මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෝ ඔහුගේ පවුලේ අයට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
කෙසේවෙතත් යුදහමුදාපතිවරයා සදහන් කර ඇත්තේ තමන් කිසිදු විටෙක අමරිකානු රජයෙන් වීසා ඉල්ලුම් කර නොමැති බවත්, එසේ කිරීමට සූදානමක්වත් හෝ නොමැති බවත්ය.










