• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමයින්ට වැදුණෙ කාගෙ සාපෙද? I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාරෙ මරාගන්නවා…
කුඩු ගෙනල්ලා අහුවෙනවා…

ඉස්කෝලෙ යන ළමයි. වයස අවුරුදු 15ට 16ට 17ට 18ට අඩු දරුවෝ. ඒ තමයි අපේ රටේ අනාගතය. හෙට මේ රටට වෙන්නේ මොකක්ද කියන එක තීරණය කරන්නේ ඒගොල්ලෝ. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා ළමයි ලක්ෂ 03කට වඩා වැඩි පිරිසක්. සමහර විෂයන් සඳහා ලක්ෂ 03 ඉක්මවූ ශිෂ්‍ය සංඛ්‍යාවක් පෙනී සිටින්න සූදානමින් ඉන්නවා. මේ අය අතරින් උසස් පෙළට පෙනී සිටින ප්‍රමාණය ඊට වඩා අඩුයි.(Sri Lanka Latest News)

ඒක සාමාන්‍යයෙන් ලක්ෂ දෙකහමාරකට ආසන්න සංඛ්‍යාවක් බවට පත්වේවි. දරුවන් සඳහා විවිධ වැඩපිළිවෙළවල් හදන්න ආණ්ඩු උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුවේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය පවා ඒ වගේ එකක්. ඒ කියන්නේ දරුවෝ සමාජයට විෂ සහිත පුද්ගලයන් නොවී, සමාජයට වැදගත්, සමාජය ආරක්ෂා කරන ගුණයහපත් අය කරන්න, රටට වැඩදායී කරන්න තමයි මේ සියලු ව්‍යාපෘති දියත් කරන්නේ.

එහෙම කරන්නේ ඒ අය අපේ රටේ අනාගතය නිසා. ඇත්තටම මේ රටේ අනාගතය විනාශ කළේ මේ වගේ ලොකුමහත් වෙච්චි දරුදැරි පරම්පරාවක් බව අපි මතක තියාගන්න ඕනේ. ඒකට හේතුව හරි මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නෙ නැතුව, හරි මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවන්නේ නැතුව, හොරු, තක්කඩි පාර්ලිමේන්තු යැව්වේ අපේ රටේ මිනිස්සු. ලක්ෂ ගණන් සාමාන්‍ය පෙළට, උසස් පෙළට පෙනී සිටින අය.

ඒ නිසා තමයි මේ පරම්පරාවටවත් අඩුම තරමේ හරි දේ කියලා දෙන්න ඕනෙ කියලා අපි විශ්වාස කරන්නේ. මේ ලක්ෂ 03කට වැඩි ප්‍රමාණයක දරුවෝ හෙට දවසේ හරි දේ තේරුම් අරගෙන, හරි මිනිස්සු නරක මිනිස්සු අතරින් තෝරාගෙන ඡන්දෙ දුන්නොත් හෙටවත් මේ ප්‍රශ්නෙ නිරාකරණය වෙයි. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලත් මේවා දකිද්දී හිතෙනවා.

පහුගිය දවසක විශේෂ මෙහෙයුමක් දියත් කරනවා පේදුරුතුඩුව පොලිස් වසමේ. මේ විශේෂ මෙහෙයුම දියත් කරන්නේ විශේෂ කාර්ය බළකාය විසින්. මේ මෙහෙයුමේදී ගාන්ධිඌර්, පුලෝලි, හම්බසිතිත් ප්‍රදේශයේදී එක්තරා දැරියක්ව විශේෂ පරීක්ෂාවකට ලක්කරනවා ලද තොරතුරක් මත. ඇය වයස අවුරුදු 16ක පාසල් ශිෂ්‍යාවක්. එතැනදී මේගොල්ලෝ හොයාගන්නවා ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 05යි, මිලිග්‍රෑම් 500ක් තිබෙන බව. දැන් ඈව පේදුරුතුඩුව පොලිසියට භාරදීලා අවසානයි.

මේ විශේෂ මෙහෙයුමේදී ඈව අත්අඩංගුවට ගැනීම සහ ඇගේ අතේ තිබුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගත්තම ඈ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින්න තරම් වැරැදිකාරියක් බවට පත්වෙලා තියෙන්නේ. ඇත්තටම මේ විදියේ වැරැදි කරන්න අපේ රටේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හේතු වෙනවා නම් ඒක ඉතා බරපතළ කාරණයක්. ඒ වගේම මේ ලිපිය ලියන අතරතුරේ අපට දැනගන්න ලැබෙනවා බණ්ඩාරවෙල සිද්ධියකුත්.

බණ්ඩාරවෙල ළමා පාතාලයක් ගැන. ඔවුන් සිසුන්ට පහර දෙනවා, මඟ දිගේ ඇදගෙන යනවා. විශාල ගැටුමක් ඇතිවෙනවා කිහිප දෙනෙක් අතර. අපි දැක්කා මේ ගැටුම මාධ්‍ය විසින් වාර්තා කරලා තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න සූදානමින් හිටපු ළමයි තමයි මේ විදියට ගහමරා ගන්නේ. දැන් ඒ අය අත්අඩංගුවට පත්වෙලා, සමහරු රෝහල්ගත වෙලා. මේක හරි භයානක තත්ත්වයක්. මේකෙම තව එක කොනක් තමයි කළුතර ටිහාරාගේ සිද්ධිය.

ඇය මියගිහින්. ඈව මේ සිද්ධියට සම්බන්ධ කර ගත්තා යැයි සැකපිට තවත් ශිෂ්‍යාවක් අත්අඩංගුවට අරගෙන. මේ ශිෂ්‍යාවන් දෙදෙනාම සාමාන්‍ය පෙළ උසස් පෙළ වයස්වල දරුවන්. මේ දරුවන් අතර සමහර අය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙන බව අපට පේනවා. මොකද ඔවුන් එක තැනක ඉඳලා මත්ද්‍රව්‍ය සාදයක් පවත්වනවා වයස අවුරුදු 28, 29 තරුණයන් එක්ක. ලැගුම්හල්වලට ගිහින් මත්ද්‍රව්‍ය බීලා නිරුවතින් නටන තැනට පත්වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය පාසල් ඇතුළට ඇවිල්ලා තියෙනවා කියන එක ඉතා පැහැදිලිව දැන් අපට ඔප්පු වෙමින් යන්නේ.

ඔය අස්සෙ තවත් සිදුවීමක් වාර්තා වෙනවා. ඒ, පාසලක විනය භාර ගුරුවරයාගෙ ගෙදරට ගිහිල්ලා සිසුන් ටිකක් පහර දෙනවා. මේකෙදී වෙන්නෙ සාමාන්‍ය පෙළ ඇඩ්මිෂන් ගන්න ආපු පාසල් දරුවන්ට මේ ගුරුවරයා යම් කරුණු කීපයක් පැවසීම. ඔවුන් ඒ වෙලාවෙ කොණ්ඩා රවුල් වවාගෙන හිටපු නිසා මේ ආචාර්යවරයා ඔවුන්ට යම් දෙයක් කියනවා. ළමයි කොණ්ඩා රවුල් කපාගෙන ඇවිත් ඇඩ්මිෂන් ගන්නවා. ඉන් පස්සෙ මේ ගුරුවයගෙ ගේ ඉස්සරහට යනවා.

පෙළපොත් ඉරලා දානවා. ගෙදරට ගල් ගහනවා. නිවෙසට යමින් හිටපු තමන්ගෙ ඉස්කෝලෙ ගුරුවරයව අල්ලගෙන, ඔහුගෙ කටට ගලකින් ගහලා තොල් පැලිලා ලේ ගලනවා. මේ වෙන කොට ඒ පහරදීමට සම්බන්ධ සිසුන් කීප දෙනෙක්ව අත්අඩංගුවට අරගෙන. ඕලෙවල් ලිවිල්ල පැත්තක තියලා කූඩුවෙ ලගින්න වෙලා. අනේ කාලේ වනේ වාසේ කියලයි කියන්ට වෙන්නෙ.

එතකොට මේක කොහොමද සිද්ධ වෙන්නේ? මේවාට කවුද වගකියන්නේ? මේවා සම්බන්ධයෙන් පියවර ගන්නේ කවුද කියන එක ගැන රටක් විදියට අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. පාසල් අධ්‍යාපනය ඇතුළේ, විෂය නිර්දේශිත අධ්‍යාපනය ඇතුළේ උගන්වන දේවල් ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් තවදුරටත් විෂය නිර්දේශිත අධ්‍යාපනය මීට වඩා වෙනස් කරලා දරුවන්ට යහපත්කම්, රටතොට ගැන, ලෝකෙ ගැන, මත්ද්‍රව්‍ය ගැන, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෝ ගැන, ඒවාට ලබාදෙන දඬුවම් ගැන, ස්ත්‍රී දූෂණ කියන්නේ මොකක්ද කියන එක ගැන කියා දෙන්න කාලය උදාවෙලා.

සයිබර් ක්‍රියිම්, ෆේස්බුක් අපරාධ මේවා දැන් තවදුරටත් රහස් නෙවෙයි. ඒ නිසා මීට වඩා සැලකිලිමත් විය යුතුයි දරුවන් ගැන, ආණ්ඩුව නෙවෙයි ඔබ. ඔබේ දරුවන් ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබේ දරුවන් ඉන්නේ මොන මානසිකත්වයකද? ඔබේ දරුවන් වැඩ කරන්නේ මොන විදියටද කියන එක ගැන හොයලා බලන්න. සමහර වෙලාවට ඔබ හිතනවා වෙන්න පුළුවන් අපට ඉන්නේ දුවෙක්, ඒ නිසා එයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්නේ නෑ.

හැබැයි අද වෙද්දී තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් තියෙනවා. දරුවෝ මත්වෙලා. දරුවෝ කුඩු ගහලා, දරුවෝ ගංජා ගහලා. කුඩු ගංජා අරක්කු නොවන මත් පෙති, ස්ටෑම්ප්, අයිස්, නමක් ගමක් නොදන්නා ක්ෂණිකව පානය කරන්න පුළුවන් මත්ද්‍රව්‍ය ඕනෙ තරම් දැන් දරුවෝ අතරම තියෙනවා. ඒ නිසා ඉඳහිට දරුවෙක් අත්අඩංගුවට ගැනීම කියන එකෙන් ඔබ්බට ගිහින් දරුවන් ගැන ඉතා සැලකිල්ලෙන් සිටිය යුතුයි.

හැම මවුපියෙක්ම තමන්ගේ දරුවා ගැන වෙන වෙනම අවධානයෙන් ඉන්නවා නම් මේක කරන්න බැරි දෙයක් වෙන්නේ නෑ. මොකද රටක් විදියට ගත්තම සාමාන්‍ය පෙළට ලක්ෂ තුනහමාරකට ආසන්න සිසුන් පිරිසක් පෙනී සිටියට, ගෙදරක ඉන්නේ බොහෝ වෙලාවට එක දරුවයි, දෙන්නයි.

පාසලක පන්ති කාමරයක බොහෝ වෙලාවට ඉන්නේ දරුවෝ 40යි 45යි. මේ පන්ති කාමරයේ ගුරුවරයා දරුවෝ ගැන විශේෂ අවධානයෙන් ඉන්නවා නම් පුද්ගලික පන්තියක් ගත්තත්, ළමයි 1000ක් 2000ක් ඉන්න පන්ති තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. සමහර පන්තිවල අපි දකිනවා දරුවෝ දැනුවත් කරනවා, දරුවන්ට මේ දේවල් කියලා දෙනවා, දරුවෝ ගැන හොයා බලනවා. අපි දැක්කා පහුගිය දවසක කඩවත ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයකට ගිය වෙලාවක ඒ දරුවන්ව වෙන වෙනම පරීක්ෂා කරන හැටි.

ඒ දරුවන්ගේ බෑග් එකේ තියෙන්නේ මොනවද කියන එක දරුවන්ගෙන් අහනවා. දරුවන් සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔවුන්ගේ මවුපියන්ට ඇවිත් ගුරුවරු මුණගැහෙන්න කියනවා. මිනුවන්ගොඩ සමහර ආයතන තියෙනවා දරුවා දවස් දෙක තුනක් පන්ති ආවේ නැත්නම් ඒ දරුවාගේ මවුපියෝ ගිහින් පන්තියේ ගුරුවරයාව මුණගැහෙන්න ඕනේ. ඒක නිසා පුද්ගලික පන්ති ඇතුළෙත් ඉතා විනයගරුකව දරුවන්ව ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ග ගන්න අවස්ථා අපි දැකලා තියෙනවා.

මේ තත්ත්වය ඇත්තටම රටක් විදියට පවත්වාගෙන යන්න පුළුවන් නම් හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නෙ මීට වඩා සරලව විසඳගන්න පුළුවන්.

ඇත්තටම ටියුෂන් වූ පමණින්, ඒ අයටත් වගකීමෙන් නිදහස් වෙන්න බෑ. හැමෝටම අවශ්‍යයි වගකීම්වලින් ආරක්ෂිත ඉතා සුන්දර රටක් නිර්මාණය කරන්න. ඒ වෙනුවෙන් තමයි හැමෝම ඇපකැප විය යුත්තේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

VIP පර්යන්තයෙන් වැඩම කළ ලෝ ප්‍රකට අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට වඩා කටුනායක නිලධාරීන්ට ඇමැති නිමල් සිරිපාලව ලොකුවෙයි! අජාන් හිමියන්ට ගුවන් යානය මගහැරී පැය 12ක් ගුවන්තොටේ රස්තියාදු වෙලා! I Sri Lanka Latest News

Next Post

රනිල් අදත් ජාතිය අමතන කතාව සජීවීව අහන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.