අද පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය සමග එක්ව ඡන්දය ලබා දීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කටයුතු කොට තිබිණ.
කෙසේවෙතත් රාජිත සේනාරත්න මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත.
පක්ෂය විසින් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බවට තීරණය කොට තිබියදී වඩිවේල් සුරේෂ් මහතා ඊට එරෙහිව යාම සම්බන්ධයෙන් පක්ෂය ගන්නා තීන්දුව කුමක්ද යන්න පිළිබදව මේ වනවිට පක්ෂය ඇතුළේ සංවාදයක් ආරම්භ වී ඇති බවක්ද දැනගන්නට ඇත.










