• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් පොහොට්ටුවෙයි යූඑන්පියෙයි ජවිපෙයි පොදු සතුරා බවට පත්වුණේ කොහොමද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

May 13, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
සජිත් පොහොට්ටුවෙයි යූඑන්පියෙයි ජවිපෙයි පොදු සතුරා බවට පත්වුණේ කොහොමද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
Share on WhatsAppShare on Facebook

තමුන්නාස්සේලා රට කෑවයි කිය කියා අද හැම තැනම පෝස්ටර් ගහන ජනාධිපතිතුමා යටතෙයි එතකොට තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන්න යන්නේ…’

ජනාධිපතිවරණ කැම්පේන් එක මැද පාර්ලිමේන්තුවේ 1988 නොවැම්බර් මස හදිසි නීති විවාදයට සහභාගි වෙන්න දුවගෙන ආ එවක අගමැති රණසිංහ ප්‍රේමදාස මේ කතාව කිව්වේ පාර්ලිමේන්තුවේ වහල ගැලවිලා යන තරම් හයියෙන් කෑගසලාය . මේ වෙනකොට එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ශ්‍රීලනිප නායිකා සහ ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂිකාව බණ්ඩාරනායක මැතිනිය හමුවී තිබුණු අතර පාර්ලිමේන්තුව විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්න සාකච්ඡා කොට තිබිණි. මේ සාකච්ඡාවට විපක්ෂයේ පක්ෂ 7ක් සහාය පළකළ අතර, ජවිපෙද මුලින් එකඟතාව පළකොට තිබිණි. ජේ.ආර්. සහ මැතිනිය අතර සාකච්ඡාවල අතරමැදියා වුණේ අනුර බණ්ඩාරනායකය. තාවකාලික ආණ්ඩුවේ අගමැති ධුරය විපක්ෂයට දීමේ එකඟතාවක්ද තිබිණි. තාවකාලික ආණ්ඩුව පිහිටුවා ප්‍රේමදාස අගමැති තනතුරෙන් ඉවත් කොට ජනාධිපතිවරණ කැම්පේන් එක මැදදී ප්‍රේමදාස නන්නත්තාර කිරීම ජේ.ආර්. සහ මැතිනියගේත් ප්‍රභූ දේශපාලනය නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ වූ පිලිප්ගේ පුතා දිනේෂ් ගුණවර්ධනගේත්, සේනානායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා රුක්මන්ගේත්, බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුර බණ්ඩාරනායකගේත් දේශපාලන න්‍යායපත්‍රය විය. යූ.ඇන්.පී.ය තුළත් ප්‍රේමදාසට ‘සර්’ කියන්න දිව නොනැමෙන ප්‍රභූ දේශපාලනඥයන් තාවකාලික ආණ්ඩුවට කැමැති විය. ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේම සඳහන් වන පරිදි ප්‍රේමදාසට තඹ සතයක් නොදී බණ්ඩාරනායක මැතිනියගේ ජනාධිපතිවරණ කැම්පේන් එකට කෝටි ගණන් සල්ලි වීසි කළ ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක්ද තාවකාලික ආණ්ඩුවට කැමැති විය. ජවිපෙත් මුලින් තාවකාලික ආණ්ඩු යෝජනාවට කැමැති වුවත් එයින් බණ්ඩාරනායක මැතිනියත් ශ්‍රීලනිපයත් ජයගන්නා බව දැන පසුව උපක්‍රමිකව පසුබැස්සේය.

හැබැයි මේ හැමෝටම වුවමනා වූයේ ප්‍රේමදාස ඉවර කරන්නටය. ප්‍රේමදාස ජනාධිපති පුටුවේ වාඩි වෙනවා දකින්න මේ කවුරුත් කැමැති නොවීය. හැමෝගෙම පොදු සතුරා ප්‍රේමදාස විය. ප්‍රේමදාස ඝාතනය වූ දින රාත්‍රියේ රොස්මිඩ් පෙදෙසේ නිවෙසක මහ රෑ විස්කි වයින්වලින් පිරී ඉතිරී ගිය සාදයක් තිබුණා යැයි එවක රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ පාර්ලිමේන්තුවේදී කීවේ නිකමට නොවේ. ප්‍රේමදාස ඝාතනය වන විට ඉන්දියාවේ සිටි ජේ.ආර්. ද දුවගෙන ආවේ යළිත් දේශපාලන තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්නටය. ප්‍රභූ පන්තිය හිතුවේ කරදරකාරයා ඉවරයි කියලාය.
දැන් ඒ කරදරකාරයාගේ පුතා සජිත් ප්‍රේමදාස රටේ විපක්ෂ නායකයාය. මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වූ විගස ඔහුට ගහන්න සන්ධානයක් හැදුණි. ඒ සන්ධානයේ ලොකුම නායකයා වූයේ රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමරා නාමල් රාජපක්ෂය. සජිත් පාර්ලිමේන්තුවේ කතා කරන්න නැගිටින හැම වෙලාවේම නාමල්ගේ මන්ත්‍රීවරු සජිත්ට පිස්සා කියා අපහාස කළහ.

සජිත්ට ගහන සන්ධානයේ ලොකුම නායකයෙක් වුණේ අනුරය. ඇමෙරිකාව විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පනවපු තහනම ගැන සජිත් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අනුර කීවේ විපක්ෂ නායකයාගේ ඔළුව පරීක්ෂා කර බලන්න ඕනෑ කියාය. අරගලය පටන්ගන්න පෙර ආර්ථික අර්බුදය විසඳන්න අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න මහ ඡන්දයක් තියන්න යැයි සජිත් කියද්දීත් අනුර කුමාර කීවේ මේ වෙලාවේ ඡන්ද ඉල්ලන්න සජිත්ට මොළේ අමාරුවක් තියෙන්න ඕනෑ කියාය. ජවිපෙ නායකයන් වූ හඳුන්නෙත්ති සහ ලාල් කාන්ත සජිත්ව හෙළා තළා කතා කරමින් රනිල්ගේ ගුණ වැයුවේ විපක්ෂ නායකකම කරන හැටි රනිල්ගෙන් ඉගෙන ගන්න කියාය.

සජිත්ට ගහන සන්ධානයේ නායකත්වය භාරගන්න රනිල්ට පාර්ලිමේන්තු එන ලෙස මහින්ද සහ නාමල් රනිල්ගේ ගෙදරටම ගොස් පිංසෙණ්ඩු වන්නේ සජිත්ව වට්ටවන එක ලෙහෙසි නැති බව තේරුම් ගෙනය. රනිල් පාර්ලිමේන්තු එන්නේ රාජපක්ෂ පවුලේ ඉල්ලීමටය. රාජපක්ෂවරු වගේම ජවිපෙත් රනිල්ගේ පාර්ලිමේන්තු ඒම මහා ජයග්‍රහණයක් ලෙස සලකන්නේ රනිල් ඇවිත් සජිත්ව නට්ටං කර සමගි ජන බලවේගය කැඩුවාම ජවිපෙ ශක්තිමත් කරගන්නටය. රාජපක්ෂ පවුල සහ පොදුජන පෙරමුණ රනිල්ට දෙන කොන්ත්‍රාත්තුවද සජිත්ව නැතිකොට සමගි ජන බලවේගය කඩන කොන්ත්‍රාත්තුවය. සජිත් ගෙදරින් බත් එක ගෙනැවිත් පාර්ලිමේන්තුවේ කෑවත් වැරැදියි, වැස්සට කුඩය නැතිව තෙමුණත් වැරැදියි කියමින් රාජපක්ෂවරුන්ගේ යූ.ඇන්.පී.යේ සහ ජවිපෙ සමාජ මාධ්‍ය ජාල සජිත්ට ගහන්න දැවැන්ත කැම්පේන් එකක් පටන් ගනියි.

මේ හැමෝම බය වෙන්නේ අරගලය වෙලාවේ ගෝඨාභය සජිත්ට අගමැති ධුරය භාරගන්න ආරාධනා කළ විටදීය. රාජපක්ෂ පවුල පැය විසිහතරේම කුමන්ත්‍රණය කරන්නේ සජිත් අගමැති වීම වළක්වා රනිල්ව අගමැති කරන්නටය. ජවිපෙද රනිල් අගමැති වීම ගැන හිත යටින් සතුටු වන්නේ රනිල් අගමැති වී සජබය කඩා ආණ්ඩුවක් හදා සජිත් නන්නත්තාර කොට දැමූ විට ජවිපෙට විපක්ෂයේ බලය අල්ලන්න පුළුවන් කියා හිතාගෙනය.

දැන් යූ.ඇන්.පී.යටයි පොදුජන පෙරමුණටයි ජවිපෙටයි ඕනා 2029 ජනාධිපතිවරණය රනිල් සහ අනුර අතර සටනක් බවට පත්කොට සජිත්ව අවුට් කරලා දමන්නටය. රනිල්ගේත් යූ.ඇන්.පී.යේත් අද පොදු හතුරා ජවිපෙ නොව සජිත්ය. ජවිපෙ හිතන්නේත් තමන්ට බලය ගන්න තියෙන ලොකුම බාධකය රනිල් නොව සජිත් කියාය. රාජපක්ෂ පවුල බලාගෙන ඉන්නේත් රනිල් සජිත්ව ඉවර කරන තෙක්ය. ඇත්ත කතාව නම් රාජපක්ෂ පවුල, ජවිපෙ, යූ.ඇන්.පී. මේ ඔක්කොම බලාගෙන ඉන්නේ රනිල් සමගි ජන බලවේගය කඩන තෙක්ය.

සජිත් ප්‍රේමදාස අද මුහුණ දෙන්නේ රණසිංහ ප්‍රේමදාස මුහුණ දුන් අභියෝගයටමය.

‘ප්‍රේමදාස නැතුව ඕන එකෙක්…’

මේ, අද ප්‍රභූ දේශපාලනයේ දේශපාලන තියරියය. ජවිපෙ ප්‍රභූ පන්තියේ නොවුණත් ජවිපෙ ප්‍රේමදාසලාට අකැමැති තමන්ගේ සටන් බිම වන නිර්ප්‍රභූ දේශපාලන බිමෙහි ප්‍රේමදාසලාටද කරක් ගහන්න පුළුවන් වී තිබෙන නිසාය.

මේ දවස්වල යූ.ඇන්.පී. යයි සමගි ජන බලවේගයයි පූට්ටු කරන්න මේ ප්‍රභූ දේශපාලන පන්තිය යමරෙට වැඩය. සජිත් – ඩලස්ලා ජී.එල්.ලා සමග එක්වී ඒකාබද්ධ විපක්ෂය හදන්නේ ප්‍රභූ දේශපාලන පන්තියේ මේ යටිකූට්ටු කුමන්ත්‍රණය පරාජය කරන්නටය.

ඩලස්ලාගේ පක්ෂයේ ප්‍රභූවරු නැත. එහි ඉන්නේ දුක් මහන්සියෙන් උගෙනගෙන නීතිඥවරු, වෛද්‍යවරු, මහාචාර්යවරු, ආර්ථික විශේෂයෙන් බවට පත්වූ දක්ෂ තරුණ කණ්ඩායමක්ය. සමගි ජන බලවේගය තුළත් රනිල්ට පූට්ටු වෙන්න අකැමැති දක්ෂ තරුණ කණ්ඩායමක් සිටී. යුද්ධය දින්න හමුදාපති සරත් ෆොන්සේකා ඉන්නේත් එතැනය. මේ විපක්ෂ සන්ධානය ලංකාවේ ලොකුම සහ දැවැන්තම විපක්ෂ සන්ධානයය. ආණ්ඩුවෙන් ප්‍රබලතම ඇමැතිවරු මන්ත්‍රීවරු 15ක් 20ක් ගැලවී හදපු විපක්ෂ සන්ධානයක් ලංකා ඉතිහාසයේ නැත. 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සහ රනිල් හදපු සන්ධානයේ හිටියේ ආණ්ඩුවෙන් ආ මැති ඇමැතිවරු 8ක් පමණි. එහෙම බලනකොට මේ විපක්ෂ සන්ධානය ලංකාවේ ලොකුම විපක්ෂ සන්ධානයය. සජිත්ට මේ විපක්ෂ සන්ධානයත් සමග ප්‍රභූ දේශපාලන පන්තියේ කුමන්ත්‍රණය පරාජය කිරීම මහ කජ්ජක් නොවේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනාධිපතිගේ අස්වැසුමේ ‘ලොස්’ තැන් සජිත් ‌පාර්ලිමේන්තුවට පෙන්වා දෙයි! ප්‍රතිලාභීන් තෝරන විදිහ වැරදියි! බිලියන 824න් 331ක්ම පරිපාලන වියදම්! මේක අස්වැසුමක් නෙමෙයි ‘ඇස් වැසුමක්’! VIDEO

Next Post

ටියුෂන් සර්ගේ කතාව බොරුවක්! හෝටලයෙන් බිමට පැන්න අවුරුදු 16 සිසුවියට අන්තිම කෝල් එක දීලා තියෙන්නේ හෝටලයට එක්කගෙන ආපු යාළුවා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.