මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන දෙමළ ජාතික කාන්තා සෙබලියන් 129ක පිරිසක් ඔවුන්ගේ කඳවුර ආසන්නයේ මහපාරේ විරෝධතාවක් ආරම්භ කොට තිබේ.(Breaking News)
ඔවුන්ගේ මෙම විරෝධතාවය දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක වන අතර ඔවුන් කියා සිටින්නේ මෙතෙක් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ මේ පිරිසට වවුනියාවට යන ලෙස දැනුම් දී ඇති බවයි.
එවැනි සෙබළියන් 104 දෙනෙකු 2012 වසරේ සිට එම කඳවුරේ සේවය කරන බවත් ඔවුන්ට වවුනියාවට ගොස් සේවය කිරීමේදී ප්‍රශ්න හා ගැටලු විශාල සංඛ්‍යාවකට මුහුණ දීමට සිදු වන නිසා මෙම ස්ථාන මාරුවීම අවලංගු කොට තමන්ට පහසු සේවා ස්ථානය වූ කොකාවිල් කඳවුරේම සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතාවය ආරම්භ කොට ඇත.
මේ සම්බන්ධයෙන් තවමත් ඉහල නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නැති නිසා ඔවුන්ගේ විරෝධතාවය දිගටම කරගෙන යන බව මේ සම්බන්ධයෙන් අදහස් දක් වූ අම්බුජානී නැමති සෙබළිය කියා සිටියාය.
මෙසේ කාන්තා සෙබළියන් පිරිසක් ප්‍රසිද්ධියේ විරෝධතාවක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
LANKASARA ඇසුරිනි.










