• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කල් දැමූ උන්දලාට මිනිස්සු උගන්නපු පාඩම I Sri Lanka Latest News

June 12, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොහෙවත් යන්න ඕනෙ නෑ ලංකාවෙන්ම ඉගෙන ගනිමු…

කෙත්වතු සරුසාර කරන්නට කලට වැසි වැටිය යුත්තේය. එලෙසින්ම රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුව පැවැතෙන්නට එරට කලට මැතිවරණ පැවැත්විය යුත්තේමය. වැසි නැති නියං සමයක සරු කෙත් වියළී ගම් පිටින් පාළුවට යන්නා සේම කලට මැතිවරණ නොපවත්වන රටක ප්‍රජාතන්ත්‍රවාදයද වියැකී දුහුවිලි සදිසි උඩු සුළඟට ගසාගෙන යන්නේමය.(Sri Lanka Latest News)

මේ වූ කලී ප්‍රජාතන්ත්‍රවාදය සිය පාලන ක්‍රමය ලෙස තෝරාගත් ලෝකයේ ඕනෑම රටකට අදාළ වන පොදු නීතියක් වන්නේය. එහෙත් දකුණු ආසියාවේ ඉතා දිගු කාලයක් සර්වජන ඡන්ද බලය අභ්‍යාස කරන ශ්‍රී ලංකාව මේ මුහුණ දෙමින් සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදය වියැකී දූවිලි ලෙසින් උඩු සුළගට මුසුව ඈතින් ඈතට ගසාගෙන යන අවාසනාවන්ත නියං සමයකටය.

ඕනෑම රටක මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනයා සතු ඉහළ වරප්‍රසාදයය. රටේ පාලකයාට ඇති එකම අයිතිය මෙකී ප්‍රජාතන්ත්‍රවාදය නඩත්තු කිරීම සහ ඊට අවශ්‍ය පියවර ගැනීම පමණි. එහෙත් ලංකාවේ වත්මන් ආණ්ඩුව සිතන්නේ රටේ පස, ජලය සහ ගස් වැල් ආදිය පමණක් නොව, මෙරට ප්‍රජාතන්ත්‍රවාදයද තම අභිමතයට අනුව හැසිරවිය හැකි කෙළි බඩු බවය. පළාත් සභා මැතිවරණය වසර හයකින් පමණ කල් යෑමට මෙන්ම පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් යෑමටද හේතුව වූයේ පාලකයන් තුළ ඇති එකී වැඩවසම් සිතුවිල්ලය.

ලංකා දේශපාලනයේ මොන මොන අඩුපාඩු තිබුණද කලට මැතිවරණ පැවැත්වීම වෙනස් වූයේ නැත. එහෙයින් සමුපකාර ඡන්දයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා සෑම මැතිවරණයක්ම නිසි කලට පැවත්වීම ලාංකේය දේශපාලනයේ කඩ නොකළ සම්ප්‍රදායක් විය. එකී උත්තම සම්ප්‍රදායට මෙරට දීර්ඝ කාලයක් පාලනය කළ සෝල්බරි ව්‍යවස්ථාව මගින් බලගන්වා තිබීම හේතුවෙන් කිසිම ආණ්ඩුවක් මැතිවරණ කල් දැමීමට සිතුවේ නැත.

ඒ බව බි්‍රතාන්‍ය කිරීටයට නතුව පැවැති සමයේ සිට 1972 දක්වා දේශපාලන ඉතිහාසය විමසීමේදී පැහැදිලි වෙයි. එහෙත් මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනට මුල්ම බාධාව පැනවෙන්නේ ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයෙන් මුදවාලමින් 1972 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් තුන් හවුල් සමගි පෙරමුණු රජය ගෙන ආ පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව මගිනි. එම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවේ කැමැත්ත පමණක් ලබාගෙන මැතිවරණය කල්දැමීමේ අවස්ථාව උදාකර දීම නිසා 1975 වසරේ පැවැත්විය යුතුව තිබූ මහමැතිවරණය 1977 දක්වා දෑවසරකින් කල්දාමා ගැනීමට තුන් හවුල් සමගි පෙරමුණු රජයට හැකි වන්නේය.

මේ ක්‍රියාව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත දැඩි විවේචනයට ලක්විය. ආණ්ඩුවේ ඒකාධිපතිවාදී ක්‍රියාවට විරෝධය පාමින් එවකට විපක්ෂ නායක ධුරය හෙබවූ ජේ.ආර්. ජයවර්ධන තමා නියෝජනය කළ කැලණිය ආසනයෙන් ඉල්ලා අස්විය. ආණ්ඩුව ඒ වෙනුවෙන් අතුරු මැතිවරණයක් කැඳවූ අතර, ඊට ඉදිරිපත්වූ ජේ.ආර්. පහසුවෙන් කැලණිය අසුන ජයගෙන නැවත පාර්ලිමේන්තුවට පිවිසියේය.

ඇන්.ඇම්., කොල්වින් වැනි වාමාංශිකයන්ගේ ලණුව කෑ මැතිනිය, ඡන්දය කල්දැමීමෙන් සිය දේශපාලන අනාගතය මුළුමනින්ම විනාශ කරගත්තාය. රටේ ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍ර වූ අතර, ජනතාවට ආණ්ඩුව වහ කදුරු මෙන් විය. අවසානයේ 1977 පැවැති මහ මැතිව‍රණයෙන් ඉතිහාසයේ දරුණුතම පරාජය ලබන්නට ශ්‍රීලනිපයට සිදුවිය. එම පක්ෂය ආසන 8කට සීමා වෙද්දී ඇන්.ඇම්., කොල්වින් වැන්නන්ගේ ඇප මුදල පවා රාජසන්තක විය.

ඊට හේතුව වූයේ මැතිනියගේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී තීරණවලට ඇන්.ඇම්., කොල්වින්ලා සහාය දැක්වීමය. වමට වෙන දේ ඉවෙන් මෙන් දැනගත් ජේ.ආර්. සිය පැරැණි පාර්ලිමේන්තු සගයා කොල්වින් බේරාගන්නට පොඩි ගැටයක් ගැහුවේය. කොල්වින් සමග අගලවත්තට තරග කරන්නට එ.ජා.ප.යෙන් නම්කර තිබුණේ ලලිත් ඇතුලත්මුදලිය. අගලවත්ත ආසනය ඇතුලත්මුදලිලාගේ බළකොටුවකි. බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලද ලලිත් ඇතුලත්මුදලි තරුණ උගතෙකි. මේ තරුණයා අතින් තම සගයා පරදින බව දැනගත් ජේ.ආර්., ඇතුලත්මුදලි රත්මලානට මාරුකර අගලවත්තට ආධුනිකයෙක් වූ මෙරිල් කාරියවසම් නම් කළේය.

එහෙත් වැඩේ වැරදී ගියේය. දේශපාලනයට නවකයෙක් වූ මෙරිල් කාරියවසම් අගලවත්තෙන් පාර්ලිමේන්තු ගියේ කොල්වින්ගේ ඇපත් රාජසන්තක කරමිනි. මේ කතාව ඔබට කීවේ එවක පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව සහ එහි හවුල්කාර පක්ෂ ජනතාවට කෙතරම් එපා වී තිබුණේදැයි තේරුම් ගන්නටය. එදා ශ්‍රීලනිප, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ජනතාවට එතරම්ම එපා වූයේ ආර්ථික අර්බුදයට වඩා මැතිවරණ කල් දමා ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසීම නිසාය.

සිය මෑණියන් වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉගෙනගත් පාඩම අමතක කළ චන්ද්‍රිකා කුමාරණතුංග ජනපතිනියද ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කරන්නට ගොස් අමාරුවේ වැටුණාය. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ 11 වැනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැතියේ 2000 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදාය. එම මැතිවරණයට ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ පොදුජන එක්සත් පෙරමුණට ලබාගත හැකි වූයේ ආසන 107ක් පමණකි. එක්සත් ජාතික පක්‍ෂය ආසන 89ක් ජයග්‍රහණය කළේය.

මේ තත්ත්වය යටතේ පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂයෙන් මන්ත්‍රීවරු පිරිසක් සහ එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව තරග කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට එක්කර ගනිමින් බහුතර බලය සහිතව ආණ්ඩුව නිර්මාණය කරන ලදී. එහෙත් මෙම හවුල් ආණ්ඩුව ඉතාම කෙටි කාලයකින් විවිධ අර්බුදවලට මුහුණ දුන්නේය. මාවනැල්ල ප්‍රදේශයේ සිදුවූ සිංහල – මුස්ලිම් ගැටුම මුල් කරගනිමින් ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා අණ්ඩුවේ බලය හීනවන්නට විය. තමන්ට පාර්ලිමේන්තුවේ පාලන බලය අහිමිවෙන බව දුටු ජනපතිනිය ඊට මුහුණ දෙනු වෙනුවට නූල් සූත්තර අටවමින් තම බලය රැක ගන්නට අඛණ්ඩව උත්සාහ ගත්තාය.

ඒ අනුව චන්ද්‍රිකාගේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව 2001 වසරේ සැප්තැම්බර් මස 05 වැනි දින තමන්ට ජනමතයක් නැති බව දැන දැනම ජනතා විමුක්ති පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක් අස්සන් කරමින් ‘පරිවාස ආණ්ඩුවක්’ අටවා ගත්තාය. එහෙත් ඒ වන විටත් ආණ්ඩුවේ අර්බුදය මුහුකුරා යමින් තිබිණි. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැවිත් තිබුණු අතර, ඉන් ඇගේ පරාජය නියත බව පැහැදිලිව පෙනිණි.

ඊට මුහුණදිය නොහැකිව ඇය පාර්ලිමේන්තු සැසිවාරය කල්දමා කෙටි අස්වැසිල්ලක් ලබාගත්තාය. එහෙත් 2001 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් එස්.බී. දිසානායක ඇතුළු ප්‍රබලයන් පිරිසක් විපක්‍ෂයට එකතු වීමත් සමග පරිවාස ආණ්ඩුවද බිඳවැටීමට ලක්විය. පාර්ලිමේන්තුව තුළ බහුතර බලය චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියට අහිමි වීම නිසා ඇය ආණ්ඩුව විසුරුවා හැරියාය. 2001 දෙසැම්බර් 05 වැනිදා මහ මැතිවරණය පවත්වන ලද අතර, ඉන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට ජය හිමිවිය.

එහෙත් ජනාධිපති ධුරය අඛණ්ඩව ඇය දැරීම නිසා තවත් අර්බුද රැසක් මතු විය. අවසානයේ ඇය 2004 දී රනිල්ගේ ආණ්ඩුවද විසුරුවා හැරිය අතර, 2005 දී මහින්ද රාජපක්ෂ විසින් බරපතළ නිග්‍රහයන් මධ්‍යයේ ඇය පලවා හරිමින් ශ්‍රීලනීපයේ බලය ලබාගන්නට සමත් වූවාය.

මැතිවරණ නොපවත්වා ජනමතය නොතකා කටයුතු කළ මීළඟ ආණ්ඩුව හමුවන්නේ 2015 දීය. ඒ, රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුවයි. 2012 සහ 2013 වසරවල පැවැත්වූ පළාත් සභා මැතිවරණවලින් තේරී පත්වූ සියලු පළාත් සභා කල් ඉකුත්වීම නිසා අහෝසි වී යන ලදින්, 2017 – 2018 අතර කාලයේ නව පළාත් සභා පත්කර ගැනීම සඳහා මැතිවරණය පැවැත් විය යුතුව තිබිණි.

එහෙත් ඒ වනවිට යහපාලන ආණ්ඩුව ඉතා බරපතළ ලෙස මහජන කෝපයට ලක්වෙමින් තිබිණි. මහබැංකු බැඳුම්කර වංචාව ඇතුළු කරුණු රැසක් නිසා යහපාලන ආණ්ඩුව ජනතාවට එපා වී තිබූ බව දැනගත් රනිල් සහ මෛත්‍රී දෙදෙනා පළාත් සභා පනතට සංශෝධන ගෙන එමින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්නට 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය පාර්ලිමේන්තුවේ සම්මත වූයේ නැත. ඊට සමගාමීව සීමානීර්ණ යෝජනාද ඉදිරිපත් විය. එබැවින් අදටද මෙකී යෝජනා සම්මතව නැත. එහෙයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය එක් කරමින් පළාත් සභා ගෙන එන්නේ මෙරට ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙසය. ඊට ඉන්දීය රජයද මදිහත්වන ලදී. එහෙත් දැන් දිවයිනේ සියලු පළාත් සභා කල් ඉකුත්වී වසර පහකට ආසන්නය. අදටද එම මැතිවරණය පැවැත්වීමේ සූදානමක් නැත. ඊට හේතුව යහපාලන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය ගලවාගත නොහැකි උගුලක පැටලීමය.

කෙසේ හෝ වේවා 2017 දී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය ඒ ආකාරයෙන් කල් දැම්මාට 2018 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය මඟහැර යාමට ආණ්ඩුවට හැකි වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ 2018 පළාත් පාලන මැතිව‍රණයෙන් පාලක එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපය ඉතා බරපතළ පරාජයකට මුහුණ දීමය. පළාත් සභා මැතිවරණය වංකගිරියක සිර කිරීමේ පාප කර්මය පළාත් පාලන මැතිවරණයෙන් ගෙවී ගියේ නැත. එය පාරා වළල්ලක් වී 2020 මහ මැතිවරණය තෙක් පැමිණියේය.

එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අතුගෑවී ගියා යැයි පැවසීම සාධාරණය. එම පක්ෂයට එකම එක ආසනයක්වත් දිනාගන්නට හැකි වූයේ නැත. අවම වශයෙන් සාම්ප්‍රදායක කොළඹ දිස්ත්‍රික්කයේ බළකොටු පවා එවර එජාපයට අහිමි විය. ඔවුනට හිමිවූයේ ජාතික ලැයිස්තුවේ එකම එක ආසනයක් පමණි.

මේ සියලු උදාහරණ නොකියා කියන කරුණ වනුයේ මැතිවරණ කල් දමා ජනමතය නොතකා වැඩකරන්නට යන සියලු දෙනාගේ දේශපාලන ගමන ලද පළමු අවසරයෙන්ම නිමා කරන්නට මෙරට ජනතාව කටයුතු කර ඇති බවය. ඒ උත්තරීතර ඡන්ද බලය යනු තම පරම අයිතිය ලෙස ශ්‍රී ලාංකිකයන් සලකන බැවිනි. ඒ බව දැන දැනත් වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සාවද්‍ය හේතු දක්වමින් කල් දමමින් සිටී. කොතරම් කල්දැම්මත් යම් දිනයක මැතිවරණය පවත්වන්නට ආණ්ඩුවට සිදුවනු ඒකාන්තය. නොසෙල්විය හැකි යැයි සිතා සිටි තම තමන්ගේ පක්ෂ පවුරු පදනම් බිඳගෙන එදිනට ජනමතය නාය යන බව නම් ඉඳුරාම පැහැදිලිය.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

වැඩ බාරගන්න ආ බත්තරමුල්ල සමූප සභාපතිට වෙඩි තියපු සිද්ධිය පත්තු වෙයි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ සමූප රක්ෂණ සමාගමේම අධ්‍යක්ෂවරයෙක්! බස් ව්‍යාපාරිකයෙක්-හමුදාවෙන් පැන්න අයකුත් අල්ලයි! I Sri Lanka Latest News

Next Post

පීපල්ස් ලීසිං සමාගම නව නිෂ්පාදන සංවර්ධනයේ සේවක නවෝත්පාදන හදුනා ගනිමින් “පීපල්ස් ලීසිං සභාපති සම්මානය” පිරිනමයි I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.