පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් මේ වනවිට විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ADVERTISEMENT
එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී. සූගීෂ්වර මහතා සඳහන් කළේ පහත්බිම්වල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.
නිරිතදිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 208ක වර්ෂාපතනය කෑරගල ප්‍රදේශයෙන් වාර්තා විය.