• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහතුන් අදත් වැඩසිටින කුඩුම්බිගල පුදබිමේ විස්මිත කතාව I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, Mahawanshaya, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රමණීයානි අරඤ්ඤානි යත්‍ථ න රමතී ජනො
වීතරාගා රමිස්සන්ති නතෙ කාමගවෙසිනො’(Sri Lanka Latest News)

මහා අරණ්‍යයෝ රමණීයය. යම් මහ අරණෙක්හි ලෞකික මහජන තෙම නොඇලේද, දුරු වූ රාග ඇති රහත්හු එහි ඇලෙන්නේය. ඒ, රහත්හු වස්තුකාම ක්ලේශකාම නොසොයන බැවිනි.

මේ ගාථා පාඨයෙන් කියැවෙන්නේ කෙලෙස් ප්‍රහීණ කළ රහතන්වහන්සේලා රමණීය වූ ආරණ්‍ය (වනාන්තර)වලට ප්‍රිය කරන බවයි. ලෝභ ද්වේශ මෝහ නමැති අකුසල මූලයන්ගෙන් නිරන්තර පෙළෙන පෘථග්ජනයන් වස්තු කාමයන් පසුපස අනවරතව හඹා යද්දී කෙලෙස් තවන වීර්යයෙන් යුත් භික්ෂුන්වහන්සේලා තව තවත් වනාන්තර තුළටම වැදී භාවනා වඩති. ධ්‍යාන වඩති. විදර්ශනා වඩති. ලොව්තුරු සුව විඳිති. ලෝකයට රහසින් පරිනිවී යති. එවැනි උත්තරීතර නික්ලේශී ප්‍රතිපදාවන්හි නියැළෙන ගෞරවනීය සඟ පරපුරකට වසර දහස් ගණනක් සෙවණ සැදූ සුවිශේෂ පරිසර කලාපයක අතීත-අනාගත-වර්තමාන යන කාලත්‍රයෙහි තතු ඔබට ලියා තබන්නටයි මේ සූදානම.

සම්බුදු දහමේ පහස ලංකා ධරණී තලයට උරුමවූ දා පටන් සමස්ත දිවයින පුරා විවිධ වූ වනාන්තර කලාපයන් ඇසුරෙහි මහා සංඝරත්නය උදෙසා පුද කෙරුණු ආරාම සිය දහස් ගණනක් පැවැතිණි. ඒවායේ පෞරාණික සාධක අදටද එම ප්‍රදේශවල විද්‍යමාන වන අතර, ඉන් බොහොමයක් සංරක්ෂණය කර ඇත.

විටෙක ඉහළට නඟින ගල් පඩිය. තවත් විටක ගස්‌ වැල් අතරින් වැටුණු සුදු වැලි ඇතිරුණු මඟය. ගමන දුෂ්කරය. අලි, කොටි, වලසුන් නිතර සැරිසරන මඟෙහි ගමන අවදානම්ය. එහෙත් දුර ගෙවාවිත් ගල් තලාව මත නටබුන්ව පවතින චෛත්‍ය අසලට ගිය විට සිත නිවී සැනහී යයි. කැලෑ රොද මැද තනි වූ කුටි ගෙවල්වල සිට පිඬුසිඟා වඩින ස්‌වාමින්වහන්සේලාගේ දසුන සිත පහන් කරවයි. රහතන්වහන්සේලා අදටද වැඩසිටිතැයි විශ්වාස කෙරෙන මේ ඓතිහාසික බිම්කඩ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයයි. මේ ලිපිය ලියැවෙන්නේ ඒ පුණ්‍ය භූමිය පිළිබඳවයි.

කුඩුම්බිගල පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්වය. කොළඹ සිට මොනරාගල – පොතුවිල් හරහා කි.මී. 340ක් පමණ දුරකින් පිහිටා ඇති කුඩුම්බිගල, වයඹ දිගින් මොනරාගල කඳුවැටි පෙළත්, ගිනිකොන දිගින් මුහුදු වෙරළත් අතර තැනිතලා බිම් තීරුවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 100ත්, 500ත් අතර උස් බිම්කඩ කුඩුම්බිගලට අයත්ය. විශාල ගල් තලාවලින් නිර්මිත මේ ප්‍රදේශය, ඝන කැලෑවක් මැද පිහිටා තිබේ.

දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් අතර ප්‍රබලයකු වූ නන්දමිත්‍ර යෝධයා විසින් කරවා පූජා කරන ලද බවට සැලකෙන කුඩුම්බිගල සේනාසනය තුළට පිවිසෙන විට පළමුව මුණගැසෙන්නේ ‘මහා සුදර්ශන ලෙන’ නම් කටාරම් සහිත ගල් ලෙනය. ‘මහා සඟරුවන උදෙසා නන්දමිත්‍ර නම් යෝධයා විසින් කරවා පූජා කරන ලද’ බව සඳහන් බ්‍රහ්මී අක්ෂර එහි දැකගත හැකිය. සෙනසුන් බිමේ පිහිටි පෞරාණික නටබුන් අතර සුවිශේෂත්වයක් ගන්නා මෙම ‘සුදර්ශන ලෙන’ වර්තමානයේදී භාවිත කෙරෙන්නේ බුදුමැඳුරක් වශයෙනි.

Sri Lanka Latest News

විශාල ලෙස කටාරම් කෙටූ ගල්ලෙන් කිහිපයක් මෙහි ඇති අතර, ඇතැම් ස්ථානවල ක්‍රි.පූ. 2-5 යුගවලට අයත් සෙල්ලිපිද දක්නට ලැබේ. සමහර ගල්තලා මත ඉපැරැණි ගොඩනැඟිලිවල නටබුන්ද, සිතුවම්වල අවශේෂයන්ද හඳුනා ගැනීමට පුළුවන. විශාල ගල් පර්වතයක් වන ‘කුඩුම්බිගල’ මත දාගැබක අවශේෂයන් සහ ජලය රඳවා ගැනීමට යොදාගත් බවට සැලකෙන ස්වභාවික ගල් කෙම්ද දැකගත හැකිය. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි 10කට වැඩි ප්‍රමාණයක් සෙනසුන් පිහිටි ප්‍රදේශයෙන් හමුවී ඇති අතර, ඒ සෑම ලිපියක්ම කටාරම් කෙටූ ලෙන්වල පිහිටා ඇත්තේ ලෙන් කරවූ පුද්ගලයන් පිළිබඳ සාධක ද සපයමිනි.

ඒ අනුව මෙහි ඇති ලෙන් තුනක් කරවා ඇත්තේ භික්ෂුන්වහන්සේ වීම තවත් විශේෂත්වයකි. අක්කර 800ක් පුරා විහිදුණු පුරාවිද්‍යා නෂ්ටාවශේෂවලින් සමන්විත කුඩුම්බිගල, නැඟෙනහිර පළාතේ ඇති තවත් සුවිශේෂ පුරාවිද්‍යා ස්ථානයක් බව අවිවාදයෙන් සඳහන් කළ යුතුය.

මුහුදට ආසන්න පර්වතවලින් පිරි වනගත කඳුවැටි කිහිපයක් පාදක කරගෙන ගොඩනැගූ ආරණ්‍යයක් වන කුඩුම්බිගල සෙනසුන් අයත් ප්‍රදේශය 1973 වසරේදී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

අනුරාධපුර මුල් යුගයට අයත් රෝහණ රාජධානි සමයේදී මේ අවට බෞද්ධ ප්‍රබෝධයක් පැවති බව හෙළිකරන ලෙන්, සෙල්ලිපි, පැරැණි දාගැබ් මෙහි වනගතව පැතිර පවතී. මෙහි පිහිටා තිබෙන පර්වත 5ක් ඇසුරේ කටාරම් කෙටූ ලෙන් 50ක් පිහිටා ඇති අතර, ඉන් සමහරෙක ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂර සෙල්ලිපි දැකිය හැකිය.

1980 දශකයේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය තාඹුගල ආනන්දසිරි නාහිමියන් ලියූ ‘විසිපස් වසරක වනදිවි තොරතුරු’ නම් පොත මෙම පුණ්‍ය භූමියේ සුන්දරත්වය සහ ඉතිහාසය ගැන කියැවෙන සුවිශේෂ ග්‍රන්ථයකි. එහි එක් තැනක මෙලෙස සඳහන්ව ඇත.

‘මුළු පෙදෙසම රුදුරු වනගහනයකින් වැසී තිබෙතත් මෙහි සිට ක්ෂිතිජය දෙස නෙත් යොමන විට අත්වන වින්දනය කුඩුම්බිගල තපෝවනයෙන් දෙන නිවන් සුවයට පෙර නිමිත්තකැයි සිතමි. තුරින් තුරට කුලින් කුලට පනිමින් යන රිළා වඳුරු රැළින් මෙන්ම මිහිරි ගී ගයමින් වන පියස නළවන සියොතුන් සිනා මෙහි සිරිය වැඩෙනුයේය.’

එදා පොතුවිල් කළපුව තරණය කිරීමෙන් පා ගමනින් ගමන් කළ යුතු වුවත් අද වනවිට මේ සියලු මාර්ග නවීකරණය වී ඇත. පානම ගම්මානයේ සිට කුඩුම්බිගල දක්වා දිවෙන බොරළු මාර්ගය වැටී ඇත්තේ වනාන්තරය මැදිනි. පලු, වීර, වැනි වෘක්ෂ මග දෙපස බහුලව වැවී ඇති අතර, වනය මැද පිහිටි වැව්ද, ඈතින් මුහුද ද දකිමින් යන මේ ගමන චමත්කාරජනකය. මේ යන අතර ශාස්ත්‍රවෙල නටබුන් දැකබලා ගැනීමටත් ඔබට අවස්ථාව උදාවේ. එසේම කරදිය කළපු, අලි ලගින වළවල්, වනමැද කෙත්යායන් ආදියත් දැකගත හැකියි. වන අලින් තිත්මුවන් මොනරුන් වළිකුකුළන් සුලබ දසුනකි.

‘වෙහෙරකෙම පර්වතය’ ගමන් මාර්ගය අද්දරදී දැකගත හැකි පැරැණි නටබුන් ස්ථානයකි. එය පාමුල වර්තමානයේ දේවාලයක්ද දැකගත හැකි අතර, වනයට ඇතුළුවීමට පෙර එහි කොළ අත්තක් කඩා එල්ලීම ගැමියන්ගේ සිරිත වී තිබේ. අනුරාධපුර යුගයෙන් පසු වනගතව පැවැති මේ නටබුන් යළිත් මෑත කාලයේදී වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට ඉඩ සලසා දුන්නේ මෛත්‍රී උපාසක නම් අයකු විසිනි. ඒ, 1954 වසරේදීය. පූජ්‍ය තාඹුගල ආනන්දසිරි හිමියන් මේ පුදබිමට කැඳවාගෙන එන්නේද මෛත්‍රී උපාසක නම් පුද්ගලයකු විසින් බව කියැවේ. ඔහු කතෝලිකයකුව ඉපිද පසුකාලීනව බුදුදහම වැලඳගත්තෙකි.

පසුව ඔහු කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව කල්ගෙවා ඇති බවද පැවැසේ. මෛත්‍රී උපාසක විසින් ප්‍රථමයෙන් ලෙන් 10ක පමණ බිත්ති බැඳ කුටි වශයෙන් සකසාගෙන බණභාවනා කිරීමට ඉඩ සලසා දී ඇති බව කියැවේ. කුඩුම්බිගල සෙනසුන වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදුකළ මෛත්‍රී උපාසක මහතා 1971 සැප්තැම්බර් 10 වැනිදා මියගොස් තිබේ.

Sri Lanka Latest News

1990 දශකයේ කොටි ත්‍රස්තවාදී තර්ජන දැඩිව පැවැති සමයේ කුඩුම්බිගල පුදබිමටද ප්‍රහාරයක් එල්ල විය. එවක කුඩුම්බිගල සෙනසුනේ නායක හිමියන් ලෙස වැඩවිසූ තාඹුගල ආනන්දසිරි හිමියන්ද එම තර්ජනවල ගොදුරක්ව 1989දී නාඳුනන​ තුවක්කුකරුවකුට ගොදුරුව ඝාතනය විය. සෙනසුනේ බවුන් වඩමින් සිටි සෙසු හිමිවරුද එම ඝාතනයෙන් කම්පනයට පත්ව මොනරාගල ප්‍රදේශයේ වෙනත් ආරණ්‍ය සේනාසනයකට වැඩම කර ඇත.

දශක දෙකක් පමණ අතහැර දමා වනගතව පැවැති කුඩුම්බිගල වන සෙනසුන ත්‍රස්ත තර්ජන අවසන් වීමත් සමග මහා සංඝරත්නය වැඩසිටින පුණ්‍ය භූමියක් බවට මේ වන විට යළි පත්ව තිබේ. ආරණ්‍ය සේනාසනයක තිබිය යුතු සියලු මූලික විහාරාංගද එහි මේ වන විට ඉදිකර තිබේ.

ඉතා ශුෂ්ක දේශගුණයක් වසර පුරාම පවතින නැගෙනහිර පළාතේ සිසිල් ජලය පිරුණු පොකුණක් දැකගත හැකි වීම විස්මය දනවන්නකි. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ ඇති සීත පොකුණ නම් ලෙන තුළ සිහිල් ජලයෙන් පිරි මෙම ස්වභාවික පොකුණ පිහිටා ඇත. පිරිසිදු සිසිල් ජලය වසර පුරාම පවතින මෙම පොකුණ, සෙනසුනේ භාවනානුයෝගීව වැඩසිටින මහා සංඝරත්නය උදෙසාම සොබාදහමෙන් පිරිනැමුණු දායාදයක් ලෙස බොහෝ දෙනා හඳුන්වති.

කුඩුම්බිගල ආරණ්‍යයේ නටබුන් වූ දාගැබ් අටක් දැකගත හැකිය. ඒ අතරින් තුනක් පිහිටා ඇත්තේ කුඩුම්බිගල පිහිටි උසම පර්වතය වන සෑගිරි පර්වතය ආශ්‍රිතවය. මෙම දාගැබ් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති අතර, එක් දාගැබක් සිලින්ඩරාකාර හැඩයකින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. එම සිලින්ඩරාකාර හැඩයක් ගන්නා චේතියගිරි දාගැබ ඉන්දියාවේ ධර්මරාජික ස්තූපයට සමානකමක් දක්වයි.

සෑගිරි පර්වතයට පිවිසීම සඳහා ගලින් කළ පියගැට පෙළක් යොදා ඇති අතර, පර්වතය මතට නැඟුණු පස් අවට අලංකාරය මනාව දැකගත හැකිවේ. සෑගිරි පව්වේ සිට කිලෝමීටරයක දුරින් පර්වත අතර පිහිටා ඇත්තේ අක්කර 641ක පමණ තැනිතලා භූමියකි. කුඩුම්බිගල ආරණ්‍යයේ ප්‍රධාන සංඝාවාස ලෙනද, නටබුන් දාගැබ්ද, පොකුණු සහ පැරැණි පූජනීය ගොඩනැගිලි රාශියක්ද මෙහි පැතිරී තිබෙනවා. ඒ අතරින් ඇතැම් නටබුන් කැණීම් අවසන් කර සංරක්ෂණය කර ඇතත්, වනාන්තරයෙන් වැසීගිය නටබුන් රාශියක්ද කැණීම් සිදුකිරීම සඳහා තවදුරටත් ඉතිරිව ඇත.

එසේම සෙනසුන් බිමේ පිහිටි මධ්‍ය මණ්ඩලය නම් නටබුන් වූ දාගැබට තරමක් දුරින් වනය මැද තවත් දාගැබ් තුනක් සහ ගල් ලෙන් කිහිපයක් පිහිටා ඇත. ඉන් එක් ගල්ලෙනක 1971දී මියගිය මෛත්‍රී උපාසක මහතාගේ ඇටසැකිල්ල තබා ඇති අයුරු අදටද දැකගත හැකිය.

වර්ෂ 1900 දක්වා මෙම ප්‍රදේශය ආශ්‍රිතව මීට වසර ලක්ෂ 15කට පමණ පෙර පහළවී, වසර 70,000කට පෙර ලොවෙන් තුරන්ව ගිය හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ වත්මන් පුරුක බව කියැවෙන ‘නිට්ටෑවා’ නම් සත්ව ප්‍රභේදය ජීවත් වූ බවද කියැවේ. බි්‍රතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්මාන් ඉල් 1945 වසරේ ලංකාවට පැමිණ නිට්ටෑවන් පිළිබඳ පර්යේෂණයක් සිදුකර තිබේ. එහිදී ඔහුගේ විශේෂ අවධානය යොමුවී තිබෙන්නේ කුඩුම්බිගල පානම ආදී ප්‍රදේශ වෙතය. වසර කිහිපයක් මුළුල්ලේ ඔහු සිදුකළ පර්යේෂණය අවසානයේ එළිදැක්වූ වාර්තාවලින් කියැවෙන්නේ ලේනව සහ කුඩුම්බිගල ආශ්‍රිතව නිට්ටෑවන් වාසය කළ බවත්, ලංකාවේ වැදි ජනතාව විසින් ඔවුන් සමූල ඝාතනය කර ඇති බවත්ය.

එසේම අතීතයේ එක් කාලපරිච්ඡේදයක මේ ප්‍රදේශයේ ලේනව නම් වැදි ගම්මානයක් පිහිටා තිබී ඇති අතර, එම ගම්මානයේ වැදි ජනතාවගෙන් කුඩුම්බිගල ආරණ්‍යයේ භාවනානුයෝගීව වැඩසිටි හිමිවරුන්ට හිරිහැර සිදුවී ඇති බවත් කියැවේ. කෙසේ වෙතත් කෙටි කාලයක් ගතවත්ම වනාන්තරයේ ජීවත් වූ කොටින් විසින් ඒ සියලු වැදි ජනතාව ඝාතනය කර ඇති බවත් සඳහන් වේ. එහෙත් වනවාසී භික්ෂුන්වහන්සේලාට එම කොටින්ගෙන් කිසිදු හිංසාවක් සිදු නොවූ බව ප්‍රදේශවාසී පැරැන්නන් අදටත් පවසන කරුණකි.

භාවනානුයෝගී හිමිවරුන් විශාල පිරිසක් මේ වන විටද කුඩුම්බිගල සෙනසුනේ වැඩසිටිති. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සහ විදෙස් රටවලින් පවා පැමිණ අප්‍රකටව වැඩසිටින ඒ කිසිදු හිමිනමකට කිසිදු වන සතකුගෙන් හානියක් නොවන්නේ ධර්මය සරණ කරගත් කිසිවකුට සොබාදහමෙන් හානියක් නොවන බවට වන සත්‍යය පසක් කරමිනි. පිණ්ඩපාතයෙන් යැපෙමින්, මිනිස් වාසයට නිතර නොඑන මේ භාවනානුයෝගී හිමිවරුන් අතර රහතන්වහන්සේලා වැඩසිටින බවට විශ්වාසයක්, නිතර කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය ඇසුරු කරන්නන් තුළ වේ.

‘ධර්මය සන්දිට්ඨිකව පවතිනතාක්, ලොව රහතුන්ගෙන් හිස් නොවේයැ’යි බුදුරජාණන්වහන්සේ කළ දේශනාව සත්‍යයක් බව ඒ තුළින් ගම්‍ය වෙයි. නිර්මල ථෙරවාද ධර්මය තවමත් අප රට තුළ ජීවමානව පවතී. උතුම් අරිහත් ධජය දරන සිය දහස් ගණනක් දෙස් විදෙස් මහා සංඝරත්නය විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, ගල්ලෙන්, වන සෙනසුන් ඇසුරු කරමින් වැඩසිටිති. ධර්මයේ සන්ධිට්ඨික බවට එයම සාක්ෂියකි. ඒ සන්දිට්ඨික දහම ඇසුරුකරනා නික්ලේශී රහතුන් මේ ඓතිහාසික කුඩුම්බිගල වනස්පතීන් අතර අදටද විවේක සුවයෙන් සක්මන් කරනු ඇතිය යන්න අපගේද විශ්වාසයයි.

SendShareShare
Previous Post

මේක දැක්කාම ලැජ්ජා හිතෙනවා! අපේ එවුන් වෙරළට ගිහින් කුණු දානවා! නිවාඩුවට ලංකාවට ආපු සුද්දෝ සුද්දියෝ ලංකාවේ වෙරළ ලස්සන කරන්න අපේ එවුන්ගෙ කුණු අරන් දානවා! VIDEO I Sri Lanka Latest News

Next Post

දෑවැද්දට හේදී යන උතුරේ තරුණියන්ගේ ජීවිත I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.