රත්තරන් සහ ජංගම දුරකතන හොරෙන් ගෙනැවිත් ඊයේ දින කටුනායකදී රේගු භාරයට පත්ව දඩ ගෙවා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාද අද දින පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය භාවිත කර තිබීම විශේෂ සිදුවීමක් විය.
ඒ මහතා ජනක රත්නායක මහතාට පක්ෂව ඡන්දය ලබා දීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් අද දහවල් ඒ මහතාට ආණ්ඩුව පැත්තෙන් ලැබී තිබුණු පණිවුඩයකින් කියවුණේ ඡන්ද විමසීමට නොපැමිණෙන ලෙසය.










