එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජාතික ලයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පත්කොට ඇති සියලුම දෙනා සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එළඹෙන මහමැතිවරණයේදී දැනට ජාතික ලයිස්තුවෙන් පත් කොට ඇති සියලුම මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබා දෙන ලෙසටත්, අවශ්‍ය නම් ඔවුන්ට තරග කර පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාව සලසා දෙන ලෙසටත් නායකත්වයෙන් ඉල්ලා ඇති එම පිරිස නැවත වතාවක් ඔවුන් ජාතික ලයිස්තුවෙන් පත් නොකරන ලෙසටද ඉල්ලා ඇත.
මෙවර ජාතික ලයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරු අතර මලික් සමරවික්‍රම, ඩී.එම්. ස්වාමිනාදන්, අතුරලියේ රතන, තිලක් මාරපන, ආශු මාරසිංහ, එම්.එච්.එම්. නවාවි, එම්.එච්.එච්. සල්මන්, ඒ. ආර්. ඒ. හෆීස්, අනෝමා ගමගේ සහ සිරිනාල්ද මෙල් සිටිති.










