• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දට ඉන්දියාවේදී ‘කාල් බහිරව’ ‌දෙවියන් දුන් බලය ‌මොකද්ද?

February 15, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්දට ඉන්දියාවේදී ‘කාල් බහිරව’ ‌දෙවියන් දුන් බලය ‌මොකද්ද?
Share on WhatsAppShare on Facebook

සිත සනසන මහා පූජනීය බිම්කඩ වන ‘වරනාසි’ය ගැන භාරත ඉතිහාසය කියාපාන කරුණු බොහෝය. මහා භාරතයේ ඇති ප්‍රධානතම පූජනීය නගර 7ක් අතරින් වරනාසියට හිමිවන්නේ උච්චතම ස්ථානයයි. වරනාසිය අතීතයේ බුදු දහම පවා ව්‍යාප්ත කරන්නට මංපෙත් හෙළි කළ බිම් කඩක් ලෙස භාරත ඉතිහාසය කරුණු කියාපායි. එහෙත් පසුකාලයකදී මෙම වරනාසිය හින්දු ආගමේ ආභාසයෙන් පිරී, ඉතිරී යන්නට විය. එය හින්දු පූජනීය ස්ථානයක් ලෙසට පත්වූයේ එලෙසය. ‘ගංගා’ නම් ගංගාව නොහොත් නදිය බොහෝ මනරම්ව ගලා බසින්නේ මෙම වරනාසි නගරය සිප ගනිමිනි. එම ගංගාව ආශ්‍රිතව ආගමික වතාවත්වල නිරතවන විවිධාකාර බැතිමතුන්ගේ දසුන් අප සිත්හි තැන්පත්ව ඇත. සුකුමල ගංගා නදියේ දිය දහර සිපගන්නා තවත් අපූර්වතම මහා හින්දු දේවස්ථානයක් වරනාසියේ පිහිටා ඇත. ඒ සිත සනහන බිම්කඩ කුමක්ද?
‘කාෂී විශ්වනාත් දෙවොල,’ මෙම අපූර්වතම හින්දු දෙවොලයි. පසුගියදා මෙම දෙවොල ගැන අපූර්ව කතාවක් අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම පූජනීය ස්ථානයට පැමිණීමේ වගතුගයි. ශ්‍රී ලංකා අගමැතිවරයා පසුගියදා ඉන්දියාවේ දින 4ක් සිදුකළ නිල සංචාරයේදී මෙම දෙවොලට පැමිණ බාරහාර ඔප්පු කරමින් සහ බාරහාර වෙමින් වන්දනාමාන කළේය. මෙයට පෙර ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය බොහෝ රාජ්‍ය නායකයන් එහිවූ සමහර ප්‍රකට කෝවිල් කරා ගියත්, මෙම කෝවිල වෙත පැමිණ තිබුණේ නැත. මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා මෙහි පැමිණියේ කිනම් දෙවියකුගේ ශාන්තිය ලබාගන්නද?

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ වරනාසි නගරයේ පිහිටි ‘කාෂි විශ්වනාත් දෙවොල’ ශිව දෙවියන් සඳහා ප්‍රධාන වශයෙන් වන්දනාමාන කරන පූජනීය ස්ථානයකි. ‘ශිව’ දෙවියන් යනු හින්දු දහමේ උච්චතම ස්ථානයේ සිටින දෙවියන් මෙන්ම, හින්දු භක්තිකයන් වැඩි ප්‍රතිශතයක් අදහන දෙවියන්ය. මෙම දෙවියන්ගෙන් ශක්තිය, ධෛර්යය, සත්‍යය මෙන්ම ශුද්ධභාවයද තමන් වෙත ළඟාකර ගතහැකි බැව් හින්දු භක්තිකයන්ගේ විශ්වාසයයි. ශිව දෙවියන් සමස්තයක් ලෙස හඳුන්වන්නේ ශක්තියේ දෙවියන් ලෙසය. ත්‍රිශූලය මෙම දෙවියන්ගේ දේව ආයුධය වෙයි. අත් සතරක් ඇති ශිව දෙවියන් වැඩ ඉන්නේ නෙලුම් මලක ඉරියව්වකින් එරමිණියා ගොතාගෙනය. ලෝකයේ බොහෝ ආසියාතික රටවල ‘මහා ශිව රාත්‍රී’ නමින් පූජනීය දිනයක් සහ උත්සවයක් සමරන්නේද මෙම දෙවියන් වෙනුවෙනි.
ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහා විශේෂ දේව පූජාවක් කාෂී විශ්වනාත් කෝවිලේදී ලැහැස්ති කර තිබිණි. ‘ෂොඩාශොප්චා පූජාන්’නමැති ශිව දේව පූජාව කෝවිලේ විශේෂ මණ්ඩපයේදී පවත්වන ලද්දේ කෝවිලේ ප්‍රධාන පූජක තැනගේ අනුග්‍රහයෙනි. මෙහිදී හින්දු පූජකයන් කිහිප දෙනකුම ‘වේද මන්ත්‍ර’ ඉතාමත් මනහර රිද්මයකින් ගායනා කරන ලද්දේ ‘ඕං නමං ශිවම්’ යන ප්‍රධාන පදවැලෙන් ආරම්භ කරමිනි. මෙහිදී ආගමික සංගීත භාණ්ඩද වාදනය කෙරුණු අතර, ඝණ්ටාර ශබ්දයන්ද නැඟිණි. ශිව දෙවියන් සඳහා වූ මෙම විශේෂිත ‘වේද මන්ත්‍ර’ ගායනය ඉතාමත් ප්‍රබල ප්‍රතිඵල ගෙන දෙන පූජාවක් වන අතර, එය විනාඩි 15ක පමණ කාලයක් පුරා පැවැත්විණි. කාෂී විශ්වනාත් දෙවොලේ සිදුකළ මෙම පූජාව මඟින් ශ්‍රී ලංකා අගමැතිවරයාට තමන්ගේ ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑමට ශක්තිය ලැබෙනු ඇතැයි දේවස්ථාන භාරකාර මණ්ඩලය ප්‍රකාශ කර සිටියේය.
බොහෝ ආගමික කටයුතුවලදී මහත් භක්තියකින් කටයුතු කරන මහින්ද රාජපක්‍ෂ මහතා විශ්වනාත් කෝවිලේ පූජාවෙන් පසුව එම ආසන්න භූමියක පිහිටා තිබුණු ‘තර්කේෂ්වර් මහාදේව්’ කෝවිල වෙතද ගියේය. මෙයද ශිව දෙවියන් සඳහා කැපවුණු අතිශය ඉපැරැණි දෙවොලකි. එහිදී කෙටි ශිව දෙවි පූජාවකට සහභාගි වූ රාජපක්‍ෂ මහතා එතැනින් තවත් සුවිශේෂී ඉපැරැණි හින්දු කෝවිලක් වෙතද ගියේය. මෙය බහිරව දෙවියන් සඳහාම වෙන් වුණු දෙවොලක් වන අතර, එය ‘කාල් බායිරෝ’ දේවස්ථානය ලෙසින් හඳුන්වයි. උත්තර ප්‍රදේශයේ වරනාසියෙන් පිටත්ව මධ්‍යම ප්‍රදේශයේ ඌජාන් නමැති නගරයේ මෙම දෙවොල පිහිටා ඇත්තේ ඉතාමත් දර්ශනීය ගංගාවක් වන ‘ෂිප්රා නදිය’ අසබඩය. ශ්‍රී ලංකා අගමැතිවරයාගේ සෙත් ශාන්තිය පතා මෙහිදී විශේෂ බහිරව පූජාවක් සිදුකරන ලද අතර, එමඟින් ප්‍රාර්ථනය කරන්නේ දේශයක් රැක ගැනීම සඳහා බලය සහ ශක්තිය ලබා දීම යන අරුතය. මෙම දෙවොලේ බලය පතුරවන්නේ ‘කාල්’ නමැති බහිරව දෙවියන්ය. සාම්ප්‍රදායික ආගම්වල සඳහන් වන බහිරවයන්ද දේවත්වයෙන් සැලකීමට කටයුතු කරන අවස්ථා ඇත. කෝවිලේ ප්‍රධාන පූජක නොහොත් පූසාරි තැන කියා සිටියේ මෙම පූජාව මඟින් ශ්‍රී ලංකා අගමැතිවරයාට රට, දැය ආරක්‍ෂා කිරීමට බහිරව දේව බලය හිමිවන බැව්ය. එනම් ‘කාල් බහිරවයාගේ’ බලය ඔහුට හිමිවෙයි.

කෙසේ හෝ මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකු සහභාගි නොවුණු ආකාරයේ හින්දු ආගමික කටයුතුවලට මෙවර මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වී ඇත. ඔහු මෙම හින්දු කෝවිල් තුනෙහි පැය 1 1/2ක පමණ කාලයක් ගතකර ඇත. කෙසේ හෝ ඉන්පසුව ඔහු තම බුදුදහම අමතක නොකරමින් එම යාබද ප්‍රාන්තයක වූ සර්නාත් නගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන වන්දනාමාන කිරීමටද පැමිණියේය. රාජපක්‍ෂ මහතා මෙම ගමන ගුවන් මඟින් නොගොස් මහාමාර්ගයෙන් යෑමට තීරණය කළ අතර, ඔහු පිළිගැනීමට මඟ දෙපස විශාල ජනතාවක් රැස්ව සිට ඇත. සාර්නාත්හි ඇති මූලගන්ධකුටි බෞද්ධ සිද්ධස්ථානයට පැමිණි අගමැතිවරයා එහි ඇති බෝධීන් වහන්සේට පූජා සත්කාර කළේය. බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය සිදුකෙරුණේ මෙම ස්ථානයේදී බැව් ඉතිහාසය කරුණු කියාපායි. මූලගන්ධ කුටි විහාරයට පසුව රාජපක්‍ෂ මහතා එහි ඇති ‘දම්සෙක් ස්ථූපය’ වෙතද ගිය අතර, සාර්නාත්හි පිහිටා ඇති පුරාවිiා කෞතුකාගාරයද නැරැඹීය.
මෙම සංචාරයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටා තිබෙන ප්‍රකට තිරුපති කෝවිලද වන්දනාමාන කර ඇත. ශ්‍රී ලංකා අගමැතිවරයාගේ හින්දු කෝවිල් වන්දනාමාන චාරිකාව සඳහා එම කෝවිල් පිහිටි ප්‍රාන්තවල මහ ඇමැතිවරුද සහභාගි වූහ. ඉන්දියාවේ හින්දු කෝවිල් යනු මහා ධන ආකරයන්ය. මේ වන විට ඉන්දියාවේ ධනවත්ම හින්දු කෝවිල් 10 ලැයිස්තු ගතකර ඇත. මෙම ‘Top 10’ ධනවත් කෝවිල් ලැයිස්තුවේ 09 වැනි ස්ථානයට සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා මුලින්ම වන්දනාමාන කළ ‘කාෂී විශ්වනාත්’ ශිව කෝවිලයි. එම ලැයිස්තුවේ ආරම්භය මෙසේය.
* පත්මනාභාෂ්වමී දෙවොල – කේරලය – වත්කම ඩොලර් බිලියන 20යි.
* තිරුමාලා තිරුපති දෙවොල – අන්ද්‍රා ප්‍රදේශ් – වත්කම ඩොලර් බිලියන 11යි.
* සායිබාබා දෙවොල – මුම්බායි – වත්කම වසරකට රුපියල් කෝටි 360යි.
මේ ආකාරයට එම දෙවොල් ලැයිස්තුගතව ඇත. ‘කාෂී විශ්වනාත්’ දෙවොලද රන් ආලේපිත කොත් ඇති හින්දු දේවස්ථානයකි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගම්පහ යකඩ ගැහැනිය ඔක්සිජන් ‌වෙනුවෙන් සටන් වැදුණේ ඒෂියන් චැම්පියන් ‌වෙන්නද?

Next Post

ඇතුළෙ ඉදන් රන්ජන් ‌ගෝඨාට යැවූ පණිවුඩය (රාජ්‍ය රහස්)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.