සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කෙරෙන නව සන්ධානයේ සලකුණ වූ ‘හදවත’ ලකුණ මැතිවරණ කොමිසමේ තවමත් ලියාපදිංචි වී නොමැති වීම මත මේ වනවිට එම ලකුණ යොදාගත නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව වාර්තා වේ.
මේ බව අනාවරණය වී ඇත්තේ එජාප සාමාජිකයන් අද සවස මැතිවරණ කොමිසමෙන් ඒ පිළිබදව විමසීමේදී බව දැනගන්නට තිබේ.
එහිදී කොමිසම පෙන්වා දී ඇත්තේ තවමත් හදවත ලකුණ ලියාපදිංචි වී හෝ ගැසට් වී හෝ නොමැති නිසා අවශ්‍ය අයකුට එම ලකුණ භාවිත කළ හැකි බවකි.
එමෙන්ම තවමත් එම සන්ධානයේ සලකුණ ‘දුරකතනය’ බවද කොමිසම එහිදී පෙන්වා දී ඇති බව වාර්තා වේ.










