• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලරය වැටෙනවා, රුපියල ශක්තිමත් වෙනවා, කට්ටිය නටනවා, හැබැයි ඇත්තටම වෙන්න යනදේ අපි කියනවා I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 305 – 310 දක්වා අඩුවී තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ශීඝ්‍රයෙන් ඉහළ ගිය ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව එය විශාල අඩුවීමක් ලෙස සැලකිය හැකියි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සූර ආර්ථික කළමනාකරණය හේතුවෙන් එලෙස ඩොලරය අඩුවීම හරහා රුපියල නැවත ශක්තිමත් වීමක් සිදුවන බවට, ආණ්ඩුවට හිතවත් බොහෝ කණ්ඩායම් මේ දිනවල අදහස් දක්වනු දැකගත හැකිය.(Sri Lanka Latest News)

එහෙත් ඩොලරයේ වටිනාකම අඩුවීමට සැබෑම හේතුව කුමක්ද? ජනාධිපතිවරයාගේ හෝ මහබැංකුවේ පැසසිය යුතු ආර්ථික ප්‍රතිපත්ති මත මෙලෙස ඩොලරය අඩුවේද? මෙය කෘත්‍රිමව නිර්මාණය කරන ලද ආර්ථික විජ්ජාවක්ද? බහුතර සාමාන්‍ය ජනතාවට තේරුම්ගත නොහැකි මේ සංසිද්ධිය පිළිබඳ ආර්ථික විශ්ලේෂක මංජු නිශ්ශංක මහතා පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වටිනා විග්‍රයක් සිදුකළා. ඩොලරයේ වටිනාකම අඩුවීම පිටුපස ඇති තිත්ත ඇත්ත හෙළිකෙරෙන මෙම අදහස් දැක්වීම Ceylon Treasury යූටියුබ් නාලිකාවෙන් උපුටාගෙන, ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

පහුගිය දවස්වල ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 300ටත් වඩා අඩුවුණා. සමහර සමාජ මාධ්‍ය ජාලවල ඒ ගැන ලොකුවට කතා කරලා තිබුණා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය ගන්නා තීරණ නිසා රුපියල දිගින් දිගටම ශක්තිමත් වෙනවා කියලා. මේ වගේ බොළඳ විහිළු කතා ටිකක් මමත් සමාජ මාධ්‍යවල දැක්කා. මේක සම්පූර්ණ අසත්‍යයක්, මුළාවක්. මේ වෙලාවේ සිදුවෙන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමක් නෙවෙයි. අපි දන්නවා ඕනෑම දේක මිල කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත. අපේ රටේ ආර්ථිකයේ විශාල කොටසක් නියෝජනය කරනවා ආනයනකරුවන්.

ආනයනකරුවන් ඔවුන්ගේ ව්‍යාපාර හරහා විශාල ඉල්ලුමක් ඇමෙරිකානු ඩොලරයට ලැබිලා තිබුණා. නමුත් අපි දන්නවා පහුගිය අවුරුදු එකහමාර දෙක පුරාම අපේ රටේ ආනයනයන් දැවැන්ත ලෙස සීමා කරලා තියෙනවා. එතකොට ආනයනකරුවන්ට ඩොලර්වල අවශ්‍යතාවක් නෑ. මොකද ඩොලර් ගත්තා කියලා ඔවුන්ට වැඩක් නෑ, ඩොලර්වලින් ආනයන කටයුතු කරන්න බෑ. දෙවැනි කාරණය තමයි රජය විසින් ඩොලර් විදයම් කරලා මේ රටේ සපුරන්න අවශ්‍ය කරන මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සපුරන්නේ නෑ. ඉන්ධන ටික හරියට අපට ලබාදෙන්නෙ නෑ. අපේ රටේ අත්‍යාවශ්‍ය බෙහෙත් ටික රෝහල්වල නෑ.

අද වෙනකොට රෝහලකට ගියොත් එහෙම රෝහලේ ඉන්න දොස්තර මහත්මයාගෙන් ලැබෙන්නේ බෙහෙත් තුණ්ඩුව විතරයි. බෙහෙත් ටික එළියෙන් මිලට ගන්න වෙනවා. තෙල් ටික අපට තවම ලැබෙන්නේ කෝටා එකට. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ ජනතාව ඉතා ඉක්මනින් මේ වගේ දේවලට අනුගත වෙනවා. ඒක වැරැදියි. අපි තේරුම් ගන්න ඕනේ මේ හරහා අපේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩාවැටීමට පත්වෙන බව.

වේල් තුනක් කාපු මිනිස්සු අද වෙද්දි කන්නේ වේල් දෙකයි. එහෙම නැත්නම් වේල් එකයි කන්නේ. රෝහල්වලට අත්‍යාවශ්‍ය බෙහෙත් ටික ගෙන්වන්නේ නැහැ. දරුවන්ට ඉස්කෝලෙට අවශ්‍ය පොත්පත් සඳහා කඩදාසි ගෙන්වන්න මුදල් වියදම් කරන්නේ නැහැ. තෙල් ටික ගෙන්වන්න මුදල් වියදම් කරන්නේ නැහැ. රාජ්‍ය ආයතනවල සේවාවන් ලබාදෙන්න අවශ්‍ය බඩු ආනයනය කරන්න ඩොලර් යොදවන්නේ නැහැ.

මේ කරලා තියෙන්නේ රට කරගෙන යන්න අවශ්‍ය අමතර වියදම් අඩුකිරීමක් නෙවෙයි, රටේ මූලිකම අවශ්‍යතාවන් සපුරන්නේ නැතුව ඩොලර් ඉතිරි කිරීමක්. ඒ හරහා ඩොලරයට තියෙන ඉල්ලුම අඩුකරලා තියෙනවා. එතකොට පෞද්ගලික අංශයෙනුත් ඩොලරයට ඉල්ලුමක් නෑ. ඒ වගේම රාජ්‍ය අංශයෙන් ඩොලරයට තියෙන ඉල්ලුම සෑහෙන දුරට අඩුකරගෙන තියෙනවා. ඊට අමතරව අපි ලෝකෙට ගෙවන්න තියෙන ණයත් ගෙවන්නෙ නෑ. මේ හැම දේකින්ම සිදුවෙලා තියෙන්නේ ඩොලරයට තියෙන ඉල්ලුම නැතිවීම. ඩොලර් එකට ඉල්ලුමක් රට ඇතුළේ නැති වුණාම රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම අනිවාර්යයෙන්ම අඩුවෙනවා. ඒක බොහොම සරලයි.

ඒ වගේම තමයි සැපයුම. පහුගිය මාස කිහිපය ඇතුළත පිටරට ඉඳලා ලංකාවට එවන මුදල් ප්‍රමාණයේ යම් වැඩිවීමක් දකින්නට ලැබුණා. ඒක ඇතුළේ සැපයුම වැඩිවෙලා ඉල්ලුම අඩුවෙච්ච නිසා මෙහෙම ඩොලරයේ මිල අඩුවීමක් තියෙනවා. හැබැයි මේ හැම දේකින්ම රජය සහ මහබැංකුව කරලා තියෙන්නේ අපේ ආර්ථිකය විකෘති කිරීමක්. රජය සහ මහබැංකුව මේකට වගකියන්න ඕනෙ.

රජය සහ මහබැංකුව දිගින් දිගටම ගන්නා වැරැදි තීරණ නිසා අපේ රටේ ආර්ථිකය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා, ආර්ථිකයේ අතපය බැඳලා තියෙන්නේ. මේ විකෘති ආර්ථිකය ඇතුළේ ඩොලරයේ වටිනාකම අඩු වුණාට, යම් වෙලාවක ආර්ථිකය ප්‍රකෘති වෙන්න පටන් ගත්තාම (රටට අවශ්‍ය තෙල් ටික, බෙහෙත් ටික සාමාන්‍ය පරිදි ආනයනය කරන්න පටන්ගත්තාට පස්සේ) ඩොලරයේ වටිනාකම අනිවාර්යයෙන්ම රුපියල් 400ට 450ට දක්වා වුණත් වැඩිවෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත තත්ත්වය. එතකොට මේ වෙද්දී ඩොලරය රුපියල් තුන්සිය ගානට අඩුවෙලා තියෙන්නේ ආර්ථිකය විකෘති නිසා. හැබැයි ආර්ථිකය ප්‍රකෘති වෙන්න ගත්ත හැටියේ යළි ඩොලරයේ වටිනාකම වැඩිවෙනවා.

ඒ වගේම ඩොලරයේ වටිනාකම අඩුවීමත් එක්ක තවත් අර්බුදයක් තියෙනවා. විශේෂයෙන්ම ඩොලර්වලින් ආදායම් උපයන අපේ රටේ ව්‍යාපාර ආයතන තියෙනවා. ඩොලර් එකේ තියෙන වටිනාකම අඩුවීමත් සමග ඒ ආයතනවලට ලැබෙන රුපියල් ආදායම අඩුවෙනවා. උදාහරණයක් විදියට මීට මාසෙකට කලින් ඩොලර් 1000ක ආදායම ලැබුණා නම් ඔවුන්ට, අද වෙනකොට ඒ ඩොලර් 1000 වටිනාකම අඩුයි. හැබැයි ඔවුන්ගේ වියදම් ඊට සාපේක්ෂව අඩුවෙලා නෑ.

වියදම් ඒ විදියටම වැඩියි. ඒ නිසා ඔවුන්ගේ ලාභාංශ දරුණු විදියට අඩුවෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපට පැමිණිලි ගණනාවක් ලැබුණා. ඒකෙන් සිදුවෙන්නේ අමාරුවෙන් ඩොලර් ටිකක් උපයන අපේ රටේ ආයතනවල ලාභාංශ අඩුවීම හරහා ඔවුන් ඉතා දැඩි පීඩනයකට පත්වීමයි.

SendShareShare
Previous Post

60,70,80 දශකවල හැමෝම LOVE කරපු කරුණාසේනගේ ගොළු හදවතේ ඇත්ත දම්මි හොයාගත්තා හැබැයි ඇය දැන් ජීවතුන් අතර නෑ I Sri Lanka Latest News

Next Post

දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.