පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරිනියක නොබියව පෙන්වා දුන් කරුණු ඇතුළත් වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ විශාල ලෙස ජනප්‍රියව ඇත.
එහිදී ඇය ෙපෙන්වා දෙන්නේ කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරමින් මේ වනවිට නිවාස ව්‍යාපෘති සකස් කරමින් යන බවත්, මේ හේතුවෙන් ඉදිරීයේදී හුස්ම ගැනීමට ඔක්සිජන් පවා අහිමි වී යා හැකි තත්ත්වයක් උදාවිය හැකි බවත්ය.
කෙසේවෙතත් මෙහිදී රැස්වීමට පැමිණ සිටි ඇතැමුන් ඇයට එරෙහිව විරෝධය පළ කළද සිය ස්ථාවරය වෙනස් නොකරමින් නොබියව අදහස් දැක්වූ ඇය තමන් නීතියට අනුව කටයුතු කරන බව දැඩිව කියා සිටියාය.










