මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩු දී ඇති ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මියගේ සිද්ධිය මුල් කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතාගෙන් කරුණු විමසා රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී අනවශ්‍ය ගැටුම් ඇති කර නොගෙන සහයෝගයෙන් වැඩ කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඉකුත් දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කර තිබූ අතර ආණ්ඩුව අදාළ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවද සදහන් කර සිටියේය.










