මහමැතිවරණයේදී තරග කරන සන්ධාන සලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ඊයේ (12) දින පත්කරනු ලැබූ 10 දෙනාගේ කමිටුව අප වෙත මේ වනවිට ලැබී ඇත.
ඒ අනුව සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ අඛිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක යන අයගෙන් එම කමිටුව සමන්විත වේ.
හෙට (14) දින සිට මෙම කමිටුව අදාළ සාකච්ජාවන් ආරම්භ කිරීමට තීන්දු කර ඇත.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඊයේ පැවැති සාකච්ජාවේදී තීන්දු වී තිබුණේ නව සන්ධානය ඉදිරි මහමැතිවරණයේදී ‘හදවත’ ලකුණින් තරග වදිනවාද, ‘හංසයා’ ලකුණින් තරග වදිනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කොට තීන්දුවක් ගත යුතු බවකි.










