• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තායි කුමරිය නිකම් දුන් දළ ඇතෙක් බලාගන්න බැරි රටක් I Sri Lanka Latest News

June 9, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මුතුරාජා ඇතා ලෙඩෙක්. පෙරහැර කරන්න පුළුවන් සතෙක් නෙවෙයි. කන්දේ විහාරයේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර හාමුදුරුවනේ, මරණය පෙනි පෙනී දැන් සුවය ලබමින් ඉන්න මේ ලෙඩ ඇතාව පෙරහැරේ දක්කන් යනකොට ඔබවහන්සේ ඇස් කන් පියාගෙන ඉන්නවද? ((Sri Lanka Latest News))

මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් හෂීල හීන්කෙන්ද මහත්මයා, ඔබතුමා නාථ දෙවියන්ගේ දේවාභරණ මේ ලෙඩ ඇතා පිට පටවනවද? රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිශාන් වික්‍රමරත්න මහත්මයා, ඔබතුමා කතරගම පෙරහැරට මේ ලෙඩ ඇතා ගෙන්නනවද? සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසේකර මහත්මයා, ඔබතුමා සමන් දේව පෙරහැරට මේ ලෙඩ සතා කොර ගහගහා යන්න සහභාගි කරගන්නවද? කකුල් කුණුවෙනකම්, වල්ගෙ පණුවො ගහනකන්, කටු තිරිංග ගහන් පෙරහැරවල දක්කන මේ ලෙඩ ඇතා ඔබේ පෙරහැරට සහභාගි කරගන්නවද? ලෙඩ සතෙක් පෙරහැරේ දක්කලා ජීවිතයට හානියක් වුණොත් ඔබලා ඒ වගකීම භාරගන්නවද? දේව සාපයට ලක්වෙන ඒ පව්කාරකම්වලට දායක වෙන්න එපා…’

මෙම හැඟීම්බර කතාන්දරය කුමක්ද? මෙම සුවිශේෂ වගතුග අසන්නට ලැබුණේ මෙයට හරියටම වසරකට පෙරදීය. එනම් 2022 වසරේ ජුනි 17 වැනිදා ෆේස්බුක් ගිණුමක (මුහුණු පොතේ) සටහනක් තුළින් මෙම වදන් දක්නට හැකි විය. ශ්‍රී ලාංකික සත්ව අවිහිංසා සංවිධානයක් වන ‘වොයිස් ෆෝ එලිෆන්ට්ස් ශ්‍රී ලංකා’ (Voice For Elephants Sri Lanka) යන සංවිධානයේ මුහුණු පොත ගිණුමක් හරහා එය ප්‍රකාශ වී තිබිණි.

මෙයින් කියැවී තිබුණේ එක්තරා විශේෂිත හස්ති රාජයකුගේ (ඇත් රාජයකුගේ) වගතුගකි. මෙම ඇතා අයිති වන්නේ අලුත්ගම කන්දේ විහාරයට බව එහි සඳහන් වන අතර, එම සත්වයා ආශ්‍රිත කරගෙන සිදුව තිබෙන යම් රෝගී අර්බුදකාරී තත්ත්වයක් ගැන එම සටහන වැඩිදුරටත් කරුණු කියයි. අලුත්ගම කන්දේ විහාරයට අයත් මෙම හස්ති රාජයාගේ නාමය ‘මුතුරාජා’ යැයිද එහි සඳහන්ව ඇත. යම් කාලයක් පුරා නිසි සොයාබැලීමක් නොමැතිව ඉතා දරුණු ලෙස රෝගී වූ මෙම හස්තියා එම තත්ත්වය යටතේදීම තව තවත් විවිධ ප්‍රයෝජනයන් සඳහා භාවිත කිරීම දැඩි ලෙස විවේචනයට ලක්ව තිබිණි.

Sri Lanka Latest News

ඉහත සත්ව අවිහිංසා සංවිධානය විසින් මුලින්ම මෙම තත්ත්වය හෙළිදරව් කර තිබිණි. ඉන් පසුව බොහෝ පාර්ශ්ව හරහා මෙම ප්‍රශ්නය කතාබහට ලක්වූ අතර, එය මහත් ආන්දෝලනාත්මක තත්ත්වයකටද පත්විය. අලුත්ගම කන්දේ විහාරයට 2001 වසරේදී තායිලන්තයේ රාජ කුමාරිකාවක් විසින් පූජා කරන ලද මෙම ඇත් රාජයා වර්තමානයේදී ලංකාවේ සිටින දිගම ඇත් දල යුගලය හිමි හස්තියා වශයෙන්ද සැලකෙයි. දැනට වයස අවුරුදු 35ක් පමණ වන ‘මුතු රාජා’ හස්තියා මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සහ තවත් පෙරහැර කිහිපයක ගමන් කරන අතර, මහනුවර නාථ දේවාලයේ දේවාභරණද වැඩම කරනු ලබයි.

වසරකට පෙරදී මෙලෙස සිදුවුණු වගතුගක් අද ඔබට ලියා තැබුවේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබුණු සුවිශේෂ කතාවක් හේතුවෙනි. මෙම වගතුග මුලින්ම පසුගියදා හෙළිවන්නට ගත්තේ තායිලන්තයේ මාධ්‍ය තුළිනි. එරට පුවත්පත් වාර්තා කිහිපයකින් ප්‍රකාශ වී තිබුණේ ශ්‍රී ලංකාවේ සිටින ඇතකු දැනට ඉතා රෝගී තත්ත්වයක සිටින බවත්, මෙම සත්වයා ඉතා නුදුරු දිනෙකදී තායිලන්තයට ගෙනැවිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන බවත්ය.

මෙම හස්තියා 2001 වසරේදී තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ‘සක් සුරීන්’ නොහොත් ‘මුතු රාජා’ නමැති සත්වයා බවටත් කරුණු ප්‍රකාශ වී තිබිණි. තායිලන්තයේ මාධ්‍ය කිහිපයක්ම මෙම පුවත පළකර තිබුණු අතර, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයද මෙම සිදුවීම පිළිබඳ විශේෂ නිල ප්‍රකාශයක් සිදුකර තිබිණි. මුලින් මෙසේ තායිලන්තයේ මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේද මාධ්‍ය ගණනාවක් විසින් මෙම පුවත සඳහා විශේෂ ප්‍රචාරයක් ලබාදී තිබිණි.

වසර 22ක් පුරා මෙරට නිවහනක් වූ මෙම තායිලන්ත හස්තියාට පසු කාලයකදී සිදුවූයේ කුමක්ද? එම අර්බුදය ආරම්භ වී තිබෙන්නේ මෙයට වසරකට වැඩි කාලයක සිටදීය. එනම් දැනට වසරක පමණ කාලයක සිට මෙම හස්තියා ඉතා දැඩි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නට වූ බැව් කරුණු ප්‍රකාශ වී තිබිණි. එලෙස සත්වයා රෝගී තත්ත්වයේ සිටියදීත් ඔහුට නිසි ප්‍රතිකාර සිදු නොකළ බවත්, දිගින් දිගටම එම සත්වයා පෙරහැර කටයුතුවලට සහභාගි කරවාගත් බවටත් දැඩි ලෙස චෝදනා එල්ල වන්නට ගත්තේය.

මෙම තායිලන්ත හස්තියා ශ්‍රී ලංකාවට රැගෙන ආ සමයේ සිටම භාරකාරත්වය දරා ඇත්තේ අලුත්ගම කන්දේ විහාරය මගින් වන අතර, ඔහුගේ වාසස්ථානය වූයේ එම විහාරස්ථානයයි. නොයෙකුත් පෙරහැර කටයුතු සඳහා සත්වයා සහභාගි කරවනු ලැබුවේද අලුත්ගම කන්දේ විහාරයේ සිටියදීය.

දැන් එසේනම් ‘සක් සුරීන්’ නොහොත් ‘මුතුරාජා’ නම් මෙම මහා හස්තියාගේ අලුත්ම තත්ත්වය කුමක්ද? දැනට මෙම සත්වයාට ශ්‍රී ලංකාව තුළදී නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ රැකවරණයක් හෝ නොලැබෙන බැවින් තායිල්නතයේ රජය වහා තීරණය කර ඇත්තේ සත්වයා නැවත එරටට ගෙන්වා ගැනීමටය. හස්තියා නැවත තායිලන්තයට ගෙන්වීම පිළිබඳ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම එරට ස්වභාවික සම්පත් හා පරිසර කටයුතු අමාත්‍යාංශයද විශේෂ ප්‍රකාශ නිකුත් කර ඇත.

තායිලන්තයේ වත්මන් ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා ආචා (Varawut Silpa-archa) ප්‍රකාශ කර ඇත්තේ මෙම සත්වයා නැවත ගෙන්වා ගැනීම උදෙසා පසුගිය කාලය තුළ විශේෂ වැඩසටහනක් සංවිධාන කෙරුණු බවය. එනම් පසුගියදා තායිලන්තයේ විශේෂඥ පශු වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදුකර මෙම සත්වයාගේ සැබෑ තත්ත්වය නිරීක්ෂණය කළ බවත්, එහිදී පෙනීගොස් ඇත්තේ සත්වයාට නිසි වෛද්‍ය ප්‍රතිකාර මෙහිදී නොලැබෙන බවත්ය.

මේ හෙයින් සත්වයා නැවත තමන්ගේ මව්රටට ගෙන ආ යුතු බවටත් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට සිටින දිගම ඇත් දළ සුවල හිමි සත්වයා වන්නේ මෙම හස්තියා බවත්, එහෙයින් මෙම සත්වයා වහා ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව තුළදී කාලයක් පුරා මෙම සත්වයා බොහෝ නිරෝගීව, තේජාන්විත ආකාරයෙන් සිටියද මෑත සමයක සිට සත්වයාගේ ඇත්ගොව්වන් විසින් සිදුකරන ලද හිරිහැර හේතුවෙන් සත්වයා රෝගී තත්ත්වයට පත්ව ඇති බව තායිලන්ත පශු වෛද්‍යවරුන් විසින් නිගමනය කර ඇත. හස්තියාගේ භාරකරුවන් මෙන්ම ඇත්ගොව්වන්ගේද මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් සත්වයාගේ ශරීරය ඉතා දරුණු තුවාල ඇතිවී තිබෙන බවද තායිලන්ත පශු වෛද්‍යවරුන් නිර්ණය කර ඇත. එහෙයින් සත්වයා තවදුරටත් ශ්‍රී ලංකාවේ තබාගැනීම ඉතා අනාරක්ෂිත යැයි මෙම වෛද්‍ය විශේෂඥයන් තායිලන්ත රජයට නිර්දේශ කර ඇත.

Sri Lanka Latest News

පසුගිය වසරේ සිටම මෙම හස්තියා රෝගී වූ විටදී නැවත ඔහු තායිලන්තයට ගෙන්වා ගැනීමට සැලැස්මක් තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් මෙවර එම කටයුත්ත ජුනි මස මුලදී ස්ථිර ලෙසටම සිදුකරන බවට තායිලන්ත රජය ශ්‍රී ලංකා රජය වෙත කරුණු ප්‍රකාශ කර ඇත. මේ අනුව දෙරටෙහිම බලධාරීන් මෙම කාර්යය සිදුකිරීමට තීරණය කර ඇත. මෙහිදී හස්තියා තායිලන්තයට ගෙන්වා ගැනීමට වැයවන සියලු වියදම් තායිලන්ත රජය විසින් දැරීමට තීරණය කර ඇත. මෙහිදී සුවිශේෂ පුවතක් ලෙසින් වාර්තා වන්නේ හස්තියා රැගෙන යෑම සඳහා වැයවන ගුවන් ගමන් වියදමයි.

එනම් එය තායිලන්ත බාට් මිලියන 24.7ක් නොහොත් ඇමෙරිකානු ඩොලර් 7,00,000 (ලක්ෂ 07ක්)ක සුවිශාල වියදමකි. මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් කල රුපියල් කෝටි 25ක් පමණ වෙයි. එහෙත් දැන් ශ්‍රී ලංකාව තුළ ඇ. ඩොලරයේ වටිනාකම යම් පමණකින් අඩු හෙයින් එම මුදල යම් ලෙස අඩුවීමක් ඇත. එසේ වුවත් අප එම වියදම තක්සේරු කළ යුත්තේ තායිලනතයේ වත්මන් ඩොලරයේ වටිනාකමට සාපේක්ෂවය. මෙම කටයුත්ත සඳහා තායිලන්ත රජය මුදල් ප්‍රතිපාදනයන් වෙන්කිරීමට දැනට සැලසුම් කර ඇත.

නැව් මගින් සත්වයා ප්‍රවාහනය කරන විටදී සති දෙකකට අධික කාලයක් ගතවන හෙයින් එහිදී සත්වයාට යම් හානියක් සිදුවිය හැකි නිසා මෙලෙස ගුවන් මගින් සත්වයා ගෙන යෑමට තීරණය කර ඇත. මෙම හස්තියාගේ ප්‍රමාණත්වයට අනුව සී-130 වර්ගයේ බඩු ප්‍රවාහන ගුවන් යානයක් පවා ප්‍රමාණවත් නොවන බව පැවසෙයි. එනම් එහිදී සත්වයා සඳහා විශේෂ කූඩුවක්ද ඉදිකර එයට සත්වයා පටවා නැවත ගුවන් යානයට පැටවිය යුතුය.

මේ ආකාරයට බලන විට මෙය අතිවිශාල මෙහෙයුමක් බවට පත්ව ඇත. සී-130 ගුවන් යානයකට අලියා නිකම් පැටවිය හැකි වුවත්, කූඩුවක් සමග පැටවිය නොහැකි බව පැවසෙයි. මෙහිදී කූඩුව අනිවාර්ය වන අතර එය තුළ සත්වයා ආරක්ෂාකාරීව බැඳ තැබිය යුතුය. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට ගුවන් ගමනට ගතවන්නේ පැය 03යි විනාඩි 36ක කාලයකි.

මෙහෙයින් සත්වයා හැකි ඉක්මනින් එරටට ගෙන යා හැකිය. මෙම කාර්යය සඳහා විශේෂ රුසියානු බඩු ප්‍රවාහන ගුවන් යාත්‍රාවක් කුලී පදනම මත ලබාගැනීමට තායිලන්ත රජය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටියි. තායිලන්තයේ බලධාරීන් නිරන්තරයෙන්ම මෙම හස්තියා හඳුන්වනු ලබන්නේ ‘සක් සුරීන්’ නමැති තායිලන්ත නාමයෙනි. මෙම සුවිශේෂ හස්තියාට සිදුව ඇති අසාධාරණය ගැන මුලින්ම ශ්‍රී ලංකාව තුළදී කරුණු සොයා බැලුවේ මෙරට තිබෙන ප්‍රධානතම සත්ව අවිහිංසා සහ අයිතිවාසිකම් සංවිධානයක් වන Rally for Animal Rights and Environment (රැලි ෆෝ ඇනිමල් රයිට්ස් ඇන්ඩ් එන්වයරන්මන්ට්) නමැති ස්වේච්ඡා සංවිධානය විසිනි.

මාස කිහිපයක් පුරා මෙම සංවිධානය විසින් සිදුකරන ලද නිරීක්ෂණයන්ගේ තොරතුරු ඔවුන් තායිලන්තයේ බලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව තායිලන්ත බලධාරීන් තම නිරීක්ෂණයද ශ්‍රී ලංකාව තුළදී ප්‍රායෝගිකව සිදුකරන ලදී. ශ්‍රී ලංකාවේ තිබෙන තායිලන්ත තානාපති කාර්යාලය මෙම කාර්යය සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි.

පසුගිය වසරේදී මෙම හස්තියාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය සහ නිසි පහසුකම් නැති ජීවන වටපිටාව හේතුවෙන් සත්වයා දෙහිවල සත්ව උද්‍යානය වෙත, කන්දේ විහාරයේ සිට ගෙනඑන ලදී. තායිලන්තයේ ප්‍රකට සත්වවේදියකු වශයෙන් කටයුතු කරන තායිලන්ත රජයේ හිටපු මන්ත්‍රීවරියක වන කාංචනා සිල්පා ආචා නමැති කාන්තාවද මෙම සිදුවීමේදී මහත් මෙහෙවරක් ගෙන කටයුතු කර ඇති අතර, ඇය වත්මන් තායි පරිස ඇමැතිගේ වැඩිමහල් සොහොයුරියයි. ‘මුතු රාජා’ ශ්‍රී ලංකාවට ආයුබෝවන් කියනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අරගලය 2048 I Sri Lanka Latest News

Next Post

මාලිමාවයි සජබෙයි දෙකම ෆේල්! මෙන්න අලුත්ම එක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.