින් වෙහෙස මහන්සිවී සිදුකළ කටයුතුවල ජයග්‍රහණයන්ටද මෙයින් තර්ජනයක් සිදුවෙනවා. ඇමෙරිකාව මුහුණ දෙන මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම ගෝලීය පසුබෑමක් බවට පත්වෙනවා…’

මෙම බැරෑරුම් කතාන්දරය ඇසෙන්නේ කොතැනින්ද? එසේම එය ප්‍රකාශ කර සිටින්නේ කවුරුන් විසින්ද? මෙයට දින කිහිපයකට පෙරදී අපට මෙම වගතුග අසන්නට ලැබුණේ ඇමෙරිකාවෙනි. එනම් ඇමෙරිකා එක්සත් ජනපද රජයේ වත්මන් භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන් (Janet Yellen) ගෙනි. ආචාර්ය ජෙනට් යෙලන් යනු ඇමෙරිකානු 78 වැනි භාණ්ඩාගාර ලේකම් ධුරයට පත්වුණු ප්‍රථම කාන්තාවය.

ඇය දශක ගණනාවක් පුරා ඇමෙරිකාවේ සුප්‍රකට ආර්ථික විශේෂඥවරියක් ලෙස කටයුතු කළ අතර, ඇය වර්තමානයේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් 2021 ජනවාරි 26 වැනිදා ඉහත තනතුරට පත්කරන ලදී. දැනට 76 වැනි වියෙහි පසුවන ජෙනට් යෙලන් යනු ලෝකයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේද උපාධිධාරිනියක වෙයි. ආර්ථික විද්‍යාව ආශ්‍රිතව ඇයගේ ප්‍රබල ක්‍රියාකාරකම් අගය කිරීම හේතුවෙන් ඇය 2023 වසරේ ලොව සිටින ප්‍රබලම කාන්තාවන් සිය දෙනා අතරට ලොව සුප්‍රකට ‘ටයිම්’ සඟරාව විසින් නම්කරනු ලැබීය.

ඇමෙරිකාව සහ ලෝක ආර්ථිකයට අදාළ වන ඉහත බරෑරුම් ප්‍රකාශය ඇය සිදුකරනු ලබන්නේ පසුගියදා ජපානයේ පැවැති ජී-7 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මධ්‍යම බැංකුකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවේදීය. ඇය සිදුකළ මෙම බැරෑරුම් ප්‍රකාශය මුළුමහත් ලෝකයම දැඩි ආන්දෝලනයකට පත්කළේය. එම නිල ප්‍රකාශය තුළ ඇය තවදුරටත් මෙසේ කියයි.

‘මෙම අර්බුදකාරී තත්ත්වය ඇමෙරිකාවේ ආර්ථිකයට පමණක් නොව, ජාතික ආරක්ෂාවටද බලපානු ලබනවා. මේ නිසා මම ඉල්ලා සිටින්නේ කොංග්‍රසයෙන් ණය සීමාව සංශෝධනය කරන ලෙසටයි. ණය සීමාව ඉහළ නැංවීමට හෝ අත්හිටුවීමට කොංග්‍රසයට සිදුකළ හැකියි.

Sri Lanka Latest News

මෙසේ සිදු නොකළහොත් ඉදිරි ජුනි මාසයේදී බිල්පත් ගෙවීමට ඇමෙරිකාවට මුදල් සහ අසාමාන්‍ය ක්‍රියාමාර්ග නැතිවී යනවා. මෙසේ දිග්ගැස්සුණු ණය පැහැර හැරීමක් නිසා ඉදිරියේදී ඇමෙරිකානුවන්ගේ රැකියා මිලියන 8කට (ලක්ෂ 80ක්) වඩා අතුගා දැමිය හැකියි. එසේම කොටස් වෙළෙඳපොළේ වටිනාකම හරි අඩකින් කපාහැරෙනවා. ධවල මන්දිරයේ ආර්ථික විද්‍යාඥයන් මේ තත්ත්වය ගැන අනතුරු අඟවා තිබෙනවා. එම පරිහානිය අවස්ථා තුනකදී සිදුවනවා කියා ඔවුන් වාර්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. එහි බිඳවැටීම, කෙටි පෙරනිමිය සහ දිග්ගැස්සුණු පෙරනිමිය වශයෙන් එම අවස්ථා අර්ථකථනය කර තිබෙනවා.

වර්තමානයේ ඇමෙරිකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9,000ක් වන අතර, එය රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 121%ක ප්‍රතිශතයක්ද වෙනවා. ලෝකයේ බොහෝ වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමේදී ඇමෙරිකානු ඩොලර් භාවිතය සිදුවන නිසා මේ තත්ත්වය දැවැන්ත ලෝක ආර්ථික අර්බුදයක් දැනටමත් නිර්මාණය කර තිබෙනවා…’

දැන් අප මොහොතක් නැවතී හැරී බලමු. මෙම දිනවලදී ශ්‍රී ලංකාව තුළ සිදුවනු ලබන ඩොලර් කතාන්දරය කුමක්ද? ඉහත විද්වත් කාන්තාව ප්‍රකාශ කරන ලෙසට අපගේ රට තුළද ඉතා ප්‍රබල ආකාරයෙන් ඩොලරයේ වටිනාකම පහත වැටෙන ආකාරය දැකිය හැකිය. මෙයට මාස කිහිපයකට පෙර රුපියල් 385කට පමණ තිබුණු ඩොලරයේ වටිනාකම දැන් රුපියල් 303ක් දක්වා පහත වැටී ඇත.

මෙහිදී මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට සිදුවනු ලබන වාසි හෝ අවාසි හෝ මෙහිදී විග්‍රහ කරන්නට යන්නේ නැත. ඩොලරයේ වටිනාකම මෙලෙස ඇදවැටීම ගැන තවද මෙරට තුළ නිසි කතිකාවක් ඇතිවී නොමැත. එම තත්ත්වය යම් පුවතක් හරහා ප්‍රකාශ වනවා මිසක වෙනත් විග්‍රහයක් දක්නට නැත. ඉහත ඇමෙරිකානු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව දැන් පැහැදිලිවම පෙනෙයි. එහෙත් අපේ රටේ පාලකයන් ජනතාවට පෙන්වා සිටින්නේ තමන්ට වාසි වන අර්ථකථනයන් පමණක්ය.

ශ්‍රී ලංකාවේ එම වගතුග අප පසෙකට තබමු. අප මෙම දිනවලදී ඇමෙරිකාව තුළ සිදුවනු ලබන මෙම ලෝක අර්බුදයේ සැබෑ තොරතුරු සොයා බලමු. ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රධාන කරගත් පිරිසක් මෙම අර්බුදය සමනය කරගැනීම උදෙසා කටයුතු කරන ආකාරය ගැන මේ වන විට වගතුග ආරංචි වෙයි. ලෝකයේ ධනවත්ම සහ බලවත්ම රාජ්‍යය ලෙස සැලකෙන ඇමෙරිකාවට උද්ගතව ඇති මෙම තත්ත්වය කුමක්ද? ඇමෙරිකාව පසුගිය සමය තුළදී ලෝක මූල්‍ය වෙළෙඳපළෙන් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 9,000ක් බව පැවසෙයි.

Sri Lanka Latest News

ඇමෙරිකානු රාජ්‍ය ක්‍රමවේදයට අනුව ඇමෙරිකාවට ලබාගත යුතු ණය ප්‍රමාණයන් තීරණය කරනු ලබන්නේ එරට කොංග්‍රසය (පාර්ලිමේන්තුව) මගිනි. කොංග්‍රසය පාලක පක්ෂයේ සහ විපක්ෂයේ සාමාජිකයන්ගෙන්ද සමන්විත වෙයි. දැනට හෙළිවන පුවත්වලට අනුව ඇමෙරිකානු කොංග්‍රසය විසින් පාලක බයිඩන් රජයට ණය ගැනීමේ ප්‍රමාණය ඩොලර් බිලියන 31,000 (ටි්‍රලියන 31ක්) සීමාව ඉක්මවා යෑමට එරෙහිව තහනමක් පනවා ඇත. එනම්, 1960 දී ඇමෙරිකානු ව්‍යවස්ථා නීතියට අනුව ඕනෑම ඇමෙරිකානු රජයක් ණය ලබාගැනීමේදී යම් සීමා නිර්ණයන්ට පත්කර තිබෙයි.

ඇමෙරිකානු කොංග්‍රසය සමන්විත වන්නේ ඩිමොක්‍රටික්වාදීන්ගෙන් සහ රිපබ්ලිකන්වාදීන්ගෙනි. ඒ අනුව දැන් ඇමෙරිකාවේ පාලන බලය හිමිව තිබෙන්නේ ජෝ බයිඩන් ජනාධිපතිගේ ඩිමොක්‍රටික් පක්ෂයටය. එහෙත් කොංග්‍රසය තුළ දැනට රිපබ්ලිකන්වාදීන්ටද ඉතා ප්‍රබල බලයක් ඇති අතර, වත්මන් කොංග්‍රසයේ කතානායකවරයා වන්නේද විරුද්ධ රිපබ්ලිකන් පාක්ෂිකයෙකි. ඔහු නමින් කෙවින් මැකාර්ති (Kevin Mccarthy)ය.

මේ අනුව ඔහුට කොංග්‍රසය තුළ මහත් හඬක් සහ බලයක් ඇත. වත්මන් ණය සීමාවන් සඳහා තහංචි පැනවෙන්නේද ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් රිපබ්ලිකන්වාදීන්ගෙන් යැයිද කරුණු ප්‍රකාශයට පත්වෙයි. මේ හෙයින් එම තත්ත්වය දේශපාලන අරගලයක් ලෙසටද මේ වන විට පත්ව ඇත.

ඇමෙරිකානු ඉතිහාසය ගත් කල පෙනීයන්නේ කොංග්‍රසයේ බහුතර බලය හිමිව තිබෙන්නේ රිපබ්ලිකන් හිතවාදීන්ට බවය. ඒ අනුව ඔවුන් අදාළ නීතිරීති යොදාගනිමින් ඩිමොක්‍රටික් රජයන් විසින් ජනතාව වෙත සහ කුඩා හා මධ්‍යම කර්මාන්තකරුවන් වෙත ලබාදෙන සහනාධාර කපාදැමීමට හෝ ඒවාට බාධා කිරීමට හෝ කටයුතු කරමින් සිටියි. එසේම මෙම ක්‍රමවේදය හරහා ඇමෙරිකානු රජයේ බදු ප්‍රතිපත්තියද මුළුමනින්ම අවුල් කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී ඇත.

මෙසේ ඉදිරියේදී මූල්‍ය වෙළෙඳපළෙන් ණය ලබාගැනීමට නොහැකි වුවහොත්, ජනතාවට සහනාධාර ලබාදීම සහ රජයේ සේවකයන්ට හා හමුදා ආරක්ෂක අංශවලට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙයි. ඇමෙරිකානු රජය තම ජනතාවට නොයෙකුත් ආකාරයේ සහනාධාරයන් රැ සක් ලබාදෙයි. ආහාර, මූල්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන් තුළදී මේ ආකාරයට සහනාධාර දශක ගණනාවක් පුරා ලබාදීමට කටයුතු කර ඇත.

එහෙත් ඉදිරියේදී ණය සීමාවන් සඳහා තහංචි පැනවූ විට තිබෙන ණය ප්‍රමාණයන්ද නැවත මූල්‍ය වෙළෙඳපළ වෙත ගෙවාගැනීමට නොහැකිව ඇමෙරිකාව ණය ගෙවාගැනීමට නොහැකි රටක් ලෙසට පත්වන බව මෙහිදී කරුණු හෙළිවෙයි. එනම් ලෝකයේ මෙතෙක් ණය ගෙවාගැනීමට නොහැකි රටවල නිල ලේඛනයට පවා එවිට ඇතුළත් වෙයි. ඇමෙරිකාව වැනි රටකට මෙවැන්නක් සිදුවනවා යැයි පැවසෙන්නේ එක්තරා ආකාරයකින් ඉතා පුදුමාකාර කතාවකි. එසේම අදහාගත නොහැකි වගතුගකි. මින් පෙර ඇමෙරිකාවට මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ වසර 40කට පමණ පෙරදී බව පැවසෙයි.

දැන් මෙම සංකීර්ණ අර්බුදය ‘දොරකඩ මාරාවක්’ ලෙස ඇමෙරිකාවේ දොරකඩ ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දක්නට හැකිය. දැන් එසේනම් මෙම මාරයා පරදවන්නට ඇමෙරිකාව සහ එහි වත්මන් රාජ්‍ය පාලකයන් සිදුකර ඇත්තේ කුමක්ද? එයද සුවිශේෂ වගතුගක් බවට මේ වන විට පත්ව ඇත. එය කුමක්ද?

ඇමෙරිකානු රජයේ මෙම ණය සීමා ක්‍රමවේදය හඳුන්වා දී තිබෙන්නේ United States Debt Ceiling (යුනයිටඩ් ස්ටේට්ස් ඩෙබ්ට් සීලින් නොහොත් එක්සත් ජනපද ණය සීමාව) ලෙසිනි. මෙය ජාතික ණය ප්‍රමාණයේ ව්‍යවස්ථාදායක සීමාවක් වන අතර, එමගින් ෆෙඩරල් රජය දැනටමත් ණය මත වැඩිපුර මුදල් ණයට ගැනීමෙන් කොපමණ මුදලක් ගෙවිය හැකිද යන්න සීමා කරයි. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ණය කළමනාකරණය, ඇමෙරිකානු ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ සාර්ව ආර්ථික විද්‍යාවේ කොටසක් ලෙසට සැලකෙයි. එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුව ණය මත මුදල් ණයට ගැනීමට අවසර දිය හැක්කේ කොංග්‍රසයට පමණි.

ඒ අනුව 1917 වසරේ සිටම එම ණය සීමා ක්‍රමවේදය ක්‍රියාත්මක වෙයි. පසු කාලයේදී වර්තමාන ණය සීමාවන් 1939 සහ 1941 රාජ්‍ය ණය පනත් යතේ ස්ථාපනය කරන ලදී. විටින් විට මහා භාණ්ඩාගාරය විසින් ණය සීමාවට ළඟා වීමට ආසන්න බවට කොංග්‍රසයට උපදෙස් දෙන විටදී සහ පැහැරහැරීමක් ආසන්න බව පෙන්නුම් කරන විටදී මෙවැනි අර්බුදයක් හටගැනීම සිදුවෙයි. මේ අනුව අර්බුදය උද්ගතව ඇත.

මෙම ආර්ථික අර්බුදය හමුවේ පසුගියදා ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් හදිසි තීරණ ගණනාවක් ගනු ලැබීය. මෙම තත්ත්වය හමුවේ බයිඩන් රජය විසින් විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය රක්ෂණ වාරික, ආබාධිත ජනතා සහන, තාක්ෂණ ක්ෂේත්‍ර සඳහා වැයකිරීම් සහ තවත් ක්ෂේත්‍ර ගණනාවකට අදාළව මුදල් ආයෝජනයන් යෙදවීම මෙම වසරේ ජුනි 05 දක්වා අත්හිටුවා ඇත. එම කාලය තවත් දීර්ඝ කෙරෙන බවද පැවසෙයි.

මෙම තත්ත්වය දැනට රට තුළ විශාල අර්බුදයක් ඇතිකර ඇති අතර, ජනතාව මහත් නොසන්සුන්තාවකට පත්ව ඇත. මේ නිසා මෙම ප්‍රශ්නය විසඳිය හැක්කේ කොංග්‍රසය තුළින්ම පමණක් බවට අදාළ පාර්ශ්ව දැඩි ලෙස අවධාරණය කර ඇත. එනම් කොංග්‍රසයේ සිටින බහුතරයක් රිපබ්ලිකන් සාමාජිකයන් සමග එකඟතාවකට පැමිණීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ රජයට සිදුවන බව පැවසෙයි. එසේ එකඟතාවකට පැමිණීමට ජනාධිපතිවරයා අපොහොසත් වුවහොත් ඇමෙරිකාව දැවැන්ත දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා ඇත.

මෙම තත්ත්වය යටතේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කළේ ප්‍රබල රිපබ්ලිකන් පාක්ෂිකයකු වූ ඇමෙරිකානු කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) වත්මන් කතානායක කෙවින් මැකාර්ති (Kevin Mccarthy) සමග සාකච්ඡා කිරීමටය. ඔහුගේ අරමුණ වූයේ කොංග්‍රසය තුළ ඇති විරුද්ධ පක්ෂයේ සහාය ලබාගැනීමටය. දැනට 58 වැනි වියෙහි පසුවන කතානායක කෙවින් මැකාර්ති කතානායක ධුරයට අමතරව කොංග්‍රසයේ රිපබ්ලිකන් සම්මේලනයේ නායකයාද වෙයි.

මේ ආකාරයට අවුරුදු 169ක් පැරැණි ඇමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ ඔහු ප්‍රබලයෙකි. පසුගියදා ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර මෙසේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද ඒවා සියල්ල අසාර්ථක විය. ණය සීමාව ඉහළ දමන ලෙස පාලක බයිඩන් රජය ඉල්ලා සිටියත්, රිපබ්ලිකන් පාක්ෂිකයන් එයට කැමැති වූයේ නැත. එහෙත් ජනාධිපති ජෝ බයිඩන් තම වෑයම අත්හැරියේ නැත. ඔහු නැවත වතාවක් තම විරුද්ධවාදීන් සමග සාකච්ඡා කළේය.

අවසානයේ පසුගියදා සාර්ථක විසඳුමකට පැමිණීමට සමත් විය. එනම් එක්සත් ජනපද ණය සීමාව ඉහළ දැමීමට කතානායක කෙවින් මැකාර්ති සහ එම පක්ෂ කොංග්‍රස් සභිකයන් කැමැත්ත පළකර ඇත. ඉදිරියේදී ඇමෙරිකාවට ණය පැහැර හැරීමක් වළක්වා ගැනීම උදෙසා මෙසේ දැනට ණය සීමාව ඉවත් කිරීමට කැමැත්ත පළකර ඇත. එනම් ඩොලර් ටි්‍රලියන 31ක ණය සීමාව ලබන 2025 ජනවාරි දක්වා අත්හිටුවීමට තීරණය කර ඇත. මෙය සුවිශේෂ ජයග්‍රහණයකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

මේ ආකාරයට ඇමෙරිකානු ජනාධිපතිවරයා බොහෝ සාවධානව සහ දැඩි උනන්දුවකින් යුතුව තම විරුද්ධ පාක්ෂිකයන් සමග සාකච්ඡා කර මෙම සංකීර්ණ ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කර ඇත. බොහෝ රටවල පාලකයෝ තම විරුද්ධ පක්ෂ හා ගැටෙමින් ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ දරති. එසේත් නැතිනම් විරුද්ධ පක්ෂයන් හා ගැටෙමින් තව තවත් ප්‍රශ්නය අවුළුවා ගැනීමට කටයුතු කරති. ශ්‍රී ලංකාවද සැබැවින්ම ඒ ආකාරයේ රාජ්‍යයකි.

මෙරට රාජ්‍ය පාර්ශ්වයද කිසිදු විටෙක තම විරුද්ධ පාක්ෂිකයන්ගේ හඬට සවන් නොදෙති. ඔවුන් බොහෝ විට කටයුතු කරන්නේ ඒකාධිපතියන් ලෙසිනි. මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය පාලකයන්ද කටයුතු කරන්නේ එලෙසය. මෙවැනි වටපිටාවක් යටතේ ලෝකයේ බලවත්ම රාජ්‍යය සහ ධනවත්ම රාජ්‍යය ලෙස සැලකෙන ඇමෙරිකාව අර්බුදයක වැටෙන්නට යන විටදී එරට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇති ආකාරය මේ වන විට බොහෝ දෙස් විදෙස් පාර්ශ්වවල ප්‍රශංසාවට ලක්ව ඇත. මේ අනුව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ කොංග්‍රසයේ කතානායක හා කොංග්‍රස් රිපබ්ලිකන් පක්ෂ නායක කෙවින් මැකාර්ති අතර මේ වන විට ගිවිසුමකට එළඹ ඇත. විනාශකාරී සහ පෙර නොවූ විරූ පැහැරහැරීමකින් ඇමෙරිකාව වළක්වා ගැනීම සඳහා ඔවුන් කටයුතු කර ඇත. අභිමත වියදම් සීමාකිරීම් මෙම ගිවිසුමේ ප්‍රධාන පරමාර්ථය වෙයි. එම අවබෝධතා ගිවිසුමට අනුව තවත් කරුණු මෙසේ හෙළිවිය.

★ සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභවල වෙනසක් නොකිරීම.
★ ෆෙඩරල් ආහාර සහ සෞඛ්‍ය වැඩපිළිවෙළට අවශ්‍ය නිසි ප්‍රතිලාභ සියල්ලක්ම ලබාදීම.
★ ශිෂ්‍ය අධ්‍යාපන ණය නිසි ලෙස ලබාදීම.
★ කර්මාන්ත සහ බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර.
★ ධනවත් ඇමෙරිකානුවන් සඳහා බදු සංග්‍රහය ක්‍රියාත්මක කිරීම.
★ ඇමෙරිකාවේ ආරක්ෂක වියදම් වැඩි කිරීම.

මේ ආකාරයට අද ඇමෙරිකාවත්, ලෝකයත් බේරාගැනීමට සතරන් මිතුරන් වී ඇත.

SendShareShare
Previous Post

දෑවැද්දට හේදී යන උතුරේ තරුණියන්ගේ ජීවිත I Sri Lanka Latest News

Next Post

යළිත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් පොහොට්ටුවේ රැස්වීමක් කැඳවයි! නාමල් විරුද්ධ වෙයි! තතිතනිව නැතිව පොහොට්ටුවට කතා කරන්න කියයි! අන්තිමේදී සාගරට ඇමතුමක් ලැබෙයි! මීට කලිනුත් මේ වගේ දෙයක් වෙලා සාගර ප්‍රසිද්ධියේම විරෝධය පළ කළා! I Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.