සේනක ද සිල්වා මහතාට අයත්ව තිබූ ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂය නිල වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බාර දීමට ඒ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ (11) දිනයේදී විපක්ෂ නායක කාර්යාලයේදී සිල්වා මහතා සහ එම මැතිනිය සිය පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහ රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට නිල වශයෙන් බාරදීමට පියවර ගත්හ.
මින් ඉදිරියට එම පක්ෂය ‘සමගි ජන බලවේගය’ ලෙස හදුන්වන අතර එය මැතිවරණ කොමිසම මගින්ද පිළිගනු ලැබ ඇත.
සමගි ජන බලවේගයේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාත්, මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් කටයුතු කිරීමට නියමිතය.










