• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති දානපතියකු සුපිරි හෝටලයක හිමිවරුන් 185 නමකට දුන් දානමය පිංකමකදී මහා ආන්දෝලනයක්! ආහාරපාන එක්ක මත්පැනුත් පිළිගන්වලා? VIDEO I Sri Lanka Latest News

May 26, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
කෝටිපති දානපතියකු සුපිරි හෝටලයක හිමිවරුන් 185 නමකට දුන් දානමය පිංකමකදී මහා ආන්දෝලනයක්! ආහාරපාන එක්ක මත්පැනුත් පිළිගන්වලා? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් තේමාවන් යටතේ නොමග යන සුළු සටහන්, වීඩියෝ සහ ඡායාරූප බහුලව සංසරණය වනවා. එලෙසින් හාමුදුරුවන්ට දානය සඳහා පිළිගැන්වූ පානයක් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශිලකයින් නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“සමිමා ෂැමිපෙන්” යන තේමාව යටතේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා පිරිසකට හෝටලයකදී මත්පැන් පිළිගන්වන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුනේ පහත අයුරින්.

https://www.awesomescreenshot.com/video/15831791?key=5ce9d2bfc00968b1007b555684d798f1

“සම්මා ” යනුවෙන් සඳහන් කරමින් ද ඒ අදහසින්ම මෙම වීඩියෝව හුවමාරු වූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින් Archived Link

ඉහත වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ ද, හුවමාරු වී තිබූ අතර එම වීඩියෝව එම ෆේස්බුක් පිටුවෙන් ඉවත් කර ඇති බැවින් එහි දක්වා ඇති සබැඳිය මේ වන විට ක්‍රියාත්මක නොවේ.

බොහෝ දෙනෙකු මෙහි දැක්වෙන්නේ ස්වාමින්වහන්සේලාට මත්පැන් පිළිගන්වන අවස්ථාවක් ද යන්න පිළිබඳ අපෙන් විමසීමක් කර තිබූ බැවින් මෙහි සත්‍යතාව පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම වීඩියෝව බැලූ බැල්මට දැක ගන්නට ලැබෙන්නේ හෝටල් කාර්ය මණ්ඩලය විසින් මත්පැන් වර්ගයක් (වයින්/ෂැමිපෙන්) වැනි පානයක් ස්වාමීන්වහන්සේලා හිඳ සිටින මේසයකට පිළිගන්වන අයුරුයි.

නමුත් මෙම වීඩියෝව හොඳින් නිරීක්ෂණය කිරීමේදී එහි සේවකයෙකු විසින් මෙම පානය සහිත බෝතලයේ මූඩිය ඉවත් කිරීමේ රූපරාමුවේදී එම පානය සහිත බෝතලය කුමක්ද යන්න දැක ගැනීමට හැකි වන අතර එහි Fruit Cocktail ලෙස සඳහන් වන ආකාරයක් දැක ගන්නට ලැබෙන්නේ මෙලෙසින්.

ඒ අනුව අප එම පානය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී එය මත්පැන් නොවන පළතුරු වලින් සාදා ඇති පානයක් බවට දැක ගන්නට ලැබුණා.

luxecolombo

එම වීඩියෝවේ දැක්වෙන හෝටල් සේවකයා ඇඳ සිටින නිල ඇඳුමේ අදාළ හෝටලයේ නම Hotel Queensbury ලෙස සඳහන් වී තිබුණි. ඒ ඔස්සේ කළ නිරීක්ෂණයේදී එය කඩුවෙල පිහිටි Hotel Queensbury හෝටලය බවට හඳුනාගත් අතර මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා එම හෝටලයේ කළමණාකරුගෙන් අප විමසීමක් කළා.

Hotel Queensbury කළමනාකාරිත්වය

තරිඳු දේශිත නම් ඔහු සඳහන් කළේ, මෙය නිතරම දානමය පින්කම්වලට සම්බන්ධ වන පුද්ගලයෙකු විසින් තම හෝටලයේදී හාමුදුරුවන්ට දානය පිරිනමන අවස්ථාවක් බවත්, එම වීඩියෝවේ දැක්වෙන්නේ මධ්‍යසාර නොව පළතුරු වලින් සාදන ලද කොක්ටේල් එකක් බවත්, මේ එම පුද්ගලයා විසින් 5වන වතාවටත් පවත්වන දානමය අවස්ථාවක් බවයි.

මීට පෙර ද සෑම අවස්ථාවකදී ම මෙම පානය පිළිගැන්වූ බවත්, නොයෙකුත් පන්සල් වලින් රැස්කර ගන්නා ස්වාමීන්වහන්සේලා ට මෙලෙසින් දානය පිළිගන්වන අතර මෙවර හාමුදුරුවරු 185 දෙනෙකු සහභාගී වූ බව ද, ඔහු වැඩිදුරට ත් සඳහන් කළා.

එමෙන් ම එම පානය ඉහත ඡායාරූපයේ අප සඳහන් කළ පානය බව ද, ඔහු තහවුරු කළා.

එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හෝටලයේ කළමනාකාරිත්වය තවදුරටත් පවසන්නේ පසුගිය මාර්තු 19 පැවති මෙම දානමය පින්කමේ දර්ශන පෙළක් සමාජගත කර තිබු පුද්ගලයා, තාවකලික පදනම යටතේ වේටර්වරයෙකු වශයෙන් සේවයේ නිරතව සිටියදි සොරකම් කිරීමක් හේතුවෙන් සේවයෙන් පහකළ පුද්ගලයෙකු බවත්, ඒ හේතුවෙන් ඉහත ආකාරයෙන් නොමඟ යවන සුළු කෝණයෙන් ෆේස්බුක් වෙත වීඩියෝ දර්ශන පෙළක් පලකර තිබු බවත්ය. මෙම වීඩියෝව මුල්වරට පළකර තිබු පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ද ගැනීමට බලාපොරොත්තු වන බවත් දන්වමින් පළකර තිබු සම්පුර්ණ නිවේදනය පහතින්. Archived

May be an image of text

සැ.යු : මෙලෙසින් දානය පිළිගන්වන අයුරු හෝ දානය සඳහා මෙවැනි පානයන් ස්වාමීන්වහන්සේ ලා සඳහා පිළිගැන්වීම සුදුසු ද, නැද්ද යන්න පිළිබඳ අප මින් කිසිදු අදහසක් දක්වා නොමැති අතර ඉහත පානය මත්පැන් නොවන බවට පමණක් අප මෙහිදී කරුණු විමර්ශනය කර ඇත.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බෞද්ධ ස්වාමීන්වහන්සේ ලා පිරිසකට හෝටලයකින් මත්පැන් පිළිගන්වන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ, මත්පැන් නොව, මත්පැන් අඩංගු නොවන බව සඳහන් කර ඇති, පළතුරු කොක්ටේල් වර්ගයකි. ඒ බවට එම වීඩියෝව නිරීක්ෂණයෙන් ද, තහවුරු වන අතර එම දානය පිළිගන්වා තිබූ හෝටලයේ කළමණාකරු විසින් ද, තහවුරු කරන ලැබුවා.

factcrescendo

SendShareShare
Previous Post

මඟුල් ගෙදරක යමින් සිටි යතුරුපැදිකරුවකුට අම්බලන්ගොඩ දී වෙඩි ! VIDEO I Sri Lanka Latest News

Next Post

චූන් පාන් ලොරියේ දොරේ වැදී බයිසිකල් පදිමින් සිටි දරුවෙක් මරුට ! I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.